JW Education 🙏
JW Education 🙏
January 24, 2025 at 01:21 PM
*💫🌼 නූතන පද්‍යය රසස්වාදය....!!* *🟨 කොළඹ යුගයේ පළමු කවි තරංගයේ පද්‍ය පන්ති* 🦋 *සමනලයා පද්‍ය පන්තිය* ආනන්ද රජකරුණා ( කොළඹ යුගයේ පළමු තරංගය) 💫 *වස්තු විෂය* සොබාදහමේ සැරිසරන අහිංසක පියකරු සතෙකු වන සමනලයකුගේ සම්ප්‍රාප්තියක් 💫 *පරමාර්ථය* ළමා මනස සොබාදහම කෙරෙහි සංවේදී කිරීමට සමනලයාගේ අහිංසක කම රසාලීප්තව ගෙන ඒම 💫 *ආකෘතිය/විරිත* සිව් පද ආකෘතිය සමුද්‍රගෝෂ විරිත 💫 *කාව්‍ය උපක්‍රම හා රසවින්දනය* ❶සොබා දහමේ අසිරිය සංකල්ප රූප මැවීම (නුඹ තල ලහිරු) ❷සමනලයා පැමිණි ගමන් මග (දඹරන් සුනෙන්) ❸සොබාදහමේ අසිරිය (ගණනිල් තණග) ❹ජීවී පරිසරයේ වාග් චිත්‍ර මැවීම (හේන්වල මුවන්) 💫 *සාර්ථක අසාර්ථක බව* සොබා දහමේ අසිරිය ගෙනහැර දක්වමින් ළමා මනසේ මනෝභාවයන් මනා ලෙස ඉස්මතු කර ඇති පද්‍ය පංතියකි *👩🏼‍🍼 ලක් මවුනි මගේ* එස් මහින්ද හිමි (කොළඹ යුගයේ පළමු තරංගය) 💫 *වස්තු විෂය* ලක් මවගේ ගුණ සමුදාය වර්ණනා කිරීම 💫 *පරමාර්ථය* ලක් මවගේ ගුණාතිශය අති උත්කර්ෂවත් ලෙස ගෙනහැර දක්වමින් ලක්මව පිළිබඳ මනා වූ ගෞරවයක් ඇති කිරීම 💫 *අකෘතිය / විරිත* සිව් පද ආකෘතිය සමුද්‍රගෝෂ විරිත 💫 දෘෂ්ටි කෝණය:-_ සමාජ යථාර්ථවාදී දෘෂ්ටිය 💫 *කාව්‍ය උපක්‍රම හා රස වින්දනය* ❶ ලක් මවගේ ගුණාතිෂය සංකල්ප රූප මැවීම (සිතකින් සිතනු)(c.g.t) ❷ දේශානුරාගය ඇති කරවීම... දේශාභිමානය ඇති කරවීම (සතු වී තිබෙන කොට) ❸ සිරිලක් මවගේ කරුණාව (නමක් බලා කිසිවිට) ❹ බොදු නැගුමන් හා සාරධර්ම උච්ච කිරීම (තෙවරක් තිලෝගුරු) ➎ මනා වූ ඓතිහාසික ඉතිහාසයක් තිබුනු බව (දම්සෝ නිරිඳු) 💫 *සාර්ථක අසාර්ථක බව* සිරිලක් මවගේ ගුණාතිසය වර්ණනා කරමින් මිනිස් සිත් සතන් තුළ දේශානුරාගය (c.g.t) දේශාභිමානය ඇති කරවීමට උත්සුක පද්‍ය පංතියකි _
❤️ 🤗 3

Comments