Citizen.lk News
Citizen.lk News
January 31, 2025 at 03:36 AM
🟠 ‍ ‍*සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්* “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. 1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.01.31* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️ 👍 7

Comments