JW Education 🙏
January 25, 2025 at 12:38 PM
*`ජීවයේ අඛණ්ඩතාව`* 🌱
> විද්‍යාව ( GRADE 10 )
> ශාක ප්‍රජනනය | Short Note
🔅 ශාකවල සිදු වන්නේ *අලිංගික ප්‍රජනනයකි.*
🔅 _ශාකයක භූගත හෝ වායව කොටස් මඟින් නව ශාක බිහි කර ගැනීම_ *වර්ධක ප්‍රචාරණය* නම් වේ. මෙය ආකාර දෙකකින් සිදුවේ,
* ස්වභාවික වර්ධක ප්‍රචාරණය
* කෘතිම වර්ධක ප්‍රචාරණය
🔰 _*ස්වභාවික වර්ධක ප්‍රචාරණය*_
🔅මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නව ශාකයක ස්වභාවිකව බිහි කිරීම මෙනමින් හඳුන්වයි.
* උදා :-
1. *මුල් මඟින්* - කරපිංචා , බෙලි , පේර
2. *පත්‍ර මඟින්* - අක්කපාන , බිගෝනියා
3. *මොටියන් මඟින්* - ගොයම් , කෙසෙල් , කපුරු
4. *ධාවක* - ගොටුකොළ , බතල
5. *බල්බිල* - අන්නාසි , හණ , හොඬල
6. *භූගත කඳන්* - වර්ග 4කි.
* රයිසෝම - කහ , ඉඟුරු
* කෝමය - ගහල , කිරි අල
* බල්බය - ලීක්ස් , රතු ලූණු
* ස්කන්ධ ආකන්ධ - අර්තාපල් , ඉන්නල
🔰 _*කෘතිම වර්ධක ප්‍රචාරණය*_
🔅 මිනිසාගේ මැදිහත් වීමකින් ශාක බෝ කර ගැනීම මෙනමින් හඳුන්වයි. මෙය ප්‍රධාන ක්‍රම 4කි.
1. *අතු කැබලි වලින් මුල් ඇද්දවීම*
2. *අතු බැඳීම ( ලේයර් කිරීම )*
◼️ *මෙය ආකාර දෙකකි.*
* *භූමි අතු බැඳීම* - පිච්ච , වැල් දෙහි
* *වායව අතු බැඳීම* - දෙළුම් , දෙහි
💠 *ශාක අතු බැඳීමෙන් වන වාසි*
* එකවර පැළ කීපයක් ගත හැක
* බීජ හොඳින් නිපද නොවන ශාක බෝ කර ගත හැක
3. *බද්ධ කිරීම*
◼️ *ආකාර දෙකකි,*
* අංකුර බද්ධය
* රිකිලි බද්ධය
4. *පටක රෝපණය*
💠 *පටක රෝපණය මඟින් වන වාසි*
* මව් ශාකයට සමාන දුහිතෘ ශාක බිහි කර ගත හැක.
* එක වර පැල විශාල සංඛ්‍යාවක් ගත හැක.
* කෙටි කාලයකදී පැල විශාල සංඛ්‍යාවක් ගත හැක.
* කුඩා ඉඩක කල හැක.
🌀 *වර්ධක ප්‍රජනනයේ වාසි*
* රෝග හා පළිබෝධක වලට ඔරොත්තු දීම.
* අහිතකර පරිසර තත්ව වලට ඔරොත්තු දේ.
* මව් ශාකයට සමාන ශාක ගත හැක.
🌀 *වර්ධක ප්‍රජනනයේ අවාසි*
* නව ප්‍රභේද ඇති නොවීම.
* පරිණාමය සඳහා වැදගත් නොවේ.
______________________________
❤️
🙏
👍
7