
Citizen Fact Check
February 3, 2025 at 10:22 AM
🟠 *සමූපාකාර ඡන්දවලින් වත්මන් ආණඩුවට අභියෝගයක් එල්ලවෙමින් පවතිනවා - ගයන්ත කරුණාතිලක*
සමූපාකාර ඡන්දවලින් වත්මන් ආණඩුවට අභියෝගයක් එල්ලවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.
ඒ අනුව සියලු පාර්ව ඒක්වූ පසු ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් ආණ්ඩුවට එල්ල වන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුවේ කටයුතුවලට මේ වන විට බාලගිරි දෝෂය ලබා ඇති බවත්, අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට හා හිටපු කතානායකගේ සහතිකය ජපානයෙන් ගෙන්වා ගැනීමටද බාලගිරි දෝෂය ලබා ඇති බවද ඔහු සදහන් කළා.
ඉටු කිරීමට නොහැකි පොරොන්දු ලබාදී ජනතාව අන්දවා බලය ලබාගෙන ඒවා කිසිවක් ඉටු කර ගැනීමට නොහැකිව එකතැන පල්වන ආණ්ඩුවක් ලංකාවේ මෙතෙක් නොතිබූ බවට මේ වන විට ජනතාව ප්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
😂
😅
8