Dr.Rasanjana Ilangkoon WhatsApp Channel

Dr.Rasanjana Ilangkoon

4.5K subscribers

About Dr.Rasanjana Ilangkoon

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇසුරින් නීරෝගීමත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා අත්වැලක්.... ❤️

Similar Channels

Swipe to see more

Posts

Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/5/2025, 4:52:57 AM
Post image
❤️ 4
Image
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/5/2025, 4:52:50 AM

🚫🚫🚫බ්ලීචින් ආසාදනයක සුව වීමේ ප්‍රතිපල ❤️❤️❤️ බ්ලීචින් ආසාදනය සම්බන්ධව ප්‍රතිකාර පටන් ගත්තෙ 2025 පෙබරවාරි මාසෙ.. ඊටත් කලින් මැසේජ් දාල තිබුනත් මට ඒවාබලන්න බැරි වෙලා තිබ්බා. බ්ලීචින් ක්‍රීම් එක පාවිච්චියෙන් පස්සෙ මුහුණ අධිකව තෙල් සහිත වීම පොකුරු ආකාරයෙන් පැමිණෙන සැරව සහිත කුරුලෑ Black heads white heads මේ රෝගියාගෙ තිබ්බ විශේෂ ලක්ෂණ.. කුරුලෑ එන එක සම්පුර්නයෙන් සුව වෙලා සම යථා තත්වයට ආවත් තෙල් සහිත වෙන එක තවමත් මද වශයෙන් තියනවා.. මේ හැම එකක්ම වෙන්නෙ අපේ skin barrier එක බ්ලීචින් ක්‍රීම් නිසා හානියට පත්වෙන නිසා සමහර අයට උඩින් කීව එක ලක්ෂණයක්වත් ආවෙ නැති උනත් මුහුණේ උඩම සමේ ස්ථරය හානිවෙලා අජීවි ස්වාභාවයක් live නැති ස්වාභාවයක් එනවා. එහෙම උනාම අපි පාවිච්චිකරන කිසිම නිෂ්පාදනයකින් ප්‍රතිපල එන්නෙත්නෑ.. ඒනිසා ඒ වගෙ අපිට කෙලින්ම නොපෙනෙන දේවල් වෙන්න පුලුවන් කියලාත් මතක තියාගන්න.. මූන කියන්නෙ අපිට ගොඩක් වටින දෙයක්.. කවුරුත් අකමැතිම දේ තමා මුහුණ මොන ම හරි දේකින් අවුල් වෙන එක. 🙂 ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ කියලා කීව මේ රෝගියාව මේ මට්ටමට ගන්න පුලුවන් එක ගැන ගොඩක් සතුටුයි.. ❤️❤️❤️❤️ සටහන ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන් BAMS( කැලණිය විශ්වවිද්‍යාලය) ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා 0703482814 අංකයට whatsapp පණිවිඩය ක් යොමුකරන්න..

