
💎 O/L සිප් සයුර 💎
February 8, 2025 at 05:38 PM
😴නින්ද ගැන පොඩ්ඩක් කියන්න හිතුව😬🛌
(කෙටියෙන්ම කියන්නන්)
දවසට අනිවාරෙන් අඩුම පැය 5 ක් වත් අනිවාරෙන් නිදාගන්න.
ඒ ඔයා නිදාගන්න වෙලාව රෑ 10 ත් පාන්දර 4 ත් අතර වෙනව නම් ගොඩක් හොදයි.
ඒ වෙලාව පාඩම් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙ.. ඒත් ඔයා හිතන්න පුලුවන් මට රෑට පාඩම් කරන එක තමා හොඳම විදිහ කියල.. ඒත් පොඩ්ඩක් බලන්නකො ඔයා රෑට පාඩම් කරන එව්ව මතක හිටිනවද කියල, අනිත් වෙලාවල්වල කරන එව්වට වඩා..🤔
අපි පොඩි කාලෙ ඉදන් පුරුදු වෙච්ච විදිහක් තියෙනවනෙ. ඒ flow එක වෙනස් කරන්න එපා. දැන් ඔය ලොකු ළමයි හින්ද වෙන්නැතිනෙ රෑ ඇහැරන් ඉන්නෙ🌝
දවස පුරාම උදේ ඉදන් මොලේ වෙහෙසල වෙහෙසල රෑ වෙද්දි ඒකට විවේකයක් දෙන්න ඕනා.. 🙌
අන්න ඒකයි වැදගත්ම දේ🌸
පහුවදා උදේට ලොකු energy💪🏽 එකකින් වැඩ කරන්නනන් කලින් දවසේ මනසට හොද විවේකයක් දීල තියෙන්න ඕනා😌
(කියපු එකහොදට තේරුනා කියල හිතනව😐)
රෑට හොඳ (අවශ්‍ය ප්‍රමාණයෙ😅) නින්දක් දැම්මොත් තමා,,,
පහුවදා ඔයාගෙ productivity, thinking, motivation, brain performance වැඩි වෙන්නෙ❤️
#fact🙈👇🏻
🌀සාමාන්‍යයෙන් අඩුවෙන් නිදාගෙන පහුවදාට අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් ලෝක ජනගහනයෙන් 3% කට විතරයි👻
ඒ එයාලට තියෙන දුර්ලභ ජානයක් නිසා..
ඔයාලටත් ඒ ජානෙ තියෙනවනම් අවුලක් නෑ🤭
පාලිත සර් කියපු දෙයක් කියන්නම්......
💤 අපි දවල්ට/උදේට පැයක් පාඩම් කරනව කියල හිතන්නකො.. ඒකෙන් ඔයාගෙ මොළයට යමක් ධාරණය වෙනව කියල හිතන්න්කො.
අන්න ඒ කොටසම රෑ පාඩම් කරල ධාරණය කරගන්න ඔයාට පැය 2 ක් වගේ පාඩම් කරන්න වෙනව..
'එයා' රෑ වෙද්දි ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ, ගොඩක් වැඩ ගන්න බෑ ඉතින්☹️
'එයාට' rest එකක් ඕනා.
ඒක නිසා පොඩ්ඩක් ඕක ගැන හිතල බලන්න..
අඩුවෙන් නිදාගැනීම සහ පහුවදා හොඳට පාඩම් කිරීම,
කරන්න බැරි වැඩක් නෙමේ කරන්න අමාරු වැඩක්.😁
කරත් වැඩක් නෑ.....😌
දිග උනාට සමාවෙන්න🤓
👉🏻පොසී🤭❤️
❤️
👍
😂
🙏
36