
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
4.2K subscribers
About 𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
*`Whatsapp ළමයි ඔන්න සුපිරිම චාන්ස් එකක්`*... 🌼🌝 *ඔව් ඔව් ඔයා තමයි අනෙහ්...*🫣🤍 *ඔයා 10-11-12-13 වසරෙ ද,* 🫵💚 *O/L A/L ගැන බයෙන් ද ඉන්නෙ ?* *පිස්සුද අනේහ් බය වෙන්න එපා 🤭* *O/L A/L වලට සූදානම් වෙන ඔයා Join වෙන්න ම ඕනේ තැනක් මෙකහ්*😼♥️ *මේ channel එකෙන් ඔයාට...* *🌀 ᴏ/ʟ ᴘᴀꜱᴛ ᴘᴀᴘᴇʀꜱ* *🌀ᴏ/ʟ ᴘᴀꜱᴛ ᴘᴀᴘᴇʀꜱ ᴍᴄQ* *🌀ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ* *🌀ᴛᴇʀᴍ ᴛᴇꜱᴛ ᴘᴀᴘᴇʀꜱ* *🌀ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ ᴘᴏꜱᴛ* *🌀ꜱᴛᴜᴅʏ ᴛɪᴘꜱ* *🌀ɢᴜᴇꜱꜱɪɴɢꜱ* *ගන්න පුලුවන්...*🌼🐼 *O/L විතරක් ම නෙවෙයි ලමයොහ් 🤭❤️🩹* *`A/L වලටත් අවශ්‍ය දෙවල් දෙනවා`* *🌻O/L A/L විභාගෙ ගොඩ දාගන්න ඕන නම් set වෙන්න...* - •• *➤𝘚𝘩𝘰𝘳𝘵 𝘕𝘰𝘵𝘦𝘴 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟🧠💥•• - BEST MoTiVaTiOn - 📚🖇️📌️* *#𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍* *👇 View Channel වලින් එන්න ලමයොහ් 🐼🩵* https://whatsapp.com/channel/0029VaaUJaUJP2149NFwxd0x
Similar Channels
Swipe to see more
Posts

✨බුද්ධ ධර්මය✨ 🍀SHOT NOTE 🍀 🔷සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.🔷 🌞දස වස්තුක සම්මාදිට්ඨි චතුසත්‍ය සම්මාදිට්ඨි ✨දස වස්තුක සම්මාදිට්ඨිසංස්කරණය 🍓අත්ථි දින්නං (දන් දීමෙහි විපාක ඇත) ✨අත්ථි යිට්ඨං (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත) 🍓අත්ථි හුතං (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත) ✨අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත) 🍓අත්ථි අයං ලෝකෝ (පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත) 🍓අත්ථි පරෝ ලෝකෝ (මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත) 🍓අත්ථි මාතා (මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත) ✨අත්ථි පිතා (පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත) ✨අත්ථි සත්තා ඕපපාතිකා (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත) ✨අත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං 🍃අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති (යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත) 🔷චතුසත්‍ය සම්මාදිට්ඨිසංස්කරණය ⭕️දුක්ඛෙ ඤාණං (දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය) 🍀දුක්ඛ සමුදයෙ ඤාණං (දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය) ⭕️දුක්ඛ නිරොධෙ ඤාණං (දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය) 🍀දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං (දුක්ඛ නිරොධ මාර්‍ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)

