Madura Amarasinghe
January 25, 2025 at 06:53 AM
Financial Freedom Journey - Episode 06 (#1 Rule of Getting Out of Debt)
මාත් එක්ක මේ සතියේ බදදා කතා කරපු කෙනෙක් මේ වෙද්දී ඔහු මූල්‍යමය අතින් පත්වෙලා තියෙන අසීරුතාවය පැහැදිලි කලා.
තමන්ගේ මාසික ආදායමෙන් 50% ආසන්න ප්‍රමාණයකට කිට්ටු වෙන්න මාසික ණය ගෙවීම්, credit card බිල්පත් වලට යොදවන ඔහු මගෙන් කිව්වේ ණය බරෙන් නිදහස් වෙන්න strategy එකක් ඔහුට පැහැදිලි කරන්න කියලා.
එතකොට මම නැවත ඔහුගෙන් ඇහුවා මේ අවුරුද්ද ඇතුලේ ඔයා ගන්න ඉන්න main financial decisions මොනවාද කියලා. එතනදි ඔහු කියපු දේ තමයි මම දැනට පදින Japan Alto එක විකුණලා වාහාන import කරන්න පටන් ගත්තාම වාහානය පොඩ්ඩක් upgrade කරන්න plan කරනවා කියලා. එතනදි වාහනය විකුණලා ලැබෙන ආදායම සහ අලුත් වාහානයේ මිල අතර gap එක ඔහු finance කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් ණයක් හෝ ලීසිං පහසුකමක් ලබා ගැනීමෙන්.
මම ඔහුට කියපු ප්‍රධානතම දේ තමයි ඔබ ණය බරෙන් නිදහස් වෙන්න වැඩ කරනවා නම් එහි පලවෙනි rule එක තමයි තව දුරටත් ණය ගන්න එක නවත්වන එක.
ඔබ වාහානයක් ගන්න, අලුත් phone එකක් ගන්න, නිවාඩුවට හෝටලයකට ගිහින් කාලය ගත කරන්න වගේ දේවල් plan කරන්නේ ණය අරගෙන කරන්න නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම නවත්වන්න වෙනවා ඔබ ණය බරෙන් නිදහස් වීමේ සැලසුමකට අනුව වැඩ කරනවා නම්. (මෙහිදී credit card offers වල වාසිය ලබා ගෙන කිසිඳු finance cost එකක් නැතිව ඔබ කරන ගනුදෙණු අදාල වෙන්නේ නැහැ).
මට ඔබත් එක්ක share කර ගන්න අවශ්‍ය වුණේ ණය බරෙන් නිදහස් වෙන්න ඔබ කරන්න අවශ්‍ය මූලිකම දේ තවදුරටත් ණය ගන්න එක නැවැත්වීම කියන පණිවිඩය.
සුබ මධ්‍යහනයක්!
මධුර අමරසිංහ
මේ වගේ ඔබේ ජීවිතය,ව්‍යාපාරය improve කර ගන්න වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න.
https://whatsapp.com/channel/0029Va5sWZe7Noa8cBxzws3T
❤️
👍
🙏
24