JW Education 🙏
JW Education 🙏
January 25, 2025 at 04:52 PM
⭕ *ක්‍රියා පදවල විවිධ ප්‍රභේද* 😻 📌️ *පූර්ව ක්‍රියා* 🔰 අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ක්‍රියා. 🔰 කා , බී , හැඳ , බැස , බලා 📌️ *මිශ්‍ර ක්‍රියා* 🔰 අවසාන ක්‍රියාවට සමගාමීව සිදු කරන ක්‍රියා. 🔰 කකා , බිබී , කමින් , බොමින් , හඳිමින් , බල බලා , බලමින් 📌️ *ප්‍රයෝජ්‍ය ක්‍රියා* 🔰 වෙනත් අයෙකු ලවා කරවන ක්‍රියා. 🔰 කරවයි , බලවයි , ගයවයි , නටවයි , දුවවයි 📌️ *විධි ක්‍රියා* 🔰 වෙනත් අයකුට කරන කිසියම් විධානයක් , ඉල්ලීමක් හැඟවෙන ක්‍රියා. 🔰 කන්න , බොනු , හඳිවු , බසින්න , බලන්න 📌️ *ආශිර්වාද ක්‍රියා* 🔰 කිසියම් ප්‍රාර්ථනාවක් හැඟවෙන පද 🔰 දිනේවා , ලැබේවා , සැනසේවා , බලාවා 📌️ *අසම්භාව්‍ය ක්‍රියා* *1. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා* 🍃 🔰 යම් කිසි ක්‍රියාවක් සිදුවන අවස්ථාවේ සිදු වන වෙනත් ක්‍රියා. ( කාලය පිළිබඳ හැඟේ ) 🔰 කද්දී , බොද්දී , යද්දී , බසිද්දී *2. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා* 🍃 🔰 යම් කිසි ක්‍රියාවක් සිදු වීමට බලපාන අනෙක් ක්‍රියා. ( අවිනිශ්චිත බවක් හැඟේ ) 🔰 කෑවොත් , බිව්වොත් , බැලුවොත් , පිරුණොත් __________________________ pahasara ©උපුටා ගැනීමේදී කතු අයිතිය සුරැකීමට කාරුණික වන්න. 🙂
❤️ 7

Comments