❤️ 7
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/9/2025, 4:47:01 AM

මේ වගෙ නිතරම බඩ රිදෙන්න කැක්කුම් ගන්න පටන් ගන්නෙ ඇයි ? 🚫🚫🚫🚫 වෙන්න පුලුවන් හේතු තමා 🫰අම්ල පිත්ත තත්වයක් නිසා ආමාශය අන්ත්‍ර ආශ්‍රිතව තුවාල තත්ව ඇතිවීම ( මේකෙදි එන වේදනාව නම් දරාගන්න අමාරුයි) 🫰 ග්‍රහණි ( Irritable bowel syndrome ) වගෙ තත්වයක් නිසා අපේ අන්ත්‍රවල ක්‍රියාකාරීත්වය අඩුවෙලා ඒවට බාධා වෙලා නිසා නිතර නිතර බඩ රිදෙන්න ගන්න එක. මෙහෙම අවස්ථාවල වතුර ටිකක් බඩට වැටුනත් රිදෙන්න ගන්න පුලුවන් . 🫰 මල බද්ධය දීර්ඝකාලීන ව තියන එකෙන් බඩ ඇතුලෙ වායූන් එකතුවෙලා ඒ වායූන් එක් රැස් වෙන තැන්වල පීඩනය එක්ක ඇතිවන අධික උදර වේදනාව 🫵 ❤️ ජොයින්ට් කැක්කුම් ඇග පත රිදීම් එන්නෙ ඇයි? මල බද්ධය හරි නිතරම බඩේ හුලං පිරෙන එක හරි එක්ක මේ පිරෙන වාතය එලියට යන්නෙ නැතුව ඇග පුරා ගමන් කරනවා .වාතයට පුලුවන් ඇග පුරාම බ්ලොක් හදන්න. අපේ ශරීරයේ හැමදේම වගෙ ප්‍රවාහනය වෙන්නෙ නාල පද්ධතියක් හරහා .මේ නාල බ්ලොක් උනාම ඒවගෙන් වෙන්න ඕන ක්‍රියා ව වෙන්නෙ නෑ. එතකොට මුත්‍රා හරියට පිට නොවීම, ආර්තව රුධිරය හරියට පිට නොවී බ්ලොක් වීම, මල පහ පිට නොවීම වගෙ ගොඩක් කාරණා වෙන්න පුලුවන් . 🫰 ඒවගෙම තමා මේ වායුන් අපේ හන්දි වල එකතුවෙලා එක එක තැන් රිදෙන්න ගන්නවා. මේක නිකම්ම හුලං ගොඩක් නෙවෙයි. අපිරිසිදුයි. මොකද එලියට යන්න ගිය එකක් තමා මේ එලියට නොයා ඇග පුරා කැරකෙන්නෙ.එහෙම උනාම අපේ ඇගට මහන්සි තෙහෙට්ටුයි මහා බර ගතියක් දැනෙන්වා. අඩු වයසෙන්ම ආච්චියෙක් , සීයෙක් වගෙ දැනෙන්න ගන්නවා 😀 ස්ක්‍රීන් ශොට් එකෙ කතාවෙ අන්තර්ගතය ඒක 🚫🚫🚫🚫 ඉතින් මේ දවස් වල එයාට නම් ප්‍රතිකාර කෙරෙමින් යන්නෙ. හොද උනාම එයාගෙ ප්‍රතිචාර දාන්නම්.. අපි මෙහෙම දෙයක් හදුන ගත්ත ගමන් ඒකට ප්‍රතිකාර පටන් ගන්න එකෙන් අපේ කාලෙ ඉතිරි වෙලා ඉස්සරහට හැදෙන්න පුලුවන් ආතරයිටිස් වගෙ ලෙඩ ගොඩකින් බේරෙන්නෙත් පුලුවන් කම තියනවා ❤️❤️❤️ සටහන Dr. Rasanjana Ilangkoon BAMS ( University of Kelaniya ) HarithaAyur Healthcare Ganemulla Contact via whatsapp 0703482814

👍 ❤️ 🙏 24
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/16/2025, 4:42:32 AM