✨ *අපට වැසිකිළියක්* ✨ *⭕උපුටාගත් ග්‍රන්ථය = නොනිමි සිත්තම හා තවත් කෙටි කතා* *⭕රචනා වූ ශෛලිය = උත්තම පුරුෂ රචනා ශෛලිය* *⭕කතුවරයාගේ නම = කේ . ජයතිලක* *⭕කතුවරයාගේ උපත = 1926.06.27* *⭕එතුමාගේ මුල්ම කෙටිකතාව = පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා* *⭕ එතුමාගේ සෙසු කෙටිකතා,* • එක ගෙයි අවුරුද්ද • නොනිමි සිත්තම හා තවත් කෙටිකතා • අතීරණය • වජිර පබ්බත • කටු සහ මල් *⭕කතුවරයා ගේ ගම් ප්‍රදේශය = කිරිදිවැල රදාවාන* *⭕කතුවරයාගේ නවකතා,* • පුංචිරාළ • පුංචිරාළගේ මරණය • රාජපක්ෂ වලව්ව • මතුසම්බන්දයි • මායා මාලිගා • කාලෝ අයංතේ • චරිත තුනක් • දෙලොවට නැති අය • පරාජිතයෝ • පිතා මහ *⭕රාජ්‍ය සම්මාන හිමි වූ නවකතා,* • චරිත තුනක් • පිතාමහ • පුංචිරාළ • මතු සම්බන්ධයි *⭕ළමා පරපුර වෙනුවෙන් කළ කෘති,* • ඉස්සරහ බලන්නෝ • පුංචි වලාකුළ සහ පුංචි පුතා • ඉරුණු බළලා • ඩුං ඩුං ඩුඩුං ඩුං • කතන්දර පොත • අයියයි නංගියි *⭕එතුමා ට ලැබුණු සම්මාන,* • ලේඛකයකුට පමණක් එක වරක් ලැබෙන *" සාහිත්‍ය රත්න "* සම්මානය • ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිරිනමන *"සාහිත්‍ය සූරී"* සම්මානය

*⭕ප්‍රකාශ විද්‍යාව - Short notes* *11 ශ්‍රේණිය - භෞතික විද්‍යාව* * සුමට පෘෂ්ඨ මත පතනය වන ආලෝක කිරණ ආපසු හැරී එම මාධ්‍යයටම ගමන් කිරීම පරාවර්තනය නම් වේ. * තල දර්පණ හා වක්‍ර දර්පණ මඟින් ආලෝකය පරාවර්තනය කරයි. > *🛑පරාවර්තන නියම* *1️⃣පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී ඇඳි අභිලම්භයත් එකම තලයක පිහිටයි.* *2️⃣පතන කෝණයත්, පරාවර්තන කෝණයන් එකිනෙකට සමාන වේ. (i = r)* * උත්තල හා අවතල දර්පණ වක්‍ර දර්පණ වේ. ( සා.පෙළ වැඩ්ඩො) * ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේ දී නැවී ගමන් කිරීම ආලෝක වර්තනය නම් වේ. * විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යකට ඇතුළු වීමේ දී ආලෝකය අභිලම්භය දෙසට වර්තනය වේ. * ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යකට ඇතුළු වීමේ දී ආලෝකය අභිලම්භයෙන් ඉවතට වර්තනය වේ. *🛑වර්තන නියම* *1️⃣පතන කිරණය, වර්තන කිරණය හා පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්භය එකම තලයක පිහිටීම.* *2️⃣වර්තනාංකය =* *පතන කෝණයේ සයිනය /* *වර්තන කෝණයේ සයිනය* * මෙය ස්නෙල්ගේ නියමය ලෙස හඳුන්වයි... * විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යකට ගමන් කිරීමේ දී වර්තන කෝණයේ අගය 90° ක් වන විට එම කෝණය අවධි කෝණය ලෙස හඳුන්වයි. *🪄පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය* * ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ආලෝකය ගමන් කිරීමේ දී පතන කෝණයේ අගය අවධි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ගහනතර මාධ්‍ය තුළටම වර්තනය වීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් වේ. * ප්‍රකාශ තන්තු තුළින් ආලෝකය ගමන් කරන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙමිනි.

