Madura Amarasinghe WhatsApp Channel

Madura Amarasinghe

7.7K subscribers

About Madura Amarasinghe

Entrepreneurship | Inspiration | Knowledge

Similar Channels

Swipe to see more

Posts

Madura Amarasinghe
Madura Amarasinghe
2/18/2025, 4:27:24 PM

2 Mins Before Sleep දවස අවසානයේ අපිට සතුටින් නින්දට යන්න පුලුවන් වීම කියලා කියන්නේ අපි එතරම් notice නොකරත් මිනිහෙකුට තියෙන luxury එකක්. ඒ සඳහා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව ඔබට කරන්න පුලුවන් දෙයක් තමයි හැකි අයුරින් ඔබව වටා ඉන්නා පුද්ගලයින්ව දිරිමත් කරන එක. ඔබ වටා ඉන්නා කෙනෙකු පොඩ්ඩක් මනසින් පහලට වැටිලා ඉන්නා විට ගිහින් ඔහුව දිරිමත් කරන්න. ඔහුගේ මානසික මට්ටම improve වෙන්න කතා කරන්න. ඔබ නොදන්නා කෙනෙක් වුණත් වචනයකින්, ඔබේ body language එකෙන් ඔහුව දිරිමත් කරන්න. අනිත් අයව දිරිමත් කරන මිනිසුන් ඉන්නා සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් නම් ඒ සමාජයේ සාර්ථකත්වය සඳහා තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ වගේම වෙන කෙනෙකුව දිරිමත් කිරීම ඔබටත් අනිත් පැත්තට වෙස් වලාගත් ආශීර්වාදයක් වෙනවා. ඒ නිසා පුලුවන් හැම විටම අනිත් අයව පහලට ඇද දැමීම වෙනුවට දිරිමත් කරන්න. දවස අවසානයේ සතුටින් නින්දට යන්න. සුබ රාත්‍රියක්! මධුර අමරසිංහ

Post image
❤️ 🙏 ♥️ 💯 😂 🫂 66
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/19/2025, 2:29:21 PM

ඔබ වෙනුවෙන් සාර්ථක වෙන්න ❤️

Post image
❤️ 👍 🥰 💙 🙋‍♀️ 🩵 110
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/22/2025, 4:35:53 AM

Stay Focused 💯🔥

Post image
❤️ 👍 64
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/17/2025, 1:13:24 PM

ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් ඔවුන් - ඔබ ඔවුන් වෙනුවෙන් day care center එකට කොතරම් වියදම් කරනවාද? - ඔබ ඔවුන්ට ලබා දෙන ඇඳුම් වල මිල සහ සන්නාම - ඔවුන්ව ජනප්‍රිය පාසලකට ඇතුලත් කරන්න කොතරම් මුදලක් වියදම් කරනවාද? - ඔබ ඔවුන්ව රැගෙන යන වාහනයේ මිල කීයද? ආදී දේවල් ගැන තමන්ගේ අවධානය ලබා දෙන්නේ නැහැ. නමුත් ඔවුන් අවධානය ලබා දෙන්නේ - ඔවුන් අඩන විට ඔවුන්ව සනසවන්නේ කවුද? - ඔවුන් සමග සෙල්ලම් කරන්නේ කවුද? - ඔවුන්ව පෙරපාසලෙන්, පාසලෙන් pick කරන්න පැමිණෙන්නේ කවුද? - ඔවුන් ක්‍රීඩා කරන තරඟ නැරඹීමට පැමිණ ඔවුන්ව දිරිමත් කරන්නේ කවුද? - ඔවුන් perform කරන concert එකක් නැරඹීමට පැමිණ ආඩම්බරයෙන් අත්පොලසන් දෙන්නේ කවුද? ආදී දේ ගැනයි. සරලවම කියනවා නම් දරවන් වැඩි වටිනාකමකින් අගය කරන්නේ ඔබ ඔවුන් වෙනුවෙන් වියදම් කරන මුදලට වඩා ඔබ ඔවුන් සමග ගත කරන කාලයටයි. ඒ නිසා දරුවන් වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න මුදල් ඉපයීම වෙනුවෙන් අධික ලෙස රැකියාව සහ ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසීම නිසාම ඔබට ඔවුන් සමග ගත කරන්න තියෙන කෙටි, සුන්දර කාලය මග හැර ගන්න එපා. හැම විටම රැකියාව, ව්‍යාපාරය හා දරුවන් වෙනුවෙන් සමබරව ඔබේ කාලය කලමණාකරණය කර ගන්න.❤️ මධුර අමරසිංහ