ඇග උෂ්ණ යි කියන එක හොයාගන්නෙ කොහොමද අහන අයට.. ‼️‼️‼️‼️‼️ Body heat වැඩි නිසා වෙන සම වියලීමේ තත්වය. ගොඩක් දෙනෙක්ට ඇග උෂ්ණද නැද්ද කියන එක හිතාගන්න අමාරුයි.. ඇග උෂ්ණ එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. 🙂 🌙සමහර අයට ගැස්ට්‍රයිටිස් එක්ක ඇග උෂ්ණ එක පෙන්නුම් කරනවා. 🌙ඇගේ සමහර ස්ථාන විශේෂයෙන් ම යටි පතුල් සම වගේ තැන්වලට ගොඩක් දහදිය දාන්න ගන්නවා. 🌙ඒ තැන් දැවිල්ලයි සහ ගින්දර පිටවෙන රස්නෙ ගතියක් තියෙනවා. 🌙තද ඔලුවෙ කැක්කුම් ඇතිවෙනවා. 🌙නිතර ම කටේ තුවාල හැදෙනවා. 🌙සමහරවිට කටේ අමුතු දුගදක් එනවා 🌙හම ගොඩක් වියලෙන්න ගන්නවා. මෙන්න මේ හම වියලෙන්න ගන්න එක වෙන්නෙ ඇගේ උෂ්ණ ගතිය වැඩිනිසා කියලා ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. හැබැයි ඔයලා නොහිතන දෙයක් මේ අසාමාන්‍ය විදියට ඇග වේලෙන එක හම අදුරු පාට වෙන එක එක්ක සිද්ධවෙනවා මේ විදියට හම අදුරු වෙලා වියලෙන්න ගන්නෙ ඇයි.?? 😑 අපේ ශරීරයේ හැමතැනටම උෂ්ණත්වය එක විදියට අරගෙන යන්නෙ රුධිර සංසරණ පද්ධතියෙන්.. ලේ එක්ක තමයි හැමදේම ඇග පුරාම යන්නෙ. එතකොට ඔයා කන බොන දේවල් වල තියෙන hot and spicy දේවල් , හිතුමතේට බොන දේවල් (coke, sprite) නිසා ඔයාගෙ ලේ වල ආම්ලික ගතිය වැඩිවෙනවා, ලේ වල පිත ස්වභාවය ඉහල යනවා ඒ වගේම මේ කෑම බීම වල තියෙන අධික ලුනු රසකාරක විෂ මේ ඔක්කොම ලේ වලට එකතුවෙලා ඇග පුරාම ගමන්කරනවා. කාලයක් තිස්සෙ වෙන මේ දේවල් එකපාරටම තමයි ඇගට බලපාන්න ගන්නෙ. මේ හින්දා බොඩි ලෝෂන් එකකට වත් පාලනය කරගන්න බැරි විදියට ඇග ඇතුලෙන්ම වියලි සහ උනුසුම් වෙන්න ගන්නවා.🤒 දැන් ගොඩක් වතුර බොනවා කීවත් යම්කිසි කාලෙක දි වතුර තිබහ හිතාමතා ම මග ඇරපු ඒවා ගැස්ට්‍රයිටිස් ගැටලු ඒවා හොඳ කරගන්නෙ නැතිව ඉන්න එකෙන් ඔයාගෙ බාහිර සමට ලොකු බලපෑමක් වෙනවා.🥺 ඒ වගේ දීර්ඝකාලීන ගැටලුවකින් පෙලෙනවා නම් ගැස්ට්‍රයිටිස් රෝගය තියෙනවා නම් හම ගොඩාක් වියලි නම් ඒකට හරියට ප්‍රතිකාර වලට යොමුවෙන්න.. බොහොම සාර්ථක ව මේ තත්වෙ සුව කරගන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වලින්.. සටහන - ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන් BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය ) හරිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ගණේමුල්ල. 0703482814 හරහා whatsapp පණිවිඩයක් යොමුකර සම්බන්ධ වන්න..

❤️ 👍 🙏 32
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/9/2025, 4:47:00 AM
Post image
👍 🙏 3
Image
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
6/5/2025, 4:52:57 AM
Post image
❤️ 16
Image
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
2/18/2025, 5:31:54 AM

සමේ වියලි බව සහ උෂ්ණ රෝග සුව කරන මුගුනුවැන්න කොල කැඳ .. මුගුනුවැන්න ස්වභාවයෙන්ම සිසිල් ගුණ ඇති ශාකයක්.. ඒ නිසා සෙම් ස්වභාවය තියෙන අය නම් මේ කැඳ වර්ගය පාවිච්චි කරනකොට ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙනවා.. මුගුණුවැන්න කොල කැඳ හදන්නෙත් අපි සාමාන්‍යයෙන් කැඳ හදන විදියටම තමයි.. මේ කැඳ එකට අමුඉගුරු ටිකක්, කරපිංචා ටිකක් ,සුදුලුනු ටිකක් , වගේම සූදුරු මාදුරු එකතුකරන එකෙන් මේකෙ රස සහ ගුණ ඉහල යනවා. මුගුනුවැන්න කැඳ වලින් ඔබේ ශරීරය සිසිල් කරනවා.. මලපහ පිට කිරීම පහසු කරනවා.. ඔබේ ස්නායු පෝෂණය කරනවා.. ඒ කියන්නෙ ස්නායු දුර්වල නම් සහ ස්නායු දුර්වල වෙන්න කලින් පාවිච්චි කරන්න පුළුවන් කැඳ එකක් තමා මේ මුගුනුවැන්න කැඳ කියන්නෙ. අපේ රුධිරය ආශ්‍රිත රෝග රක්තහීනතාවය නැත්තම් පාණ්ඩුව කියන රෝග තත්වය ට ගුණදායක වෙනවා. මුගුනුවැන්න ඇස්වලට ගොඩක් හිතකරයි..දේශීය වෛද්‍ය ක්‍රමය තුල අක්ෂි රෝග වලදි (විශේෂයෙන් ම ශරීරයේ උෂ්ණාධික බව එක්ක ඇතිවන අක්ෂි රෝග වලදි) මේ කැඳ ඖෂධයක් විදියට භාවිතා කරනු ලබනවා.. පිත් රෝග නිසා ඇතිවෙන දැවිල්ල සහ සමේ වියලි ස්වභාවය අඩුකරලා සම පැහැපත් කිරීම සිදුකරනවා.. එතකොට මේ කැඳ ගැන ලීවම ඔයාලට හිතෙනව ඇති මුගුනුවැන්න මැල්ලුම් කන එක ඊට වඩා පහසුයිනේද කියලා.. කැඳ කියන්නෙ ආහාරමය ඖෂධයක් .. එතකොට ඒකෙන් එන ගුණදායක බව මුකුනුවැන්න මැල්ලුම ආහාරයට ගන්න එකෙන් එන්නෙ නෑ කියලා තමා එතකොට කියන්න වෙන්නෙ. 😊 ආහාරයක් සකස් කරන ආකාරය අනුව ඒකෙ ගුණ අගුණ හැම වෙලේම වෙනස් වීමට ලක්වෙනවා.. එහෙනම් මුගුනුවැන්න කැඳ එකක්ත් රස බලමු.. ඔබ සැම නීරෝගී වේවා ❤️ සටහන Dr.Rasanjana Ilangkoon BAMS( University of Kelaniya ) Harithayur Healthcare Ganemulla Contact via whtsapp for more information 0703482814