ඔන්න ඉතිම් අවුරුද්දක් තිස්සෙ බලාගෙන හිටපු වෙසක් දවසත් ආවා... ඉස්සර වගෙ නැති උනාට අපි පුලුවන් විදියට වෙසක් සමරමූ...😓 ඒක නිසා අපේ admind team එක තීරණය කරා පොඩි වැඩක් කරන්න.... *ඔයාලා හදපු වෙසක් කූඩුවල ලස්සන පොටො එකක් එවමු බලන්න...* ලස්සනම වෙසක් කූඩු 10 පොටො channal එකට දානවා. මෙන්න nb එක ඉක්මනට ඔයාලා හදපු වෙසක් කූඩූ එවමු බලන්න..🌝😌 nb- +94776652969


*O/L වලදි වැදගත් වන ප්‍රමේයයන්* 😶🌫✨ 📌 සරල රේඛා 2ක් චේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුක කෝණ සමාන වේ. 📌 එක් සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමුවීමෙන් සෑදෙන බද්ධ කෝණ පරිපූරක වේ. 📌 සමාන්තර රේඛා 2ක් තීර්යක් රේඛාවකින් චේදනය වූ විට සෑදෙන, 1. ඒකාන්තර කෝණ සමාන වේ. 2. අනුරූප කෝණ සමාන වේ. 3. මිත්‍ර කෝණවල ඓක්‍යය 180°කි. 📌 සරල රේඛා 2ක් චේදනය වූ විට සෑදෙන, 1. ඒකාන්තර කෝණ යුගල සමාන වේ නම් හෝ, 2. අනුරූප කෝණ යුගල සමාන වේ නම් හෝ, 3. මිත්‍ර කෝණවල ඓක්‍යය 180°ක් වේ නම් හෝ 'එම සරල රේඛා දෙක සමාන්තර වේ.' 📌 ත්‍රිකෝණ අංගසම වන අවස්ථා, 1. පාද:පාද:පාද අවස්ථාව 2.කෝණ:කෝණ:පාද අවස්ථාව 3. පාද:කෝණ:පාද අවස්ථාව 4. කර්ණ පාද අවස්ථාව 📌 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. 📌 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍යය 180°කි. 📌 පාද n නමැති බහුඅස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය = 180° × (n-2) ඕනෑම බහුඅස්‍රයක බාහිර කෝණවල ඓක්‍යය 360°කි. 📌 ත්‍රිකෝණයක පාද 2ක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. 📌 ත්‍රිකෝණයක කෝණ 2ක් සමාන වේ නම් එම කෝණ 2ට සම්මුඛ පාද දිගින් සමාන වේ. 📌 සමාන්තරාස්‍රයක, 1. සම්මුඛ පාද සමාන වේ. 2. සම්මුඛ කෝණ සමාන වේ. 3. එක් එක් විකර්ණ මගින් සමාන්තරාස්‍රයේ වර්ගඵලය සමච්චේදනය කරයි. 📌 සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙක සමච්චේදනය වේ. 📌 සම්මුඛ පාද යුගල් සමාන වූ චතුරස්‍රයක සම්මුඛ පාද සමාන්තරද වේ. 📌 චතුරස්‍රයක සම්මුඛ පාද යුගල සමාන නම්,එය සමාන්තරාස්‍රයකි. 📌 චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක. 📌 චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල සමාන නම්,එය සමාන්තරාස්‍රයකි. 📌 ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එය දිගින් ඉතිරි පාදයෙන් හරි අඩකි. 📌 ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට අදින රේඛාවෙන් තුන්වෙනි පාදය සමච්චේදනය වේ. 📌 එකම අධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. 📌 එකම අධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්‍ර වර්ගඵලයෙන් සමාන වේ. 📌ත්‍රිකෝණයක් හා සමාන්තරාස්‍රයක් එකම අධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටා ඇත්නම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකි. 