
Madura Amarasinghe
January 26, 2025 at 12:50 PM
ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් Personal Brand එකක් වෙන්න ඔබ ලඟ තිබිය යුතු මූලිකම tools කිහිපයක් අද share කරනවා.
1. Updated CV - අද වෙනකම් ඔබ කරපු රැකියාවන්, එහි දරපු responsibilities, achievements, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සියල්ලම ඇතුලත් updated CV එකක්
2. Professional Headshot Image එකක් - ඔබේ නියලී ඉන්න කේෂේත්‍රය හා ඔබේ අනන්‍යතාව පෙන්නුම් කරන headshot ජායාරූපයක් හෝ කිහිපයක්.High quality, Consitent photos භාවිතයෙන් ඔබේ recognition එක වැඩි කර ගන්න පූලුවන්
3. Business Card එකක් - ඔබේ විස්තර ඇතුලත් ආකර්ෂණීය printed or virtual business card එකක්
4. Dress Code - ඔබේ කේෂේත්‍රයට අදාලව, ඔබේ අනන්‍යතාවය පෙන්නුම් කරන ඇඳුමක් හා විලාසිතාවක්
5. Personal Website - ඔබ ගැන විස්තර ඇතුලත් වෙබ් අඩවියක් (About Me, My Protfolio, Blog, Contact Info)
6. Protfolio Document - ඔබ ලබා දෙන සේවා හා එහි විස්තර ඇතුලත් ආකර්ෂණීය ලියවිල්ලක් (Services You Offer, Your Best Projects, Testimonials from Clients)
7. Social Media Profiles - වෘත්තිකයෙක් නම් updated quality linked in account එකක්
8. Personal Branding Statement - ඔබේ vision එක, ඔබ ලබා දෙන අගය පෙන්නුම් කරන සහ ඔබව describe කරන ප්‍රකාශයක්
9. Letter head/ Email Signature - සියලුම ලිපි හා email ගනුදෙනු සඳහා ඔබේ නම සහ අනෙකුත් විස්තර ඇතුලත් ආකර්ෂණීය letter head එකක් සහ email signature එකක්
මේ tools ටික හරියට හදා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඔබ ගාව මේ වෙනකොට තියෙන tools මොනවාද, එහි යාවත්කාලීන බව සහ ගුණාත්මක බව පොඩ්ඩක් evaluate කරලා බලන්න. හෙමින් සැරේ මේ ටික හදා ගන්න. ඔබට වඩා හොඳ රැකියා අවස්ථා සඳහා approach කරන්න, අලුත් clients ලා මුණ ගැහෙන්න, නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරගන්න මේ tools වලින් විශාල උදව්වක් ලබා ගන්න පුලුවන්.
ජයවේවා!
මධුර අමරසිංහ
❤️
👍
😮
🙏
🤍
43