❤️ 👍 😂 🙏 122
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
2/27/2025, 4:58:57 AM

ගැස්ට්‍රයිටිස් කියන ලෙඩේ ගැන අපි හැමෝම වගෙ දැනුවත්.එ උනත් ඒක ඒ තරම් ගනන් නොගෙන ඉන්න පුලුවන් කියලා ගොඩක් අය හිතනවා. ලෝක ජනගහනය ගැන ගත්තොත් ඒකෙන් බාගයක්ම (2021 වාර්තා අනුව දල වශයෙන් 50.8% ක් ) මේ රෝගී තත්වයෙන් පෙලෙනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේදි එන අතුරු ප්‍රතිපල අපි හිතනවට වඩා වැඩියි. අපේ ආමාශය සහ අන්ත්‍ර ආශ්‍රිතව වායු නිෂ්පාදනය වැඩි විම , අම්ල ක්‍රියාකාරිත්වය වැඩි වීම එක්ක ඉහලට එන්නෙ ආම්ලික තත්ව සහ දූෂිත වායූන් වල එකතුවක්. 🍀 acid reflux තත්වය එක්ක . මේ විදියට අන්නස්‍රෝතය දිගේ උඩට එන්නෙ ආමාශයික යුෂය . මේක අපිට තිත්ත හෝ ඇඹුල් රසට ඇතැම් විට දැනෙන්න ගන්නවා. ( අපි සරලව කියනවා ඇඹුල් රසට උගුරට එන එක , ආමාශෙය්න් උඩට යම් දෙයක් දියරයක් එනවා වගෙ දැනෙන එක කියලා ) දත්වල එනැමලයට හානි වීම සිදුවෙනවා.. acid reflux එක දිගටම තියන එකෙන් මීට වඩා ලොකු හානි වෙන්න පුලුවන් කම තියනවා.ඒ ගැන අපි වෙන ලිපියකින් කතා කරමු. 🍀කාලයක් ගියාම මේ නිසා දත් දිරායාම නරක් වීම වෙන්න පුලුවන් කම තියනවා. ඒ වගෙම ඉතා ඉක්මනින් දත්වල මැලියම් බැදෙන්න ගන්නවා. 🍀 කටෙන් දුර්ගන්ධයක් හමන්න ගන්නවා. සමහර අයගෙ විදුරුමස් දියවෙලා නරක් වෙන්න ගන්නවා. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තියනකොට අපිට පෝෂණ ඌනතා ඇතිවෙන්න ගන්නවා. අපි කන කෑම අපිට හරියට ඇගට අල්ලන්නෙ නෑ කියන්නෙ අන්න ඒක සිදුවෙනවා. මේ නිසා අපෙ ශක්තිය අතින් දුර්වලයි , ඒ විතරක් නෙවෙයි විටමින් B වගෙ විටමින් වර්ග හරියට අවශෝෂණය නොවීම එක්ක මුඛය හා අදාලව ගොඩක් රෝගී තත්ව එන්නන් පුලුවන්කම තියනවා. ඉතින් මේ හින්දා ගැස්ට්‍රයිටිස් කියන්නෙ එක එක දේවල් කරලා යට යවලා තියාගන්න පුලුවන් විදියෙ ලෙඩක් නෙවෙයි . ප්‍රතිකාර කරලා සුව කල යුතු රෝගයක්.. ඒ නිසා වඩාත් අපහසු මට්‍ටම් වලට යන්න නොදී මේ රෝගය සුවකරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. සටහන Dr.Rasanjana Ilangkoon BAMS( University of Kelaniya) Harithayur Healthcare Ganemulla Contact via whatsapp 0703482814

