Madura Amarasinghe
Madura Amarasinghe
February 15, 2025 at 06:17 AM
අද උදෑසන පලකරපු, අපිට ඉගෙන ගන්න උදව් වෙන apps list එක ගැන වැඩි දුර විස්තර අහලා කිහිප දෙනෙක් message කරලා තිබුණා. ඔබට එම apps mainly මේ purposes සඳහා භාවිතා කරන්න පුලුවන්. 1. Duolingo: භාෂා ඉගෙනීම සඳහා. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන් වැනි භාෂා රැසක් ඉගෙන ගත හැකියි. 2. TED: අධ්‍යාපනික දේශන. විද්‍යාව, තාක්ෂණය, කලාව, සමාජය වැනි විෂයයන් ගැන දැනුම ලබා ගත හැකියි. 3. YouTube: නිදහස් වීඩියෝ පාඨමාලා. ඕනෑම විෂයක් ගැන ඉගෙනීමට අවස්ථාව ලැබේ. 4. Khan Academy: ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ආර්ථික විද්යාව වැනි විෂයන් සඳහා නිදහස් පාඨමාලා. 5. Memrise: භාෂා සහ වෙනත් විෂයන් ඉගෙනීම සඳහා මතකය වැඩි කර ගැනීමේ ක්‍රම. 6. Udemy: විවිධ විෂයන් සඳහා මුදල් ගෙවා ඉගෙන ගත හැකි පාඨමාලා. තාක්ෂණය, ව්‍යාපාර, සෞඛ්‍යය වැනි විෂයන් ඇතුළත්. 7. Coursera: විශ්වවිද්යාල පාඨමාලා. පරිගණක විද්‍යාව, දත්ත විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය වැනි විෂයන්. 8. LinkedIn Learning: වෘත්තීය දැනුම සහ කුසලතා. ව්‍යාපාර, තාක්ෂණය, නිර්මාණාත්මක කුසලතා වැනි විෂයන්. 9. Lumosity: මොළය පුහුණු කිරීම සඳහා ක්‍රිඩා. මතකය, අවධානය, ගැටළු විසඳීම වැනි කුසලතා වර්ධනය. 10. Codecademy: Coding ඉගෙනීම. Python, JavaScript, HTML/CSS වැනි භාෂා 11. Instagram: නිර්මාණාත්මක දැනුම, ඡායාරූපකරණය, කලාව, වෙළඳපොල වැනි විෂයන්. ඉතින් ඔබේ අවශ්‍යතාවය මත අදාල app එක mobile phone එකට install කරගෙන අදම ඔබේ ඉගෙනුම් ක්‍රියාවලිය පටන් ගන්න. තව කෙනෙකුට මේ ගැන දැන ගන්න share කරන්න. සුබ මධ්‍යහනයක්! මධුර අමරසිංහ
❤️ 👍 18

Comments