Citizen.lk News
Citizen.lk News
February 3, 2025 at 08:04 AM
🟠 ‍ ‍*පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනවා - මැතිවරණ කොමිසම* පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවල තීන්දුව කථානායකවරයා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කඩිනමින් තීරණය කරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ. එසේම පළාත් සභා මැතිවරණය සඳහා අදාළ පනතේ යම් වෙනස් කමක් සිදු කිරීමට අවශ්‍ය බවත් එය සිදුකළ වහාම අදාළ කටයුතු තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
👍 1

Comments