❤️ 👍 😢 60
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
2/15/2025, 5:38:25 AM

අධික උනුසුම නිසා ඇස් දැවිල්ල සහ ඇස් උණුසුම් වීම මේ දවස්වල තියන දෙයක්.අපේ අක්ෂි සම්බන්ධ ව තියන අපේ පෙනීමට උදව් කරන ආලෝචක පිත අපේ ඇස් ආශ්‍රිතව තියනවා. අපේ ශරීරයේ උෂ්ණත්වය අවට පරිසර උෂ්ණත්වය ඉහල යාම නිසා ඇස් වියලීම, වේදනාව, කදුලු ග්‍රන්ථි වියලීම, ඇසිපිය සලන විට දැනෙන වේදනාව හා අපහසුව ඇතිවෙනවා. සරල අභ්‍යාසයක්.. ☘️උදෑසන අවදි උනාම කට පිරෙන්න සිසිල් වතුර ටිකක් අරගෙන මිනිත්තුවක් දෙකක් විතර ඉන්න. ඒ අතරෙ සිසිල් ජලයෙන් ඇස් තෙමන්න. පලවෙනි වතුර ටික අයින් කරනකොට එ වතුර උනුසම්ව කටින් අයින්වෙනවා ඔයාලට දැනෙනවා.මේ විදියට කීප පාරක් කටේ වතුර පුරවන් ටිකක් වෙලා ඉන්න ගමන් ඇස් වතුරෙන් තෙමන එක කරන්න. වාර කීපයක් කරනකොට ඉවත් වෙන ජලයේ උනුසුම් බව නෑ කියලා ඔයාලට දැනෙනවා.ඇස් වලට සිසිලසකුත් දැනෙන්න ගන්නවා. මේ අභ්‍යාසයෙන් අයින්වෙලා යන්නෙ ඇස් වල උණුසුම. ඇස් වල උෂ්ණ ස්වභාවය. නිතරම ස්ක්‍රීන් වල ඉන්න නිසාත් ඇස් වලට විවේකය අඩුයි. විවේකයක් තියන වෙලේට ඇස් යටින් තියන්න අල පෙත්තක් වගෙ දෙයක් පාවිච්චි කරන්න. ඒකෙන් ඇස් සිසිල් කරගන්න පුලුවන් . ඇගේ උෂ්ණාධික බව වැඩිවෙලා ඇස් දැවිල්ල එක්ක ඇග දැවිල්ල එනවා නම් ඒක දීර්ඝකාලීන ව තිබ්බොත් ඇස් වල පෙනීමට ඒක බාධාවක් වෙනවා. ඇස් වල විවිධ රෝග තත්ව එනවා. අධික පිත වගේම අධික සෙමත් ඇස් වල පෙනීමට බාධා ඇතිකරන දේවල්. ඒ වගෙ තමන්ට පාලනය කරගන්න බැරි අවස්ථාවලදි ප්‍රතිකාර වලට යොමුවෙලා ඒක සුව කරගන්න. පහුකරන්න යන්න එපා. නිසි ප්‍රතිකාර වලින් මේ හැම තත්වයක්ම සුව කරගන්න පුලුවන් කම තියනවා. සටහන Dr. Rasanjana Ilangkoon BAMS( University of Kelaniya) Harithayur Healthcare Ganemulla Contact via whatsapp 0703482814

❤️ 👍 🙏 😮 80
Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
2/13/2025, 4:28:32 AM
❤️ 👍 19
Link copied to clipboard!