📌 සෘජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත පිහිටි සමචතුරස්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත පිහිටි සමචතුරස්‍රවල වර්ගඵලයේ එකතුවට සමාන වේ. (පෛතගරස් ප්‍රමේයය ) 📌 ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අදින ලද සරල රේඛාවෙන් එහි ඉතිරි පාද 2 සමානුපාතිකව බෙදයි. 📌 සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද 2ක් සමානුපාතිකව බෙදයි නම් එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. 📌 ත්‍රිකෝණ 2ක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. 📌 ත්‍රිකෝණ 2ක පාද සමානුපාතික නම් එම ත්‍රිකෝණ සමකෝණී වේ. 📌 වෘත්තටක ජ්‍යායක මධ්‍ය ලක්ෂයේ සිට එම වෘත්තයේ කේන්ද්‍රයට අදින ලද සරල රේඛාව එම ජ්‍යායට ලම්බ වේ. 📌 වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අදින ලද ලම්බකයෙන් ජ්‍යාය සමච්චේදනය වේ. 📌 වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය, එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. 📌 වෘත්තයක විෂ්කම්භයක් මගින් පරිධියේ ආපාතිත කෝණය සෘජු කෝණයකි. 📌 වෘත්තයේ එකම ඛණඩයේ කෝණ සමාන වේ. 📌 වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. 📌 චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්‍තයක් මත පිහිටයි. 📌 වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ අරයට ලම්භව ඇදි සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. 📌 වෘත්තයක ස්පර්ශකයකට, ස්පර්ශ ලක්ෂයේදි ඇදි අරය හා එකිනෙක ලම්භ වේ. 📌 බාහිර ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශක 2ක් අදිනු ලැබේ නම් එම, 1. ස්පර්ශක 2 දිගින් සමාන වේ. 2. ස්පර්ශක වලින් වෘත්තයේ කේන්ද්‍රයේ සමාන කෝණ අපාතනය කරයි. 3. බාහිර ලක්ෂ්‍ය හා කේන්ද්‍රය යා කරන සරල රේඛාව ,ස්පර්ශක අතර කෝණය සමච්චේදනය කරයි. 📌 වෘත්තයකට ඇදි ස්පර්ශකයත්,ස්පර්ශක ලක්ෂයේදි ඇදි ජ්‍යායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණඩයේ කෝණයට සමාන වේ.. 🙃🙃🙃🙃

Grade 11 History lesson 02 Short note 🌝✌️ *ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම🌻🌸* =========================== ✨ ~යුරෝපීයන් ආසියාවට පැමිණි අරමුණු~ 🖤 වෙළදාම 🖤ආගම ප්‍රචාරය කිරීම 🖤 යටත් විජිත පිහිටුවා ගැනීම *💐බ්‍රිතාන්‍යයන් ආසියාවට/ඉන්දියාවට පැමිණීම* 🌱බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණි වර්ශය -- *ක්‍රි.ව. 1600* 🌱එකල බ්‍රිතාන්‍ය පාලනය කළේ -- *1 වන එලිසබෙත් රැජිණ* 🌱එකල ඉන්දියාව පාලනය කළේ -- *ජහන්ගීර්* 🌱ඉන්දියාවේ පිහිටවූ වෙළඳ සමාගම -- *පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම* 🌱ඉංග්‍රීසීන් විසින් ඉන්දියාවේ පිහිටවූ වෙළඳ මධ්‍යස්ථාන -- *මදුරාසිය , බොම්බාය, කල්කටා* 💐 *ප්‍රංශ ජාතිකයින් ආසියාවට පැමිණීම* 🌱පැමිණි වර්ශය -- *ක්‍රි.