Madura Amarasinghe
Madura Amarasinghe
February 8, 2025 at 05:23 AM
ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේ ප්‍රධානම අරමුණක් තමයි රැකියාවේ උසස්වීම් ලබාගෙන ක්‍රමයෙන් ඉදිරියට යන එක, ඔබේ වැටුප වැඩි කර ගන්න එක සහ අවසානයේ C Suite position එකකින් රැකියාව අවසන් කරන එක. ඒත් ඒ සඳහා ඔබ රැකියාව කරන කාලයට වඩා වැඩි කාලයක් වැඩ කරලා, ඔබේ නිවාඩු දවස් වලත් වැඩ කරලා, ඔබේ ජීවිතයෙන් වැඩි කොටසක් රැකියාවට කැප කරත් හිතන මට්ටමේ progress එකක් නැතිනම් ඔබ මේ වෙනකම් try කරපු approach එක වෙනස් කරලා මේ frame work එක try out කරන්න. පලවෙනි කරුණ තමයි උසස්වීම් ලබා දෙනකොට ඔබ මහන්සි වෙලා වැඩ කිරීම (Hard Work) විතරක් මත පමණක් උසස් වීම් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ ආයතනයේ ඉලක්ක වෙත යන්න කොතරම් උපායමාර්ගික (Strategic) දායකත්වයක් ලබා දෙනවාද යන්න අනිවාර්යයෙන්ම සලකා බලනවා. ඒ නිසා ඔබේ job role එකෙන් හැම වෙලේම ආයතනයට value එකක් add කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ආයතනය තුල ඔබ කොතරම් visible ද කියන එකත් බලපානවා. ඒ නිසා මහන්සිවෙලා වැඩ කරනවා වගේම ඔබ ආයතනය තුල හැම කෙනෙකුටම පෙනෙන දායකත්වයක් දක්වන කෙනෙක් බවට පත්වෙන්න. අනිත් කරුණ තමයි ඔබ ආයතනය බලාපොරොත්තු වෙන results මැනිය හැකි ආකාරයට deliver කිරීමයි. උදාහරණයක් විදිහට ඔබ sales කරන කෙනෙක් නම් ඔබේ monthly සහ annual sales targets achive කිරීම දක්වන්න පුලුවන්. අනෙක් අතට අපි corporate world එක තුල ඉහලටම ගිය පුද්ගලයින්ව analyse කරලා බැලුවොත් අපිට ඔවුන් තුල මේ ප්‍රධාන ගතිලක්ෂණ තුන දැක ගන්න පුලුවන්. - නායකත්වය (Leadership) - විශේෂඥතාව (Expertise) - බලපෑමක් කල හැකිවීම (Impact) ඒ නිසා ඔබ ක්‍රමයෙන් රැකියාවෙන් ඉහලට යනවිට මේ දේවල් ටික ඔබ තුල දියුණු කර ගැනීම අනිවාර්යයි. අවසාන වශයෙන් රැකියාව තුල වුණත් ඔබ ඔබේම personal brand එකක් නිර්මාණය කර ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔබේ ආයතනය ඇතුලේ නම් ඔබ වැඩ කරන අංශයට අදාලව ඕනෑම ප්‍රශ්නයක් සඳහා solutions ලබා ගැනීමට හැම කෙනෙක්ම නිසැකවම පැමිණෙන පුද්ගලයා (Go to person) බවට ඔබ පත්වෙන්න. ආයතනයෙන් පිට ඔබ ඉන්නා කේෂේත්‍රය තුල ඔබේ personal brand එක නිර්මාණය කරගන්න ඔබේ insights අනිත් අයත් සමග share කරන්න. මේ සඳහා LinkedIn හොඳ platform එකක්. ඊට අමතරව වෘත්තිකයින් සමග හොඳ network එකක් ගොඩ නගා ගන්න. Industry එක ඇතුලේ ඔබ හැම කෙනෙක්ම දන්නා පුද්ගලයෙකු වෙන්න(Get Noticed). ඒ තුලින් ඔබට ඕනෑම වෙලාවක ආයතනයෙන් පිටත වෙන රැකියාවක් සොයා ගැනීම ඉතා පහසු දෙයක් බවට පත් කරගන්න පුලුවන්. මේ සති අන්තයේ ඔබේ රැකියාවේ වර්තමාන තත්වය evaluate කරලා ඔබේ අනාගත goals එක්ක මේ tips ටික ඔබේ රැකියාවට අදාලව implement කරන්න plan එකක් හදාගන්න. ඒ තුලින් ඔබට ඉක්මනින් ඔබේ වෘත්තිය තුල ඉහලටම යන්න පුලුවන් හැකියාව නිර්මාණය කර ගන්න පුලුවන්. ඒ වගේම අපේ whats app channel එක follow කරලා තියාගන්න. ඊලඟ article එකෙන් career progression plan එකක් හදාගන්නේ කොහොමද කියලා කතා කරනවා වගේම ඒ සඳහා template එකකුත් අපි share කරන්න බලාපොරොත්තු වෙනවා. සුබ සතිඅන්තයක්! මධුර අමරසිංහ
❤️ 👍 😢 38

Comments