
JW Education 🙏
January 22, 2025 at 03:50 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 05
*තුංමං හංදිය 🤍🌻*
ප්‍රවේශය :-
සිංහල නව කතා වංශය තුළ මහගම සේකරයන්ගේ තුංමං හංදිය, පසුගිය සියවසේ
මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ගමක ජීවත් වූවන්ගේ තතු අව්‍යාජ ලෙස හෙළි කරන නව කතාවකි.මෙම කෘතිය වඩාත්ම වැදගත් වනුයේ, ලේඛකයාගේ ජීවන අත්දැකීම් මැදි කොට ගත් ආත්මකථන ස්වරූපයේ නව කතාවක් නිසාය.මෙම කතාවේ කථිකයා වන රණතුංග ආරච්චිගේ සිරිසේන, කතුවරයා වන මහගම සේකරයන් බැව් හඳුනා ගැනීම අපහසු නැත.
✨උද්ධෘත :
(උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය)
⭕ " ටේලර් මට කමිසය මැසීමට ටේප් පටියෙන් මිම්ම ගෙන අවසාන වී හා දැන් ඇති යි කීවත් පපුව පුම්බාගෙන ඉන්නට මට සිතේ."
(සරල සුගම බස් වහර)
⭕"මාමා ගැන කිසිවෙකුත් දැන් කණගාටු වන බවක් හෝ නොපෙනේ.ඔහුගේ දානය දවසේ පවා මහගෙදර මගුල් ගෙදරක් මෙන් විය."
⭕"මාමාගේ භූමිදානය දවසේ සොහොනට යන මග දෙපස පොල් ගස්වල ඇලවූ මරණ දැන්වීම් තවමත් අතරින් පතර ඇත.ඒවා වැස්සට පින්නට තෙමී අවුවට කරවී දුර්වර්ණ වෙලාය."
(ලොකු මාමාගේ චරිතය)
⭕" මාමා උස මහත හැදි දැඩි මිනිසෙකි.පපුව ලෝම වලින් පිරිලා ය.පිටින් බැලුවම නම් පේන්නේ නපුරු මිනිහෙක් වගේ. ඒත් මාමා නපුරු නැත."
⭕"එදා හවස මාමා ගෙදර ආවේ බයිසිකලයක් ද පැදගෙනය.එය පොඩි මාමාගේ බයිසිකලය මෙන් අලුත් එකක් නොවේ.පරණ හර්කියුලිස් බයිසිකලයකි.මේක ගෙනාවේ පුතාට ඉස්කෝලෙ යන්ඩ.මාමා කීය.මාමා බදා වැළඳ ගන්නට තරම් සන්තෝෂයක් මට ඇති විය".
⭕" මිනිසුන් මාමාට ගෞරව කළේ හොඳ මිනිසෙකු බව ඉවෙන් මෙන් හඳුනා ගත් බැවිනි.එහෙත් කලාකරුවකු හැටියට ඔහුගේ දස්කම් ඔවුන්ගේ සැලකිල්ලට භාජනය නොවීය."
❤️
3