💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 11, 2025 at 08:38 AM
*✨ Aesthetic short note ✨* *📍සොකරි📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > කමත රංග භූමිය විය. > සියලුම චරිත පිරිමි අය විසින් රඟදැක්වීය. > කණ්ඩායමේ නායකයා කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන විට නළුවන් එය අනුකරණාත්මකව රඟ දක්වති. > සශ්‍රීකත්වය පිළිබිඹුවේ. > කතරගම පත්තිනි යන දේව ඇදහීම් හා සම්බන්ධ වෙයි. _🏷️ සංගීතමය ලක්ෂණ_ > පටු ස්වර පරාසය > උඩරට ශාන්ති කර්ම ගීත නාද රටා මුසුවී ඇත. > ගද්‍ය සංවාද මෙන්ම පද්‍ය අනුරූප ගායනා. > ඒකාකාරී තනු. > හොරණෑව තාලම්පට ගැට බෙරය යොදා ගනී. *📍 කෝලම්📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > වෙස් මුහුණු පැළඳ රඟ දක්වයි. > දකුණු පළාත්වල ප්‍රචලිතය. > නළුවන් සූදානම් වන ස්ථානය = නේපත්‍යාගාරය > නළුවන් රඟමඩලට පිවිසෙන ස්ථානය = වෙස්සත්ත > රඟ දක්වන ස්ථානය = තානායම්පොළ > සෑම චරිතයක්ම හාස්‍යයකට ලක්වේ > ප්‍රධාන චරිතය සබේ විදානේ වේ. > පිරිමින් විසින් ගැහැණු චරිත රඟපායි. _🔖 සංගීතමය ලක්ෂණ_ > ඉතා සරලය > පහතරට ශාන්ති කර්මවල නාද මාලාවට සමානය. > ඒකීය නාද රටා > ස්වර ක්ෂේත්‍රය පටුවීම > දෙබස් ගීතවත්ව ඇත. > බෙරයේ හඬ ශ්‍රුතිය ලෙස යොදා ගනී. *📍 නාඩගම්📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > එළිමහනේ රඟ දක්වයි > රඟ දැක්වෙන ස්ථානයක් කරලිය වේ > චරිත හඳුන්වා දෙන්නේ පොතේ ගුරු විසිනි > ගැහැණු චරිත පිරිමින් රඟ දක්වයි. > දකුණු ඉන්දියානු ආභාසයක් සහිත තෙරක්කුත්තු නම් ඉන්දියානු විදි නාට්‍ය ගීත වල ආභාසය ඇත. > අරගෙන ආයෙදුනම් කරුණාටක සංගීතවේදියා ලංකාවට රැගෙන ආවේය. > පිළිපුසින්නෝ විසින් ව්‍යාප්ත කර ඇත. > පිළිකුසින්යෝගේ ප්‍රථම සිංහල නාඩගම හැලේපොළ නාඩගමයි. > පසු කලෙක චාල්සිල්වා ගුරුන්නාන්සේ විසින් විදුල වෙස්සන්තර දික්තලා කාලකෝල නාඩගම් නිෂ්පාදනය කර ඇත. > එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් පැරණි නාඩගම් අනුසාරයෙන් මනමේ සිංහබාහු නාට්‍ය නිෂ්පාදනය කර ඇත. _🔖 සංගීතමයි ලක්ෂණ_ > කරුණාටක සංගීතය ඇසුරු කර ඇත. > ප්‍රධාන තාල වාදය භාණ්ඩය මද්දලය වන අතර සර්පිනා බට නලා වයලින් යොදා ගෙන ඇත. > දෙබස් ගීත ස්වරයෙන් කියයි. > ගමන්තාල සඳහා චාපු කීර්ති නම් පසන්න පාට වැනි තාල භාවිතා කර ඇත. > උරුට්ටුව නම් සුවිශේෂ ගායන අංගයක් ඇත. > බොහෝ විට උස් හඬින් ගයයි. > ඉන්නිසිය , සින්දු , උරුට්ටුව , තෝඩායම යන සුවිශේෂී ගීත කොටස් ඇත. > අලගණායිදු සංගීතඥයා තනු සපයා ඇත. *📍 නූර්ති📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > 1980 දී මෙරටට පැමිණි බලිවාලා නාට්‍ය සමාගමේ බලපෑම මත සී දොන් බස්‌තියන් මහතා විසින් ප්‍රථම සිංහල නූර්තිය වන "රොලීනා" හෙවත් දිව්‍ය කුසුම නිෂ්පාදනය කර ඇත. > පසුකාලීනව නීතියන ජෝන් ද සිල්වා මහතා නූතන නිෂ්පාදනය කළේය. (ප්‍රථම නූර්තිය පරාභව) (සිරි සඟ බෝ , දස්කොන් , ශ්‍රී වික්‍රම , දුටුගැමුණු ,රාමායනය) > නීතිඥ චාල්ස් ඩයස් මහතාගේ නූර්ති ලෙස ඔතෙලෝ , කුස ජාතකය , විදුර , පද්මාවතී දැක්විය හැක. _🔖 සංගීතමය ලක්ෂණ_ > හින්දුස්ථානී රාගධාරී සංගීත ආභාෂය ඇත. > ප්‍රධාන තාලවාධි භාණ්ඩයේ තබ්ලාවයි. ස්වරවාද්‍ය භාණ්ඩයේ සර්පිනාවයි . අමතරව වයලීනය ,බට නලාව > කාෆි, බහිරවී ආදීරාග > විශ්වනාත් ලෞජී , ජටා ශංකර් , අමීර් ඛාන්, අබ්දුම් සතා වැනි ඉන්දීය සංගීතඥයින් තනු සපයා ඇත. 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ Created by, Admin Saranya ✨
❤️ 👍 14

Comments