Madura Amarasinghe
Madura Amarasinghe
February 2, 2025 at 05:04 AM
අපිට අධ්‍යාපනය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය කියලා. විධිමත් අධ්‍යාපනය කියන්නේ structured, syllabus එකක් උගන්වන, විභාග ආදී ඇගයීම් ක්‍රමයකින් පසුව ඔබට පිලිගත් සහතිකයක් ලබා දෙන අධ්‍යාපන ක්‍රම වලට. පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය මේ යටතට ගැනෙනවා. එතකොට අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ ස්වයං ඉගෙනුම් ක්‍රම මගින්, තමන් මුහුණදෙන අත්දැකීම් වලින්, රැකියාවක් කරන ගමන්, තවත් කෙනෙකුගේ උපදෙස් හා මගපෙන්වීම මගින් අපි ලබා ගන්න අධ්‍යාපනය. සමහර වෙලාවට විධිමත් අධ්‍යාපන ක්‍රමය යටතේ අසාර්ථකයි කියලා සමාජය විසින් තීරණය කරපු මිනිස්සු අවිධිමත් අධ්‍යාපනය ලබාගෙන සාර්ථක වෙලා express කරන මතවාද අනුව කෙනෙකුට හිතෙන්න පුලුවන් විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ලංකාව වගේ රටක කොහොම හරි ගේමක් ගහගෙන තමන්ගේ ජීවිතය ඉහලට ඔසවා ගන්න පූලුවන් වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ විධිමත් අධ්‍යාපනය තුලින්. අනෙක් අතට හොඳ විධිමත් අධ්‍යාපනයක් ලබන අය හොඳ වැටුපක් ලැබෙන white collar job එකක් හොයාගෙන ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැපකරන trend එකත් අපිට දකින්න පුලුවන්. ඒ වගේම අවිධිමත් අධ්‍යාපනය තුලින් සාර්ථකත්වය ලබන ව්‍යවසායකයින් එක level එකකට පස්සේ තමන්ගේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න බැරිව struggle කරනවා දකින්නත් පුලුවන්. මගේ personal view එකනම් කෙනෙකුට සාර්ථක වෙන්න මේ දෙකේම hybrid model එකක් තෝරා ගැනීම වැදගත් කියන එක. මොකද විධිමත් අධ්‍යාපනය යටතේ පංතිකාමර ඇතුලේ ඔබ ඉගෙන ගන්න theories, skills තවදුරටත් sharp කරගන්න පුලුවන් අවිධිමත් අධ්‍යාපනය තුලින්. අවසානයේ මට කියන්න අවශ්‍ය විධිමත් හෝ අවිධිමත් අධ්‍යාපන ක්‍රමයන් යටතේ කොහොම හරි ඉගෙන ගන්න. දැනුම වැඩි කර ගන්න. Skills develop කර ගන්න. ජීවිතේ ජය ගන්න. 🔥💪❤️
❤️ 30

Comments