Citizen.lk News WhatsApp Channel

Citizen.lk News

5.2K subscribers

Similar Channels

Swipe to see more

Posts

Citizen.lk News
Citizen.lk News
6/16/2025, 10:30:13 AM

🟠 *තාක්ෂණික දෝෂයක් ඇති බවට සැකයක් හේතුවෙන් ඉන්දීය යානයක් යළි හොංකොං බලා පැමිණෙයි* හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබෙනවා. මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක්. මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බවයි වාර්තා වන්නේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
👍 1
Image
Citizen.lk News
Citizen.lk News
6/16/2025, 10:21:58 AM

🟠 *පළාත් මට්ටමින් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක්* 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබෙනවා. මෙම වැඩසටහන ඔස්සේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ඇති. පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
👍 1
Image
Citizen.lk News
Citizen.lk News
6/17/2025, 1:28:25 AM

🟠 *ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්* ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි. කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙසත් එම නිවේදනයෙන් ඉල්ලා සිටිනවා. එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
🙏 1
Image
Citizen.lk News
Citizen.lk News
6/17/2025, 1:13:37 AM

🟠 *අද ප්‍රදේශ කිහිපයකට වැසි* අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
Image
Citizen.lk News
Citizen.lk News
6/16/2025, 9:24:44 AM

🟠 *ගම්පහ විශේෂ ඒකාබද්ධ ඩෙංගු වැඩසටහනක්* ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේගේ උපදෙස් පරිදි පසුගියදා (14) පැවැත්වුණා. එම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177ම ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරී වසමක නිවාස 50ක් පරීක්ෂා කිරීම හා නිවැසියන් දැනුවත් කිරීම මෙහිදී සිදු වුණා. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඒකක 60,000ක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
👍 2
Image
Citizen.lk News
Citizen.lk News
6/17/2025, 1:23:25 AM

🟠 *රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණයක්* මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබෙනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා නැමැති අලෙවි නියෝජිතවරියයි. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
❤️ 😮 4
Image
Citizen.lk News
Citizen.lk News
6/17/2025, 2:09:39 AM

🟠 *ඉරානයේ ප්‍රවෘත්ති නාලිකාවට ප්‍රහාරයක්* ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ඊයේ (15) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ලවූ බවයි ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරුද පටිගත වී තිබුණා. පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීමට ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධියට පැයකට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Video
Citizen.lk News
Citizen.lk News
6/17/2025, 1:40:08 AM

🟠 *ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගොස්තු මස* ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (16) කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ගොනුකිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කර තිබෙනවා. අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කනිෂ්ක විතාරන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස නියම කළා. වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
Image
Citizen.lk News
Citizen.lk News
6/16/2025, 9:53:08 AM

🟠 *සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ* සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවයි. මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වනවා. _එම වාර්තාව ලබා ගැනීම සඳහා පහත සබැඳිය ඔස්සේ අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න._ https://si.citizen.lk/article.php?slug=assets-of-88-individuals-involved-in-organized-crime-and-financial-fraud-frozen6 *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
❤️ 👍 3
Image
Citizen.lk News
Citizen.lk News
6/16/2025, 9:16:18 AM

🟠 *මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් වැටලීම් අඛණ්ඩව* මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා. ඒ යටතේ ඊයේ (15) දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 590 ක්, ගංජා කිලෝග්‍රෑම් 192 ක් හා මත්පෙති 1324 ක් එම සැකකරුවන් ළඟ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. සැකකරුවන් අද (16) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.16* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

Post image
❤️ 3
Image
Link copied to clipboard!