Citizen.lk News
                                
                            
                            
                    
                                
                                
                                February 4, 2025 at 02:36 AM
                               
                            
                        
                            🟠  *සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු - අගමැති*
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
77 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරිය සඳහන් කරන්නේ, සෑමදෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බවයි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බවත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බවද අගමැතිවරිය පෙන්වා දෙනවා.
සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට අප ඔබට පොරොන්දු වෙන බවයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
  
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.04* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        6