𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
ඝර්ෂණය 𖦹𖦹𖦹𖦹𖦹𖦹 📌 .. නිශ්චල වස්තුවක් චලනය කිරීමට අප විසින් දෙනු ලබන බලයට ප්‍රතිවිරුද්ධව වස්තුවේ ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලය _ඝර්ෂණය_ ලෙස හදුන්වයි. 📌..ඝර්ෂණ බලය සෑම විටම වස්තුවේ චලිතයට විරුද්ධ වේ. 📌..ඝර්ෂණ බල ප්‍රධාන ආකාර තුනකි, 1.ස්ථිතික ඝර්ෂණ බලය බලයක් යෙදුවද වස්තුව චලිත නොවන අවස්ථාවේ දී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. 2.සීමාකාරී ඝර්ෂණ බලය වස්තුවක් යන්තමින් චලනය ආරම්භ කරන විට ක්‍රියාත්මක ⁣වන ඝර්ෂණ බලය. [පෘෂ්ඨ දෙකක් අතර ඇතිවිය හැකි උපරිම ඝර්ෂණ බලය මෙය වේ] 3.ගතික ඝර්ෂණ බලය චලනය වන වස්තුවක චලිතයට එරෙහිව ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. [ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මදක් අඩු වේ.] 📌..සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක 02 කි, 1.ස්පර්ශ පෘෂ්ඨවල ස්වාභාවය 2.අභිලම්බ ප්‍රතික්‍රියාව 📌..ඝර්ෂණය වැඩි කරගත හැකි ක්‍රම , • ස්පර්ශ පෘෂ්ඨ රළු ලෙස සැකසීම. ( වාහන ටයර් වල කට්ටා කැපීම, සපත්තු වල අඩියේ කට්ටා කැපීම) • අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කිරීම. (බර වැඩි කිරීම) 📌..*ඝර්ෂණය අඩු කරගත හැකි ක්‍රම, • ස්පර්ශ පෘෂ්ඨ සුමට කිරීම. ( ස්පර්ශ පෘෂ්ඨ අතරට ලිහිසි තෙල්/ග්‍රීස්/කුයර/මිනිරන් කුඩු යෙදීම, බෝල බෙයා රින් යෙදීම) • අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු කිරීම. (බර අඩු කිරීම) 📌..ඝර්ෂණයේ හිතකර බලපෑම්, • ලිස්සීමකින් තොරව යමක් අල්ලා ගැනීම හැකි වීම. • ලිස්සීමකින් තොරව ඇවිද යාමට හැකි වීම. • ලිස්සීමකින් තොරව වාහන වලට ගමන් කිරීමට හැකි වීම. • තිරිංග යොදා වාහනයක් නතර කිරීමට හැකි වීම. 📌..ඝර්ෂණයේ අහිතකර බලපෑම්, • යන්ත්‍රවල කොටස් ගෙවී යාම. • යන්ත්‍ර වලින් අධික ශබ්දයක් පිටවීම. • විශාල ශක්තියක් අපතේ යෑම. • යන්ත්‍රවල කාර්යක්ෂමතාව අඩු වීම. copied

Comments