Citizen.lk News
                                
                            
                            
                    
                                
                                
                                February 3, 2025 at 10:49 AM
                               
                            
                        
                            🟠  *දැන් ඉස්සර වගේ ජනතාව ආණ්ඩුවට බනින්න බය නෑ - රෝහිත අබේගුණවර්ධන*
ජනතාවගේ බඩට ගසා ආණ්ඩුවකට ඉදිරියට යාමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
මිනිසුන් බලා සිටින්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, හාල් අඩු මිලට ලබා ගැනීමට බවත් එය ඉටු නොවන විට ජනතාව ආණ්ඩුවට දොස් පැවරීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අතීතයෙන් මෙන් නොව ජනතාව දැන් ආණ්ඩුවට දොස් පැවරීමට බියක් නොමති බවද ඔහු ප්‍රකාශ කළා.
එක තෙල් ලීටරයකින් රුපියල් 165 ක් සොරකම් කරන බවට ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ බවත් දැන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල බලා සිටියද අදාළ මුදල අඩුවී නොමැති බවත් දැන් මාර්තු පළමුවනදා දක්වා බලා සිටීමට සිදුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            💩
                                        
                                    
                                        
                                            🖕
                                        
                                    
                                    
                                        16