ව. 1664* 🌱 පිහිටවූ වෙළඳ සමාගම -- *ප්‍රංශ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම* 🌱ප්‍රංශවරු විසින් පිහිටු වන ලද වෙළඳ මධ්‍යස්ථාන -- *චන්ද්‍රනගර් , පොන්ඩිචෙරි, කරිකාල්* *ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වීමට හේතු 🐼🌻🍃* ✨ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම ✨ ඉන්දියාවට ආසන්න දූපතක් ලෙස පිහිටීම ✨ ත්‍රිකුණාමල වරායේ පිහිටීම ✨ශ්‍රී ලංකාවේ වෙළඳ වැදගත්කම 📌 _ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් යටත් කර ගනු ලැබුවේ ක්‍රි.ව.1796 දීය.. ඊට පෙර අවස්ථා තුනකදී ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ උඩරට පාලකයන් හමු වී ඇත.._ *ක්‍රි.ව.1796 ට පෙර ලංකාවට පැමිණි ඉංග්‍රීසි දූතයන් 🌼🌾* 1762 - ජෝන් පයිබස් 1782 - හියු බොයිඩ් 1795 - රොබට් ඇන්ඩෘස් *"උඩරට ගිවිසුම✍️🍃"* 🌻 අත්සන් කළ දිනය - *1815 මාර්තු 02* 🌻 අත්සන් කළ ස්ථානය - *මහනුවර මගුල් මඩුව* 🌻 ගිවිසුම කෙටුම්පත් කිරීම - *ජෝන් ඩොයිලි* 🌻 වගන්ති ගණන - *12* 🌻4 වන වගන්තිය - *රදළයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීම පිළිබඳව* 🌻5 වන වගන්තිය - *බුදු දහම හා වෙහෙර විහාර ආරක්ෂා කිරීම පිළිබඳව* 🌻 ගිවිසුම අත්සන් කිරීම - *රොබට් බ්‍රවුන්රිග්* ( බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන්) 🌻 සිංහල රදළ ප්‍රධානීන් වෙනුවෙන් අත්සන් කළේ *❤🩹මොණරවිල කැප්පෙටිපොළ* *❤🩹 මඩුගල්ලේ දිසාව* *❤🩹 ඇහැලේපොළ අදිකාරම්* *❤🩹ගලගම දිසාව* *❤🩹දූල්ලෑව දිසාව* 🌻ගිවිසුමේ ප්‍රතිඵලය - *ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වීම* 🌻 උඩරට ගිවිසුම අත්සන් කළ සමයේ බ්‍රිතාන්‍යයේ සිටි රජු - *||| වන ජෝර්ජ් රජු* *"🌻✨ පළමු නිදහස් සටන"* 🍃 වෙනත් නම් - *🖤1818 සටන* *🖤ඌව වෙල්ලස්ස සටන* 🍃 සටන ආරම්භ වූ ප්‍රදේශය - *ඌව වෙල්ලස්ස* 🍃සටනේ නායකයින් - ❤🔥 *මොණරවිල කැප්පෙටිපොල* ❤🔥 *මඩුගල්ලේ දිසාව* ❤🔥 *බූටෑවේ රටේ රාළ* ❤🔥 *කිවුලේගෙදර මොහොට්ටාල* 🍃සටනට බලපෑ ආසන්නතම හේතුව - *ඌව වෙල්ලස්සේ මඩිගේ මුහන්දිරම් තනතුරට සුළු ජාතිකයෙක් පත් කිරීම* 🍃 වෙනත් හේතු - *🌿රජෙකු නොමැති වීම පිළිබඳ කනස්සල්ල* *🌿උඩරට රදළයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි වීම* *🌿බුදු දහම හා සංස්කෘතිය විනාශ වී යනු ඇතැයි සැක කිරීම* 🍃 නිදහස් සටන අසාර්ථක වීමට හේතු ❤🔥 *සටන මැනවින් සංවිධානය වී නොතිබීම* ❤🔥 *ඉංග්‍රීසීන් අනුගමනය කළ දැඩි මර්ධනකාරී පිළිවෙත* (බිම් පාළු ප්‍රතිපත්තිය) ❤🔥 *ඉංග්‍රීසීන් සතු අවි බලය* ❤🔥 *සටනේ නායකයින් අතර පැවති පෞද්ගලික එදිරිවාදිකම්* 🍃 සටනේ ප්‍රතිඵල 💗 *සටන පරාජයට පත්වීම* *💗සටනේ නායකයින්ට දඩුවම් පැමිණවීම* *💗1818 උඩරට ප්‍රකාශනය එළි දැක්වීම* *"දෙවන නිදහස් සටන🌻✨"* 🍂 වෙනත් නම් - 🌿 *මාතලේ සටන* 🌿 *1848 සටන* 🍂සටන ආරම්භ වූ ප්‍රදේශය - *මාතලේ* 🍂 සටනේ නායකයින් - 🌿 *ගොංගාලේගොඩ බණ්ඩා* 🌿 *වීර පුරන් අප්පු* 🌿 *කඩහපොළ හිමි* 🍂 දෙවන නිදහස් සටන සමයේ සිටි ආණ්ඩුකාරවරයා - *ටොරිංටන් ආණ්ඩුකාරවරයා* 🍂සටනට බලපෑ ආසන්නතම හේතුව - *ටොරිංටන් ආණ්ඩුකාරවරයාගේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය* 🍂 ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින් පැනවූ බදු වර්ග 🌿 *තුවක්කු බද්ද* 🌿 *කඩ සාප්පු බද්ද* 🌿 *ඇග බද්ද* 🌿 *බලු බද්ද* 🍂 ජනතාවගේ වැඩිම විරෝධය එල්ල වූ බද්ද - *තුවක්කු බද්ද* 🍂 සටන අසාර්ථක වීමට හේතු 🌿 *සටන මැනවින් සංවිධානය* *නොවීම* 🌿 *ඉංග්‍රීසීන් සතු අවි බලය* 🌿 *නව අධිකරණ ක්‍රමයක් හඳුන්වා දීම* 🍂 සටනේ ප්‍රතිඵල 🌿 *සටන පරාජයට පත්වීම* 🌿 *සටනේ නායකයින්ට දඩුවම් පැමිණවීම* 🌿 *බේලි කොමිසම පත් කිරීම* 🌿 *ටොරිංටන් ආණ්ඩුකාරවරයාගේ සේවය අත් හිටුවීම* yasuu✍️🍃

*බුද්ධ ධර්මය කෙටි ප්‍රශ්න 10 ක් හා එවාට පිළිතුරු.. 🥹✅* ️01) බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය කුමක්ද? ඉසිපතන මිගදාය හා උපවත්තන සල් උයන ️02) සිදුහත් බෝසතුන්ගේ අනුපමේය රූපශ්‍රිය හා ශාන්තබව දැක " මෙවන් පුතකු ලද මවත් පියෙක් නිවුණෝ පිපි ප්‍රකාශ කරනු ලැබුවේ. කිසා ගෝතමීය විසිනි රෝගියකු හට වෛද්‍යවරයකුගේ සවය (වෙදකම) තරමට, උපස්ථායක සේවය (හෙදකම්) වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ ආදර්යයෙන් ම පෙන්වා දුන් අවස්ථාවකට නිදසුනක් වන්නේ. පුතිගත්තතිස්ස කථා පුවතයි. 04) සංග්‍රාම භූමියක සිටින ඇතෙකුට සතුරාගෙන් කෙතරම් සී පහර වැදුන ද පසුපසට නොයන්නාක් මෙන් නින්දා ප්‍රශංසා ආදිය හමුවේ නොසැලී ඉදිරියට යාමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට විය. මෙය, තාදී ගුණය නමින් හැඳින්වේ. ️05) නිවන් පසක් කිරීමට අවශ්‍යවත මනා වු ප්‍රසිපස්සි රකින බැවින් මහාසංඝරත්නය, සුපටිපනන කම් වන සේක. ️06) බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික ආරාම වලට වැඩම කළ කල්හි ඉතා උණුසුම් ආකාරයෙන් උන්වහන්සේ පිළිගනු ලැබූ බව බොහෝ සුත්‍ර වල දැක්වේ. මෙයින් ප්‍රකට වන්නේ උන්වහන්සේ තුළ පැවති. ආගමික සහනශීලී බවයි. ️07) බුදුරජාණන් වහන්සේ, පිප්ඵලී ගුහාවට වැඩම කොට සත්ත බොජ්ඣංග ධර්මය දේශනා කිරීමෙන් පසු එය ශ්‍රවණය කොට තම රෝගී තත්ත්වයෙන් මිදුනේ, මහා කාශප හිමි 08) ස්වභාවික පරිසරයට දම්සභා මණ්ඩප බවට පත් කරගත් අවස්ථා රැසක් ගෞතම බුදුසිරිතෙන් ප්‍රකට වේ. ඒ අනුව උන්වහන්සේ වේදනා පරිgio සූත්‍රය දේශනා කළේ. ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී ය. ️09) සිදුහත් බෝසතාණන් වහන්සේ නෙබමිම්ම පාරමිතාව සම්පුර්ණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කථාව කුමක්ද? මඛා දේව ජාතකය ️10) තණ්හා මාණ මිත්‍යාදෘෂ්ටියෙන් තොරව කරුණා ප්‍රඥාවෙන් යුතුව කමාගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස බලවත් උත්සාහය ඇති කරගනිමින් සම්පුර්ණ කරන පාරමිතාව හදුන්වන්නේ ? විර්ය පාරමිතාව නමිනි.

එවනකොට නමත් එක්ක එවන්න හොදේ😌🌝

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන සුපින්බර වෙසක් පොහොය දිනයක් වේවා..!!🙏🙏 Wishing you a blessed vesak poya day 🙏🌷☸️ 𝙼𝚁.𝙼𝙸𝚉𝚄𝙺𝙸 & 𝙰𝙳𝙼𝙸𝙽 𝚃𝙼 🔰𝙎𝙆𝙋 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉- 𝘧𝘳𝘦𝘦 𝘦𝘥𝘶𝘤𝘢𝘵𝘪𝘰𝘯 𝘵𝘰 𝘢𝘭𝘭......🔰
