
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 8, 2025 at 12:05 PM
📚📚කඩවර
📚📚කම්බිලි
💥ලොකු ආදර්ශයක් සමාජයට දෙන කෘතීන් දෙකක්.
අපි අතර මනුස්ස වේශයෙන් කඩවරල ඕන තරම් ඉන්නව.එහෙම පිරිමි,ආදරය නමින් ගැහැණුන්ගෙ ජීවිත වලට රිංගල ඒව හප කරල විනාශ කරල උන්ගෙ අවශ්‍යතාව ඉෂ්ට කරගෙන යන්න යනව. තනිකරම රැවටීම.
💥පරම්පරා දෙකක එකම අරමුණක් වෙනුවෙන් ජීවත් වුන ,සසර පතා ආ දෙආකාරයක සහකාරියන් සමඟින් දිවි ගෙවූ පිය පුත් කතා වස්තූන් දෙකක්.
💥පිරිමි ,ඉපදුනා,හැදුන ,වැඩුන,රජ වුනා ,බුදුවුනා.ගෑනු අඬ අඬා හැමදේම දරා ගත්ත නිසා.
💥පරම්පරාව ඉදිරියට ගෙන යෑමේ අරමුණින් ,කඩවරට ,සසර පතා ආ බිරින්දෑ ව ලබා ගන්න ඇගේ මුළු සනුහරේම විනාශ කරන්න සිද්ද වුනා.වෛරයෙන් ම,ජීවත් වී ජීවිතය අල්ල ගන්නවත් අත හරින්නවත් බැරි කොට ඈ අන්තිම මොහොත දක්වා සටන් කොට කම්බිලිව මෙලොවට ඉපැද්දුව.
💥මව් මරා උපන් කම්බිලි ට අහිංසක කීකරැ බිරිඳක් ලැබුන.දරැ මල්ලො පිරිවරාගෙන කම්බිලි සමග කැමැත්තෙන්ම දීග ආව. ඇගේ බඩ පලල එලියට ගත්ත දරැ පැටියව තුරැලු කරන් රැධිරය ගලන සිරැර උඩින් කම්බිලි පැනල ගියා.ඇය මරැ තුරැලට යැව්වෙත් ඒ දරැවාගේ මෙලොව ඉපැදීමයි.
💥ගැහැණු දෙන්නෙක්ට පරම්පරා දෙකකදි එකම ඉරණම.කම්බිලිල ,කඩවරල ,ගෑනු ගත්තෙ රති කෙලියට විතරයි.
බිරිඳක් ගත්තෙ දරැවෙක් හදා ගන්න විතරයි.
💔එසේ හැසිරෙන කඩවර,කම්බිලි ගනයේ පිරිමින් ගැහැණුන් හට හමු නොවේවා.
Oder now 078 444 3223
❤️
😢
👍
8