Post image
❤️ 👍 🙏 37
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/18/2025, 6:40:20 AM

Stay Strong. You've got this. 🔥❤️💪

Post image
❤️ ♥️ 🐦‍🔥 👍 💙 💜 💯 😢 73
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/19/2025, 3:39:10 AM

ඔබේ ජීවිතය හරි මාර්ගයට ගන්න දැන් තමයි හොඳම වෙලාව. 💪🔥💯

Post image
❤️ 👍 🌹 💯 🙏 🥰 76
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/22/2025, 12:47:41 PM

ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි commercial value එක්ක තියෙන skills කියන්නේ මොනවාද කියන එක. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. සරලවම commercial value එකක් තියෙන skill එකක් කියන්නේ ඔබට මුදල් උපයන්න පුලුවන් skills. මම දකින විදිහට මේ skills කොටස් දෙකකට බෙදන්න පුලුවන්. 01. Direct Skills - ඔබට කෙලින්ම මේ වර්ගයේ skill එකක් develop කරගෙන මුදල් උපයන්න පුලුවන්. උදාහරණ විදිහට මේ skills ලිස්ට් එක බලන්න. 1. Creative & Media *Photo Editing *Video Editing *Graphic Design *Copywriting *Content Writing *Social Media Management *Animation & Motion Graphics *UI/UX Design *Website Development *Podcast Editing 2. Technical & Digital *Programming & Software Development *App Development *Data Analysis *SEO (Search Engine Optimization) *Digital Marketing *Cybersecurity *E-commerce Management *AI & Machine Learning *Chatbot Development *Business & Consulting 3. Freelance Consulting (Finance, Marketing, HR, etc.) *Sales & Lead Generation *Market Research *Online Tutoring & Coaching *Business Writing & Proposal Writing *Resume Writing & Career Coaching 4. Translation & Transcription *Virtual Assistance *Voice-over Work *Dropshipping & Print-on-Demand *Event Planning 02 - Indirect Skills : මේ skills develop කර ගැනීමෙන් ඔබට එය භාවිතා කරලා කෙලින්ම මුදල් උපයන්න අමාරුයි. ඒත් ඒ තුලින් ඔබ දැන් කරගෙන යන රැකියාව, ව්‍යාපාරයට improve කරගෙන ආදායම් වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ presentation skills වැඩි කර ගත්විට ඒක ඔබේ ඊලඟ promotion එකට consider කරන ඔබේ strength එකක්. මේ තියෙන්නේ ඔබට ඒ විදිහට develop කරගන්න පුලුවන් skills list එකක්. 1. Professional & Workplace Skills *Presentation & Public Speaking *Negotiation Skills *Leadership & Team Management *Time Management & Productivity *Critical Thinking & Problem-Solving *Emotional Intelligence *Conflict Resolution *Financial Literacy *Marketing & Branding 2.Personal Branding 3.Networking Skills 4.Storytelling for Business 5.Persuasive Writing 6.Social Media Influence 7.Technology & Digital Adaptability 8.AI Utilization (ChatGPT, Midjourney, etc.) 9.Microsoft Excel & Data Visualization 10.CRM & ERP Systems 11.Entrepreneurial & Business Strategy 12.Business Development 13.Financial Planning 14.Strategic Thinking 15.Risk Management ඉතින් commercial value එකක් තියෙන skills ගැන දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලඟා කර ගන්න අවශ්‍ය skills ටික තෝර ගෙන ඒවා develop කරගන්න අද ඉදන්ම පටන් ගන්න එක. ඒ වගේම තව කෙනෙකුව empower කරන්න ඔබට මේ post එක share කරන්නත් පුලුවන්. එහෙනම් Happy Learning 📖️🔥❤️ මධුර අමරසිංහ මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න. https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T

