Shraddha TV
February 16, 2025 at 04:48 AM
යොවුන් දහම් සක්මන – 2025
විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එක්ව සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන‘ සදහම් වැඩසටහන 2025 පෙබරවාරි 15 වැනි දින 15000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී අතිසාර්ථකව නිමාවට පත්විය.
''ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණිවංශ මහනිකායේ අනුනායක ධූරන්දර කෑගල්ල අභයභූමි තපෝවනයේ ගරු අනුශාසක අතිපූජනීය තපෝවනයේ නිවාත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන්, පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ,පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ ඇතුලු පින්වත් ස්වාමීන් වහන්සේලා සහ මහාචාර්ය ලිලන්ත සමරනායන මහතා, ආචාර්ය පින්වත් ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙවර යොවුන් දහම් සක්මන ගුවන් විදුලි, රූපවාහිනී, අන්තර්ජාල සජීවී විකාශයනයන් ලෙස පවත්වනු ලැබීය. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආදී නන්විද පුණ්‍ය දහරාවන්ගෙන් මෙම වැඩසටහන සමන්විත විය.
'' මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වන්නා වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා..! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා..!
.
.
තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
Photo Album 👇
https://www.facebook.com/share/p/12Ea7EYA7Ec/
🙏
❤️
👍
111