Dr.Rasanjana Ilangkoon
                                
                            
                            
                    
                                
                                
                                January 18, 2025 at 05:15 AM
                               
                            
                        
                            හැමදාම ඔලුවෙ කැක්කුම නම් ඒක බඩේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්  😊
☘️අපේ ශරීරය කියන්නෙ එකිනෙකට බද්ධ වුනු අවයව ඉන්ද්‍රියන් වල එකතුවක්.මේ නිසා එක් තැනක සිදුවෙන අසාමාන්‍යතා තවත් රෝගයකට හේතුවක් වෙනවා. 
☘️බඩ පුරවා දැමීම නිතරම බඩ වියලීම සහ වැසිකිලි යාමේ අපහසුතාවය වගේ ලක්ෂණ ඔබට තියෙනවා වෙන්න පුළුවන් .
☘️මේ විදියට ඔබට දීර්ඝකාලීන ව පවතින මලබද්ධතාවය නිසා ශරීරය තුල නොපැසුණු ආහාර විෂ, විවිධ වායූන් වර්ග ආදිය එකතුවීමක් සිදුවෙනවා. 
ඒ කියන්නෙ කන කෑම එක දිරවන්නෙ බාගෙට. හරියට අපි එලියෙ තියලා තියන කෑම එකක් පිලුනු වෙනවා වගේම අපේ බඩ ඇතුලෙදිත් මේ බාගෙට දිරවපු කෑම එහෙම වෙලා 
විවිධාකාර වායු වර්ග නිපදවනවා.🥴
☘️මේ එකතුවන වායූන් නිසා බඩ පුරවා දැමීම ආහාර අරුචිය ආදියත් උදරයේ විවිධ වේදනා තත්වත් ඇතිවෙනවා. 
දීර්ඝකාලීන ව මලබද්ධතාවය පවතිනකොට මේ වායූන් ශරීරය පුරා ගමන් කිරීම හේතුවෙනුත් ඇතැම් ස්ථානවල එකතුවීම   හේතුවෙනුත් විෂ තත්ව නිසාත් පාලනය කල නොහැකි අධික හිසරදය තත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කොච්චර pain killer ගත්තත් අඩුනොවෙන සදාකාලික හිසරදතත්ව මේ නිසා එන්න පුලුවන් .
ඒ වගේම  අපේ ආහාර හරියට ජීර්ණය නොවීමෙන් සෑදෙන යම් යම් විෂ වර්ග ශරීරයේ විවිධ තැන්වල එකතුවීමෙන් කල්ගත වෙනකොය සන්ධි රෝග මාංශ පේශි වේදනා  පවා ඇතිවෙනවා.
☘️මේ විදියට වෙන එකෙන් කල් ගත වෙනකොට 
- ඇග දැවිල්ල
- අධ්කව සම වියලීම.
- දහඩිය දුර්ගන්ධය 
-සන්ධිවල ඇතිවෙන නැවීමේ අපහසුතා
- ශරීරය කෙට්ටු වීම 
වගේ ලක්ෂණ ත් දකින්න පුළුවන් වෙනවා.
☘️මේ නිසා මල බද්ධතාවය වගේම බඩ නිතරම පුරවා දැමීම කියන්නෙ ගනන් නොගත යුතු කරුණක් නෙවෙයි.. 
මේ සදහා සුදුසුම වෙන්න ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර.. ඔබේ ආහාර ජීර්ණය ක්‍රමවත් විදියට සකස්කරලා අනිකු ගැටලුවලට පිලිතුරු ලබාදෙන්න එයට හැකියාව තියෙනවා.
ඒ නිසා ප්‍රමාද නොකර ප්‍රතිකාර වලට යොමුවෙන්න අමතක කරන්න එපා.. 
Dr.Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)
HarithaAyur Healthcare 
Ganemulla
Contact via whtsapp -0703482814 ( online consultation )
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                    
                                        132