
Citizen.lk News
February 3, 2025 at 10:04 AM
🟠 *පාස්කු ප්‍රහාරයට ගෝඨාභය හා සලේ අත්අඩංගුවට ගන්න ආණ්ඩුව සැලැස්මක් සකස් කරමින් ඉන්නවා - ගම්මන්පිල*
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ වගකිව යුත්තන් ආණ්ඩුවේ සිටින නිසා මහ මොලකරු ලෙස කවුරුන් හෝ ඉදිරිපත් කර සැබෑ අපරාධකරුවන් රැකගැනීමේ උත්සාහක ආණ්ඩුව නිරතවී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව ඒ සඳහා අලුත්ම තිර රචනායක් ආණ්ඩුව විසින් මේ දිනවල සකස් කරමින් ඇති බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරය සිදුකළේ ගෝඨාභය රාපක්ෂ බලයට ගෙන ඒමට හමුදා බුද්ධි අංශ බවට පවසා එවකට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ආණ්ඩුව තුළ තිබෙන බවද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාව තුළ පාස්කු ප්‍රහාරය සිදු කළේ හමුදා බුද්ධි අංශ විසින් බවට වන මිත්‍යාව සමාජගත කිරීමට ආණ්ඩුව අසාර්ථක උත්සාහක නිරත වන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
😂
💩
🖕
17