💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 10, 2025 at 02:52 PM
අවසන් ජයාරූපය.......🥺👩‍🎓📷♥️ සරසවියෙ දවසක් එනවා අපි හැමෝටම අවසාන පාරට චායාරූපයක් ගන්න වෙන. පලමු වසරෙ පලවෙනියටම ගත්ත badge photo  ගද්දි තිබ්බ ඒ  නැවුම් ගතිය වෙනුවට මොකක්දෝ අමුතු  හැඟීම් වලින් අපි දන්න උන් එක්ක එකම frame එකක අවසාන පාරට  ඉන්න වෙන දවසක් එනවා. . " අඩෝ මූව උඩ දාමු ..." " වරෙල්ලා ....! කෝ දැන් අරූ...." රූම් එකේ සෙට් එකත් එක්ක කරන එක එක කෝලම්, අපි යාළුවො විතරයි කියපු උන්ගෙ යාළු photo, අම්බෝ බලන්න එපැයි කපල් photo  ගහද්දි කට්ටිය දෙන ආතල් එක. තියන කෝට්, ටයි එක දෙකෙන් හැමෝම ලස්සනට photo ගහගන්නකන් බලන් ඉන්න තැන ඉඳන්ම තියෙන්නෙ හරි ලස්සන සහෝදරකම්. අදින් පස්සෙ අපි ආයෙම හම්බෙන්නෙ නෑ කියල දැනගෙන දවසක සෙට් වෙමු බන් කියල මොකක්ද බරක් හිතේ පුරෝගෙන අපිට කියන්න වෙනවා.  තව අවුරුදු ගානකට පස්සෙ අපි මේ ලෝකෙ එක එක තැන්වල අපිටම උරුම උන මාවත් වල විසිරිලා ගියත්  අපි කරපු පිස්සු වැඩ , අතඇරුණු මඟඇරුණු තැන් , දැනුනු සඟවපු තැන් , ආදරය කරපු හිනහුන අඬපු තැන් සේරම ලස්සන මතකයක් වෙලා ඇස් වලට කඳුලකුත් මූණට හිනාවකුත් අරන් ඒවි. ඉතින් අවුරුදු ගානකට පස්සෙත් මේ ගන්න අවසානම photo එක දැකල අපිට  හිතෙයි අපි ජීවිතේ කාලයක් කොච්චර සතුටින් නිදහසේ හිටියද කියල....... යෝශි✍️®
❤️ 😢 👍 😂 🙏 79

Comments