Madura Amarasinghe
Madura Amarasinghe
January 25, 2025 at 02:38 PM
ඔබ මේ වෙද්දී නියලිලා ඉන්න කේෂේත්‍රයේ සාර්ථක මිනිසුන් විදිහට ඉන්න අය දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඔබට පෙනේවි ඒ විෂය හා සම්බන්ධව ඔබට ඔවුන් හා සමානම දැනුමක් හා හැකියාවන් තියෙන බව. එතකොට ඔබ සහ ඔවුන් අතර තියෙන වෙනස මොකක්ද කියලා හොඳට analyse කරලා බැලුවොත් ඔබට පෙනේවි ඔවුන් මේ වෙද්දී බොහෝ දෙනෙකු දන්නා පුද්ගල සන්නාමයක් (Personal Brand) බවට පත්වෙලා තියෙන බවත් ඔබට වුණත් ඒ තත්වයට පත්වෙන්න හැකියාවක් තියෙනවා කියලත්. ඔබට කිසිම වියදමක් නැතිව ඔබේ පුද්ගල සන්නාමය නිර්මාණය කර ගන්න උදව් වෙන platforms විශාල ප්‍රමාණයක් අද තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ වෛද්‍යවරයකු නම් ඔබට පුලුවන් Youtube, Tiktok, Facebook මාධ්‍ය ඔස්සේ ඔබේ දැනුම බෙදා ගන්න. ඒ ඔස්සේ ඔබේ visibility එක හදා ගන්න ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක් නම් ඔබට පුලුවන් LinkedIn ඔස්සේ හොඳ profile එකක් නිර්මාණය කරගෙන ඉක්මනින් හොඳ රැකියා අවස්ථාවක් හොයා ගන්න ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයන් අතරට ගෙනියන්න මේ තියෙන හැම platform එකක්ම භාවිතා කරන්න පුලුවන් ගණකාධිකාරි ආදී වෙනත් ඕනෑම වෘත්තිකයෙකුට පුලුවන් LinkedIn, Facebook හෝ Youtube වගේ platforms තුලින් ඒ ඒ කේෂේත්‍ර ගැන ඔබේ දැනුම share කරගෙන වඩා හොඳ රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා නිර්මාණය කර ගන්න කලාකරුවෙක්ට පුලුවන් ඔහුගේ නිර්මාණ සඳහා මේ platforms තුලින් සීමා මායිම් නැතිව audience එකක් හදා ගන්න වර්තමානය වෙද්දී තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔබ යම් විෂයක් පිලිබඳව හොඳ දැනුමක් සහ හැකියාවන්ගෙන් සමන්විත වූ පමණින් ඒ කේෂේත්‍රයේ ඉහලටම යන්න තියෙන හැකියාව සීමා සහිතයි. ඔබට ඒ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීමේ දැනුමත් තිබිය යුතුමයි. ඉතින් මේ සති අන්තයේ පොඩි කාලයක් අරගෙන මේ අවුරුද්ද සඳහා ඔබේ Social Media Strategy එක හදා ගන්න. ජයවේවා! මධුර අමරසිංහ
❤️ 👍 43

Comments