𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
History lesson 04
Short note
Part 01
*😻බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්*
==========================================
✿ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවධියේ මෙරට පැවතියේ රාජාණ්ඩු පාලන ක්‍රමයකි. ඔවුහු වසර 150 ට ආසන්න කාලයක් මෙරට පාලනය කළ අතර අප නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ගොඩ නගා තිබුණි.
💦 _කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ_
🌸 කොමිසමේ නාමය - *කෝල්බෘක් කොමිසම*
🌸 කොමිසමේ සාමාජිකයන් - *විලියම් කෝල්බෘක්, සී.එච් කැමරන්*
🌸 කොමිසම පත් කළ වර්ෂය - *1829*
🌸 කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ වර්ෂය - *1833*
🌸 කොමිසම පත් කිරීමට හේතුව - *බ්‍රිතාන්‍ය පාලනය ආරම්භයේ අයහපත් මුදල් තත්ත්වයට විසඳුම් සෙවීම*
🌸 කොමිසමට පැවරුණු කාර්යය - *පාඩු ලැබීමට බලපෑ හේතු සොයා බැලීම හා විසඳුම්, යෝජනා ඉදිරිපත් කිරීම*
🌸 කොමිසමේ යෝජනා -
✨ *ව්‍යවස්ථාදායක හා විධායක සභා ක්‍රමයක් ඇති කිරීම*
✨ *උඩරට හා පහතරට ඒකාබද්ධ කිරීම*
✨ *දිවයින පළාත් 5 කට බෙදා දැක්වීම*
✨ *රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම*
✨ *රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ඇති කිරීම*
✨ *ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම*
✨ *අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය හා ගම් සභා ක්‍රමය අහෝසි කිරීම*
copied .