💎 O/L සිප් සයුර 💎
February 12, 2025 at 03:48 AM
🌟 *Exam points කිහිපයක්*
✴️ *ගිණුම්කරණ සමීකරණය* ✴️
*ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි ගනුවෙනු වල සිදුවන ද්විත්ව බලපෑම සටහන් කිරීමට යොදා ගන්නා සමීකරණය ගිණුම්කරණ සමීකරණය වේ*
🔴 *වත්කම් = හිමිකම්(ප්‍රාග්ධනය) + වගකීම්*🔴
🟥 *ගිණුම්කරණ සමීකරණයෙ සංරචක*
1️⃣ වත්කම්
2️⃣ වගකීම්
3️⃣ හිමිකම්
🟥 *හිමිකම වෙනස් වන අවස්ථා*
⏺️ අමතර ප්‍රාග්ධනය යෙදවීම
⏺️ ගැනිලි
⏺️ ආදායම්
⏺️ වියදම්
☑️ *අමතර ප්‍රාග්ධනය මුදලින් යෙදූ විට*
:-) වත්කම් (මුදල්) වැඩි වේ
:-) හිමිකම් (ප්‍රාග්ධනය) වැඩි වේ
☑️ *ගැනිලි*
ව්‍යාපාරයේ හිමිකරු ව්‍යාපාරය සතු මුදල්, භාණ්ඩ තොග හෝ වෙනත් වත්කම් තම පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීම ගැනිලි වේ
:-) වත්කම් අඩු වේ
:-) හිමිකම් අඩු වේ
☑️ *ආදායම්*
අත්පිට විකුණුම්, ණයට විකුණුම්, කොමිස් ලැබීම්, පොලී ලැබීම්, ආයෝජන ආදායම් යනාදිය ආදායම් වේ
:-) වත්කම් වැඩි වේ
:-) හිමිකම් (ප්‍රාග්ධනය) වැඩි වේ
☑️ *වියදම්*
ගිණුම්කරණ කාලච්ඡේදය තුළදී ආදායම බිහිකරලීමට දායක වූ වියදම් වන වැටුප් ගෙවීම් රක්ෂණ ගාස්තු ප්‍රචාරණ වියදම් ගොඩනැගිලි කුලී වියදම් වේ
:-) වත්කම් අඩු වේ
:-) හිමිකම් (ප්‍රාග්ධනය ) අඩු වේ
|උපුටා ගැනීමකි.
❤️
👍
😢
5