
Citizen.lk News
February 4, 2025 at 01:57 AM
🟠 *77 වන නිදහස් දිනය අදයි*
77 වන නිදහස් දින සැමරුම අදට(04) යෙදී තිබෙනවා.
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ මෙවර 77 වැනි නිදහස් උත්සවය චතුරස්‍ර පරිශ්‍රයේ දී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.04* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
🇱🇰
1