Madura Amarasinghe
Madura Amarasinghe
February 14, 2025 at 12:26 PM
එක දවසකට විතරක් තමන්ගේ partner එක්ක එකතු වෙලා ආදරේ සමරනවාට වඩා සතුටක් ලබන්න පුලුවන් දෙදෙනාම එකතු සාර්ථකත්වය achieve කිරීම තුලින්. ඒ සඳහා මේ දේවල් ඔයාගේ relationship එක ඇතුලේ ගොඩනගා ගන්න. 01. විශ්වාසය ඇති කරගන්න : විශ්වාසය මත තමයි strong relationships හැදෙන්නේ. ඒ නිසා සාර්ථකත්වය කරා යන්න නම් පලවෙනි දේ තමයි ඔය දෙන්නා අතර හොඳ විශ්වාසයක් ඇති කරගන්න එක. 02. පොදු ඉලක්ක ඇති කර ගන්න : ඔය දෙන්නාගේ පෞද්ගලික ඉලක්ක වගේම දෙදෙනාම එකට achieve කරන්න බලාපොරොත්තු වෙන ඉලක්ක ටික හරියට හදාගන්න. (S.M.A.R.T විදිහට) 03. සතුට සහ දුක බෙදාගන්න : අපි ඉදිරියට යද්දී අනිවාර්යයෙන්ම සතුටු දායක අවස්ථා,දුක හිතෙන අවස්ථා, මනසින් පල්ලේහට වැටෙන අවස්ථා උදාවීම සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට ඔබ දෙදෙනා එකතුවෙලා ඒවා බෙදා ගන්න. එකිනෙකාට ශක්තියක් වෙන්න. 04. දෙදෙනාම මූල්‍ය කලමණාකරණය ගැන වගකීම ගන්න : දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් මුදල් ඉපයීම කරත් එය කලමණාකරණය සඳහා දෙදෙනාම සක්‍රීයව දායකත්වය දක්වන්න. නිවැරදි මූල්‍ය සැලසුම්කරණය, වියදම් කලමණාකරණය, ඉතුරුම් හා ආයෝජන දෙදෙනාම එකතු වෙලා කරන්න. 05. 100% උපරිමය දෙන්න : ඔබේ relationship එක සඳහා ඔබෙන් විය යුතු කොටස 100% ම ලබාදෙන්න වගබලා ගන්න. අද ඔබ දෙදෙනා ඉන්න තැනට වඩා තව අවුරුදු කිහිපයකින් නවතින destination එක ගැන හැම වෙලේම හිතන්න. කවුරු මොනවා කිව්වත් ඔබ දෙදෙනා දකින හීන සැබෑ කරගන්න එකතු වෙලා වැඩ කරන්න. Happy Valentines Day!!! ❤️ මධුර අමරසිංහ
❤️ 😮 22

Comments