MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
February 3, 2025 at 09:39 AM
Ikigai හෙමීට හෙමීට Ikigai පොත කියවලා ඉවර කලා.ජීවිතේට වටින ගොඩාක් දේවල් ඉගන ගත්තා. කියවන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට වැදගත් වෙයි කියල මෙහෙම ලියන්න හිතුවා.. Ikigai පොත ලියල තියෙන්නෙ කතුවරුන් දෙන්නෙක් - Hector Garcia and Francesc Miralles . සතුටෙන් සැහැල්ලුවෙන් අවුරුදු සීයක් විතර ඵලදායි ජීවිතයක් ජීවිතයක් ගතකරන්නෙ කොහොමද , තම තමන්ගෙ ඉකිගායි එක හොයාගන්නෙ කොහොමද කියන එක තමා පොතේ මූලික හරය වෙන්නෙ.. ඒ වගේම යම් කාර්‍යයක් මොළයේ උපරිම ඒකාත්මිකතාවයකින් එහෙම නැත්තම් Flow state එකෙන් කරගෙන යන්නෙ කොහොමද කියන එකත් පොතේ සඳහන්.. Ikigai කියන වචනයේ තේරුම වන්නෙ "Reason for Being " .-ජීවත්වීමට හේතුව /පැවතීමට හේතුව කියන එක .. ඒක කොටස් හතරක් එකට එකතු උන තැනදි තමා හැදෙන්නෙ - 1-ඔයා ආදරය කරන දේ - (What you love-Passion ) , 2.ඔයාගෙ දක්ශතා/හැකියා (What you are good at -Vocation ) 3.ලෝකයට අවශ්‍ය දේ (What the world needs -Mission ) 4.ඔබට ගෙවීමක් ලැබෙන දේ (What you can be paid for - Profession ) මේ කතුවරුන් දෙන්නා ජපානයේ ඔකිනාවා හා ඔගිමි කියන ගමේ අවුරුදු 100කට වඩා ජීවත් උන සිය දෙනෙකුට වඩා Interview කරලා එයාලා එච්චර කල් කොහොමද ජීවත් උනේ කියල පරීක්ෂණයක් කරල ඒ දත්ත වලින් තමා මේ පොත ලියල තියෙන්නෙ .. 👉පොතේ සඳහන් විදිහට වසර 100ක් ආයු වළදපු අය ( Super centurions ) හැමෝම වගේ තමන්ගේම එළවලු වගාවක් කරල තියනවා .. ඒ එළවලු තමා ආහාරයට අරගෙන තියෙන්නෙ . වස විස නැතුව !! 👉ඒ වගේම අනිවාර්යයෙන්ම දවසට විනාඩි 30 ක් ඇවිදලා තියනවා .. 👉ඒ වගේම ගොඩාක්ම ඇඹුල් පළතුරක් වෙන Shikuwasa කියන පැළතුරත් green tea , shushi ,Jasmine tea පානය කරලා තියනවා..ඒවා Antiaging effects තියන Anti oxidants ගොඩාක් අඩංගු දේවල් .. 👉ඒවාගෙන් ඔවුන් වයසට යාම අඩු වෙලා තියනවා .. 👉ඒ වගේම එයාල ජීවිතේ පොඩිම පොඩි දේත් මිතුරන් එක්ක නිතර සමරලා තියනවා..නිතරම සතුටෙන් තමා ඉන්නෙ . 👉ඒ වගේම එයාල කොච්ච්ර වයසට ගියත් කවදාවත් විශ්‍රාම අරගෙන නෑ.. එයාල ආස දේ එයාලගෙ Ikigai එක දිගටම කරගෙන ගිහින් තියනවා ..අවුරුදු 100ක් උනත් වාහන පදවනවා ,උයනවා , චිත්‍ර අඳිනවා , නටනවා 💙💙. 😇ගෙවී ගිය අතීතය ගැන දුක්වෙන්නෙ නැතුව, කොහොම පැමිණේද කියල දන්නෙ නැති අවිනිශ්චිත අනාගතය ගැන වික්ෂිප්ත වෙන්නෙ නැතුව වර්තමාන මොහොත විඳගන්නේ කොහොමද කියලත් පොතේ පුන පුනා කියලා දෙනවා - Living in the Moment -Here now 💙💙 ඉතින් මම හිතනවා හැමකෙනෙක්ම පුලුවන් නම් පොත කියෙව්වොත් වටීවි කියලා.. ඉගන ගන්න අයට , රැකියා කරන අයට , හැමෝටම වටින පොතක් .. ජීවිතේ හැඩගස්සා ගන්න සංකල්ප පිරිලා තියනවා පොත පුරාම ..😇🩵 මට පොත කියවලා ඉවර උනාම ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනුනා .. පොතේ සඳහන් දේවල් කීපයක් කරන්න පටන් ගත්තා .. විශේෂයෙන්ම මේ මොහොත තුල ජීවත් වෙන්න පටන් ගත්තා.. 😇 ඒ වගේම මගේ Ikigai එක මගේ රැකියාවේ වගේම පොත් කියවීමෙදි , පොත් ගැන ලිවීමෙදි , හොඳින් පාඩම් කිරීමෙදි රැඳී තිබෙන බව හොයා ගත්තා .. ඉතින් පුලුවන් අය කියවලා බලන්න .. Ikigai -පිටු 185 සියපත්සිතුවිලි
❤️ 👍 43

Comments