Citizen.lk News
Citizen.lk News
January 31, 2025 at 08:59 AM
🟠 ‍ ‍*වෙනදා ගොයම් කා කා කෑගහපු නාමල් අද නිශබ්ද වෙලා - මහින්ද අමරවීර* ගොයම් කැපීම ආරම්භවී තිබුණද වී සඳහා සහතික මිලක් ලබාදීමට රජය අපොහොසත්වී ඇති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. වෙනදා ගොයම් කමින් කෑ ගැසූ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා අද නිශබ්දවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර ප්‍රකාශ කරපු කරනු අද ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා. අද වන විට ආණ්ඩුව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ජනතාවත් ආණ්ඩුවෙන් ඈත් වෙමින් ඇති බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.01.31* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
🖕 💩 4

Comments