Madura Amarasinghe
Madura Amarasinghe
January 19, 2025 at 03:58 PM
අද වෙද්දි මේ අවුරුද්දේ දින 19ක් ගත වෙලා ඉවරයි. මේ අවුරුද්දේ ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ plan කරපු දේවල් තාමත් කරගන්න බැරි වුණා නම් ඒ දේවල් ටික පටන් ගන්න පොඩි tip එකක් share කරන්න තමයි සුදානම් වෙන්නේ. Cleanse and Clean Your Environment Step 01: ඔබ ජීවත් වෙන අවකාශයේ ඇති අනවශ්‍ය දේවල් සියලුම දේවල් ඉවත් කිරීම ඒ සඳහා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ ඔබ වැඩ කරන තැන, නිවස නැතිනම් living space එක cleanse කරන එක. මෙහිදී - ඔබ තවදුරටත් භාවිතා නොකරන උපකරණ - ඔබ අදින්නේ නැති ඇඳුම් - කැඩුණු බිදුණු දේවල් - පරණ බිල්, පත්තර - අනවශ්‍ය ලිපිගොනු - කැඩුණු සපත්තු - දරුවන් ඉන්නවා නම් ඔවුන් කුඩා කල භාවිතා කරපු සෙල්ලම් බඩු වගේ ඔබට අනවශ්‍ය හැම දෙයක්ම ඔබ ජීවත් වන පරිසරය තුලින් ඉවත් කරන්න. මේවා අයින් කරන්න ඔබට option 3ක් භාවිතා කරන්න පුලුවන්. 01. භාවිතයට සුදුසු දේවල් ඒවා අවශ්‍ය කෙනෙකුට donate කරන්න පුලුවන් 02. හොඳ තත්වයේ තිබෙන දේවල් අලවි කරන්න පූලුවන් 03. අනෙකුත් දේවල් ටික නිසිලෙස අපද්‍රව්‍ය ලෙස බැහැර කරන්න පුලුවන් Step 02 : ඔබේ අවකාශය පිරිසිඳු කර ගැනීම මෙහිදී අවකාශය පිරිසිදු කර ගැනීම වගේම එය ලස්සන කර ගැනීමත් සිදු කරන්න පුලුවන්. මේ පියවර දෙක අවසන් කිරීමෙන් පසුව ඔබට වැඩ කරන්න හිතෙන positive environment එකක් ඔබ වටා නිර්මාණය කර ගන්න පුලුවන්. ඒ වගේම පිරිසිඳු වටපිටාවක් තුලින් - ඔබේ නිර්මාණශීලීත්වය වැඩි වීම - මානසික තත්වය ඉහල යෑම - ඔබේ පුද්ගල සම්බන්ධතාවල තත්වය ඉහල යෑම - ඔයාගේ mood එක improve වීම. - වැඩ කරන්න හිතෙන මානසිකත්වයක් නිර්මාණය වීම ඉතින් මේ අවුරුද්දේ ඔබ සැලසුම් කරපු වැඩ කටයුතු ටික තාම පටන් ගත්තේ නැතිනම් හෙට ඉදන් සතිය තුල ඔබ ඉන්න අවකාශය පිරිසිදු කරමින් එය ප්‍රසන්න පරිසරයක් කර ගන්න ඔබේ කාලය සහ ශ්‍රමය වැය කරන්න. එහෙනම් ජයවේවා! මධුර අමරසිංහ මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න. https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T
❤️ 👍 🥺 47

Comments