Madura Amarasinghe
Madura Amarasinghe
January 21, 2025 at 03:55 PM
Finance Expresso Routine ගොඩක් දෙනෙක් උදේට අවදි වුනාම කෝපි එකක්, කිරි තේ එකක් බොන එක සාමාන්‍ය පුරුද්දක්. ඒ අතරතුර බොහෝ දෙනෙක් කරන්නේ සමාජ මාධ්‍ය තුල සැරිසරන එක, gossip news බලන එක වගේ දේවල් non value adding activities. ඒ කාලය තුල ඔබේ මූල්‍ය හා ආර්ථික දැනුම, ගෝලීය ප්‍රවණතා, technology පිලිබඳ දැනුම වැඩි කරන්න උදව් වෙන මේ websites හා apps භාවිතා කරන්න උත්සාහ කරන්න. ඉන් ඔබේ මූල්‍ය දැනුම, රටේ හා ලෝකයේ ආර්ථික ප්‍රවාණතා වගේ ඔබේ දියුණුවට හේතුවන දැනුම වර්ධනය කර ගන්න පුලුවන්. 1. BBC News(App) - ගෝලීය ආර්ථික, මූල්‍ය හා තාක්ෂණික තොරතුරු 2. CNN News(App) - ගෝලීය ආර්ථික, මූල්‍ය හා තාක්ෂණික තොරතුරු 3. Economy Next - https://economynext.com/ : ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික තොරතුරු දැන ගන්න 4. Daily FT - https://www.ft.lk/ : ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික තොරතුරු දැන ගන්න 5. Ada Derana (App) - ශ්‍රී ලංකාවේ ආර්ථික, මූල්‍ය හා තාක්ෂණික තොරතුරු 6. Google News(App) : ඔබට අවශ්‍ය අංශ වලට අදාල ප්‍රවෘත්ති පහසුවෙන් ලබා ගන්න 7. X Com (App): ගෝලීය ප්‍රවණතා පිලිබඳ තොරතුරු 8. LinkedIn(App) : වෘත්තීමය ජීවිතය, ව්‍යාපාර වර්ධනයට අදාල ලිපි හා දැනුම 9. Threads(App) : පුද්ගල සංවර්ධනය ගැන දැනුම මේ විදිහට ඔබේ උදෑසන තේ බොන ගමන්, බස් එකේ ඉදගෙන යන ගමන්, කන ගමන් වැය කරන screen time එක ඔබේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන්න. ඒවගේම ඔබ දැනටම භාවිතා කරන sources තියෙනවා නම් comment කරන්න අපි හැමෝටම දැන ගන්න. එසේ නම් හෙට ඉදන් මෙතනින් එක app එකක් හරි, website එකක් හරි ඔබේ ජංගම දුරකථනයට එකතු කරගෙන ඔබේ දියුණුව වෙනුවෙන් උදෑසන screen time එකෙන් කොටසක් ආයෝජනය කරන්න. ජයවේවා! මධුර අමරසිංහ කලින් ලිපියක පලකල පරිදි ඔබේ දියුණුවට හේතුවන youtube channels, influencer profiles, podcasts ආදිය සමග අද share කරපු websites, apps වල summary sheet එකක් මේ සිකුරාදා දිනයේ අපේ whats app channel එකේ share කරන්න බලාපොරොත්තු වෙනවා. මේ link එකෙන් එයත් follow කරලා තියා ගන්න. Follow the Madura Amarasinghe channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T
❤️ 👍 👨‍🦲 😡 😢 🥰 41

Comments