Citizen.lk News
Citizen.lk News
January 31, 2025 at 11:56 AM
🟠 ‍ ‍*සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි සියලු දෙනා සමරන “ජාතියේ මහා මංගල්‍ය” ඔක්තෝබර් මාසයේ පවත්නවා - ජනපති* සියලු ආගම්වල සංස්කෘතික අංගයන් එක් කරගමින් ජාතියේ මහා මංගල්‍ය නමින් ඔක්තෝබර් මාස‌යේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අදාළ යෝජනාව මෙවර අයවැය මඟින් පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යන සියලු ජනතාව එක්ව සමරන දිනයක් අවශ්‍ය බවත් ඔවුන්ගේ ආහාර රාටා, සංස්කෘතික අංගයන්,සංගීත, නාට්‍ය වැනි සියලු දේ එක් කර ජාතියේ මහා මංගල්‍ය නමින් ඔක්තෝබර් මාසයේ මෙය පවත්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. අප බෙදී සිටියද අපේ දරුවන්ට බෙදීමට ඉඩ ලබා නොදිය යුතු බවත් උතුර, දකුණ, නැගෙනහිර සියලු දරුවන් එක්වන රාජ්‍යක් බවට මෙය පත් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.01.31* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️ 👍 😂 19

Comments