JW Education 🙏
JW Education 🙏
January 25, 2025 at 07:19 AM
⭕ *Grade 10 History Short Note* `ශ්‍රී ලංකාව ජනාවාස වීමේ පසුබිම` 🏕️📌 🔖 මානවයා ආරම්භ වන්නේ වානර පරම්පරාවකින් බව අප හොඳින් දන්නා කරුණකි. 🐵 *මෙයට වසර දසලක්ෂ දෙකහමාරකට පෙර පැවති මහා හිම යුගයේ දී අප්‍රිකාවේ ජීවත් වූ වානර වර්ග කාලයත් සමඟ වෙනස් වීමෙන් නූතන මානවයා බිහිවිය.* 💁‍♂️ ඉහත කී ක්‍රියාවලිය _*මානව පරිණාමය*_ වේ. 🚶🏻‍♂_<_<_<_<_🐒 🔅 මෙම මානව පරිණාමයේ අවස්ථා කිහිපයකින් සිදු වී ඇත. එය මෙසේය, *1.ඔස්ට්‍රලෝපිතිකස්* *2.හෝමෝ හැබිලිස්* *3.හෝමෝඉරෙක්ටස්* *4.හෝමෝනියෙන්ඩතාලෙන්සිස්* *5.හෝමෝසාපියන් ( නූතන මානවයා )* *6.හෝමෝරොබට් ( අනාගත මානවයා )* මෙය විෂය නිර්දේශ වල නොමැති කරුණකි ! හෝමෝසාපියන් මානවයා *මීට වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ඉන්දියන් සාගරය හරහා මෙරටට පැමිණීමෙන් ශ්‍රී ලංකාව මිනිස් ජනාවාසයක් විය.* 🤫 ♦️ මේ අනුව අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ දියුණුවට ලක්වී නූතන මානවයා දක්වා පැමිණ ඇත. එය *අවධි 3ක්* යටතේ සිදුවිය. 01. *ප්‍රාග් ඓතිහාසික යුගය* ⚜️ 02. *පූර්ව ඓතිහාසික යුගය* ⚜️ 03. *මුල් ඓතිහාසික යුගය* ⚜️ 🛑 *`අපි මේ අතරින් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සවිස්තරාත්මකවෙමු.`* 🔰 *ප්‍රාග් ඓතිහාසික යුගය>* 📌️ *_අදින් වසර 12500ක සිට ක්‍රි.පූ.1800 දක්වා_* කාලය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. 🗿 📌️ මෙම මානවයා දඩයමින්,තැන තැන ඇවිද යමින් ආහාර සොයා ජීවත් වී ඇත. 📌️ *රත්නපුර සහ ඒ අවට පතල් වලින්* / *ඉරණමඩු සැකැස්මෙන්* ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාක්ෂි හමුවිය. 📌️ ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් පරිසර කලාප 6 ක් ගල් යුගයට අයත් ජනතාව ජීවත් වී ඇත. 1. *අර්ධ ශුෂ්ක කලපය ( මාතොට , බූන්දල )* 2. *පහතරට වියළි කලාපය ( අලිගල , පොතාන )* 3. *පහතරට අතරමදි වියළි කලාපය ( දානිගල , නිල්ගල )* 4. *තෙත් කලාපය ( පාහියන්ගල , බෙලිලෙන )* 5. *කඳුකර වියළි අතරමැදි කලාපය ( රාවණා ඇල්ල , වැලිමඩ )* 6. *ශුෂ්ක කලාපය ( අලිමංකඩ )* 📌️ ප්‍රාග් ඓතිහාසික යුගයේ කාල නිර්ණය. 1. පතිරාජවෙල - වසර 125,00 2. බූන්දල වැල්ලේගම්ගොඩ - වසර 80,000 3. පාහියන්ගල - වසර 38,000 4. බටදොඹලෙන - වසර 28,000 5. මාතොට - වසර 38,000 @silent 🔰 *ජනාවාසවල මූලික ලක්ෂණ* 📌️ වියළි කාලගුණයේදී _එළිමහන් ස්ථාන_ සහ වර්ෂාකාලයේදී _ගල් ගුහා_ ජනාවාස කර ගෙන ඇත. උදා :- 💁‍♂️ *පතිරාජවෙල , බූන්දල ( එළිමහන් )* *පාහියන්ගල , බෙලිලෙන ( තෙත් කාලාපීය )* 📌️ ආහාර සඳහා අවශ්‍ය වන ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශ තෝරා ගැනීම. 📌️ ජලය පහසුවෙන් ලබා ගත් හැකි ස්ථාන 📌️ ගල් මෙවලම් සාදා ගැනීමට අවශ්‍ය පාෂාණ සොයා ගැනීමට. 🔰 *ජීවන රටාව* 📌️ සංචාරක ජීවිතයක් ගත කිරීම. 📌️ වර්ෂා කාලයේදී ගල් ගුහා 🌧️ / පායන කාල වලදී එළිමහන් ස්ථාන. 🏕️ 📌️ දඩයම් කරමින් ආහාර සොයාගත් ජීවන රටාවකි. 📌️ කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වීම. 👥 📌️ පුද්ගලයෙකු මිය ගිය විට එම ගුහාවේම වල දැමීම. 🪦 📌️ ගල් ආයුධ භාවිතා කිරීම. 🪓 🔰 *ආහාර රටාව*🍽️ 📌️ දඩයම් කල සතුන් ආහාරයට ගැනීම. ( වඳුරා , වල් ඌරා ) 📌️ ශාකමය ආහාර ආහාරයට ගැනීම ( වල්දෙල් , කටුඅල ) 📌️බෙල්ලන්ව ආහාරයට ගැනීම. 📌️ මත්ස්‍යයන් ආහාරයට ගැනීම. 🐟 🔰 ගල් මෙවලම් වලට අමතරව *ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම්* ද ආයුධ ලෙස අතීත ප්‍රාග් මානවයා යොදාගෙන ඇත. *THE END___*✍️ _____________________ *වැදගත් උනා කියල හිතනවනම් re@ct කරල share කරමු* Copied
❤️ 👍 🙏 17

Comments