Post image
❤️ 👍 💪 🖤 🙏 47
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/22/2025, 9:27:07 AM

මේ අවුරුද්දේ ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ අලුතින් ඉගෙනd ගන්න පටන් ගත්ත skills, academic qualifications, professional qualifications, vocational trainings මොනවාද? එහෙම නැතිනම් මේ weekend එකේ ටික වෙලාවක් අරගෙන ඔබේ 2025 වසරේ educational goals ටික හරියට set කර ගන්න. ඊට පස්සේ action plan එකක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. Educational Goals > Plan > Action අද හවසට අපි framework එකක් share කරන්න බලාපොරොත්තු වෙනවා Commercial Value එක්ක තියෙන skill & knowledge develop කර ගන්නේ කොහොමද කියලා. ඒකටත් සූදානම් වෙන්න.මේ වගේ වැදගත් දැනුම ඔබත් එක්ක share කරන අපේ whats app channel එකත් follow කරලා තියා ගන්න. https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T Happy Learning!📖️🔥 මධුර අමරසිංහ

Post image
❤️ 👍 😂 33
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/20/2025, 5:15:06 PM

2 Mins Before Sleep "Treat Yourself" 2024 වසර තුල මූල්‍යමය අංශයෙන් මම පෞද්ගලිකව සෑහෙන්න ප්‍රගතියක් ලබපු අවුරුද්දක්. ඒ ප්‍රගතිය ලබන්න Youtube Videos, Podcasts සෑහෙන්න හේතුවක් වුණා. ඒ ලබපු සාර්ථකත්වය වෙනුවෙන් මම, මම වෙනුවෙන් Sony CH 520 headphone එකක් මිලට ගත්තා. මේ තුලින් මට දැන් තවත් ගුණාත්මක විදිහට Youtube Videos, Podcasts සහ Youtube Music වලට ඇහුම් කන් දෙන්න පුලුවන්. ඒ වගේම මේ අවුරුද්ද තුලත් මගේ මූල්‍ය තත්වය වර්ධනය කර ගන්න උද්‍යෝගීමත්ව වැඩ කරන්නත් මේ තුලින් පොඩි boost එකක් ලැබුණා. ඉතින් ඔබත් ඔබ ලබන හැම achivement එකක් වෙනුවෙන්ම ඔබට තෑග්ගක් ලබා දෙන්න උත්සාහ කරන්න. - ඔබ කැමති කෑමක් කන එක - Movie එකක් බලන එක - ඇදුමක් මිලට ගන්න එක - Tech Device එකක් මිලට ගන්න එක - Gym membership එකක් මිලට ගන්න එක වගේ ඕනෑම දෙයකින් ඔබ ලබපු සාර්ථකත්වය වෙනුවෙන් ඔබටම treat කර ගන්න. ඒක ඔබට continuous momentum එක තියාගෙන ඔබේ ඉලක්ක වෙත ගමන් කරන්න උදව්වක්. එහෙනම් Treat Yourself for your achievements. සුබ රාත්‍රියක්! මධුර අමරසිංහ

Post image
❤️ ♥️ 🇳🇱 🩵 66
Image
Madura Amarasinghe
Madura Amarasinghe
2/17/2025, 1:24:27 PM
Post image
❤️ 👍 30
Image
Link copied to clipboard!