💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 9, 2025 at 01:31 AM
මේ කතාව ලංකාවේ නුවර ප්‍රදේශයේ හිටපු පුංචි කොලුගැටයෙක් ගැන.🧑‍🦱🤵 මේ පිරිමි ළමයා පාසල් යන්නේ නුවර, එයාගේ ආච්චි අම්මගේ ගෙදර ඉදන්.👩‍👦 ඉතින් ඒ කාලේ වැඩිය සල්ලිත් නැතුව ඇතිනේ. ඒකත් එක්ක මේ ළමයට ආස හිතිලා තියෙනවා පුංචි business එකක් පටන්ගන්න.🙂🙂😃😃 එයා පටන් අරන් තියෙන වැඩේ තමා මිරිස් කුඩු ගොටු හදන් ගිහිල්ල විකුණන එක.🤗🤗 ඉතින් ස්කෝලේ යන දවස් ටිකේ හවසට මිරිස් වේලලා, කුඩු කරලා ගොටු වගේ හදලා තියාගන්නවා. මෙයා මේවා විකුනන්න යන්නේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ.😇😇 මේ ළමයා ස්කෝලේ යන්නැති දවස් දෙකේ උදේට පාන්දරින්ම නැගිටලා අර මිරිස් කුඩු විකුනන්න යනවලු.😃😃🤑 ඔහොම ගිහිල්ල කෝමහරි අර මිරිස් ඔක්කොම විකුණගෙන තමා ආපහු ගෙදර එන්නේ.😎😎 ඉතින් ටික කාලයක් ඔහොම කරගෙන යනවා. සාමාන්‍ය විදියට තමා.😺😺 හැබැයි එක දවසක්....🙀🙀 මෙයා මිරිස් කුඩු විකුනන්න ගෙදරකට යනවා. යන්නෙත් උදේට පාන්දරම. ගිහිල්ල මෙයා ඒ ගෙදර gate එකට තට්ටු කරනවා කරනවා. ඒත් කවුරුත් එන්නේ නැහැ. ඒත් මෙයා වැඩේනම් අත්හරින්නේ නැහැ.👊👍 කෝමහරි ටික වෙලාවකින් එක lady කෙනෙක් එලියට ඇවිල්ලා gate එක අරිනවා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් එයාගේ customers ලට කියන ටික කියලා අර lady ගෙන් අහනවා ගන්නවද කියලා.🤗🤗😊 එයත් නිකම් ගන්න වගේ එක මිරිස් ගොටුවක් ඇරලා බලලා ලගට එන්න කියනවා. මේ පිරිමි ළමයටත් හිතුනේ මිරිස් ගොටුවක් විකුන්නන්න පුළුවන් කියලා. ඉතින් මෙයත් ගියා.😶😶 ලගට ආපු ගමන් අර lady අර මිරිස් ගොටුවේ තිබිච්ච මිරිස් කුඩු ටික අර ළමයාගේ ඇහැට ගැහුවා. ගහල උදේ පාන්දර මොන මලවදයක්ද කියලා බැන බැන ගෙට ගියා.🤬😡😡 මිරිස් යන්තම් ඇහැට ගෑවුනත් කොච්චර අමාරුද කියලා හැමෝම දන්නවනේ. ඉතින් මිරිස් කුඩු ගොඩාක් වැදුනම 🤷‍♀️😖 කෝමහරි මේ ළමයට උදේ 10 11 විතර වෙනකම් ඇස් හෝදන්න වෙලා තියෙනවා එක දිගට චුට්ටක් හරි ඇසේ දැවිල්ල අඩු කරගන්න.🥵😣 යන්තම් ඇස් ඇරගන්න පුළුවන් වෙනකම් ඉදල ආයෙත් මෙයා ආයෙත් අර ගෙදර ඉස්සරහට එනවා. ඇවිත් එයා ඒ ගෙදර දිහා ටික වෙලාවක් බලන් ඉන්නවා. ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉදල එයා හිතනවා මන් කවදාහරි මේ ගෙදර සල්ලි වලට ගන්නවා කියලා.👑😎 ඊටපස්සෙත් එයා මිරිස් කුඩු විකුනනවා හැබැයි අර ගෙදරට දෙන්න යන්නේ නැහැ. ඒකත් එක්කම එයා හැමදාම ඒ ගෙදර දිහා බලාගෙන ඉන්නවා. හරියට තමන්ගේ ගෙ දිහා තමන් බලන් ඉන්නවා වගේ.🏠🏠 එයා රෑටත් අර ගෙදරම හීන මව මව තමයි නිදාගන්නේ.✌️✌️ දන්නවද අද එයාට ඒ ගෙදර විතරක් නෙමෙයි තව ගෙවල් ගොඩාක් තියෙනවා. අද එයා ලංකාවෙන් කුළුබඩු පිටරට යවන අංක එකේ සමාගමක අයිතිකාරයෙක්.🤑🤑🤓 මේ  කතාව මම දැනගත්තේ අපේ තිස්ස ජනනායක සර්ගෙ ඉලක්කයට යන විදිහ ගැන තියෙන වීඩියෝ එකෙන්.🎖️🏆 ඉතින් ඔයාලට මේ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.😎🤝 Good luck.👍🤗 ✨️Mis Dreamer✨️ *https://whatsapp.com/channel/0029Vac1eq63gvWRKESsp43x* 👩‍🎓🎓🧑‍🎓 *_ඔයාගෙ අධ්‍යාපන චාරිකාවට අපෙන් අත්වැලක්..._* 🧑‍🎓🎓👩‍🎓 💎 *O/L සිප් සයුර*💎
❤️ 👍 😂 🙏 60

Comments