JW Education 🙏
January 23, 2025 at 04:12 PM
*O/L Japanese short notes 🇯🇵*
ජපන් භාෂාවට අත්වැලක් ✊
こはるといっしょに ( Koharu to Isshoni )
Culture part Questions (bunka - ぶんか)
Part 02
01. වසබි සමඟ ආහාරයට ගන්නා නූඩ්ල්ස් වර්ගය වන්නේ,
• උදොන් ය. ( うどん )
02. ජපානයේ වැඩි වශයෙන් භාවිත වන වාසගම වන්නේ,
• සතෝ ය. ( さとう )
03. ජපානයේ උණුදිය තටාක කොපමණ තිබේද?
• 27,000 ක් පමණ
04. ජපානයේ වසන්ත කාලයේ පිපෙන මල් වර්ගය වන්නේ,
• සකුරා ය. ( さくら )
05. ජපන් ජාතිකයින්ගේ ආයු කාලය දළ වශයෙන්,
• අවුරුදු 83කි. ( 83さいです )
06. ජපන් ශිෂ්‍යයින් අතරින් උදේ ආහාරය ගන්නා ප්‍රතිශතය වන්නේ,
• 85% කි.
07. ජපානයේ උසස් අධ්‍යාපනය ලබන පිරිසේ ප්‍රතිශතය,
• 50% කි.
08. මාර්තු සිට මැයි දක්වා ඇති ජපානයේ ඍතුව වන්නේ,
• වසන්තයයි. ( はる )
09. ජපන් භුමියට අයත් දූපත් සංඛ්‍යාව ආසන්න වශයෙන්,
• 6000ක් පමණ වේ.
10. J-pop සංගීත ශෛලියේ විශේෂ ලක්ෂණයක් වනුයේ,
• කණ්ඩායමක් වශයෙන් ගායනා කිරීමයි.
11. ජපානයේ මොමිජි පත්‍ර දැකගත හැකි කාලය වන්නේ
• 10 මාසයේ සිට 11 මාසය දක්වා. ( 10月から11月 - සරත් ඍතුව)
12. සංගීතඥවරියක ලෙස සාර්ථක වන අයුරු නිරූපණය කරන කතන්දරය වනුයේ,
• Nodame Cantabile ය.
13. තන්ගොනොසෙක්කු උත්සවය පවත්වන මාසය වන්නේ,
• මැයි මාසය. ( 5がつ )
14. ජපානය එක්සේසත් කල සමුරායිවරයා වන්නේ,
• තොයොතොමි හිදෙයොෂි ය. ( 豊臣秀吉 )
15. "がんじつ" යනුවෙන් හඳුන්වනු ලබන දිනය වන්නේ,
• ජනවාරි පළමුදා ය. ( 1月1日 )
16. හෙයිඅන් යුගයේදී ක්යෝතේ අගනගරය ලෙස පැවති වසර ගණන වන්නේ,
• අවුරුදු 1000 කි.
17. ජපන් ජාතිකයින් ආහාර ගැනීම සඳහා භාවිත කරනුයේ,
• චොප්ස්ටික්ස්ය ( ඔහෂි - おはし ).
18. තෝකියෝවේ ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වන්නේ,
• දුම්රිය මාර්ග පද්ධතියයි. (ශින්කන්‍ෙ)
19. ජපන් ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන්නේ,
• හෙයිඅන් යුගයයි ( 平安 ).
20. ජපානයේ වැඩිම පිරිසක් භාවිත කරන දුම්රිය ස්ථානය වනුයේ,
• ශින්ජුකු ය . ( しんじゅく )
❤️
👍
😘
🙏
10