Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
January 21, 2025 at 04:15 AM
ඔයාලගෙ request එකකට මේක ලියන්න හිතුවා.. දියවැඩියාව රෝගය තියනව නම් කන්න හොද කොහොමද පලතුරු වර්ග ☘️ අත්තික්කා , බෙහෙත් නෙල්ලි, දොඩම් ,, නාරං , ඇඹරැල්ලා, අලිපේර, පේර එලවලු වර්ග🍀 කෙදි සහිත එලවලු වර්ග විශේෂයෙන්ම වැටකොලු, පතෝල, බණ්ඩක්කා, වට්ටක්කා, පුහුල් , දියලබු, කැකිරි,රාබු වගේ ආහාර දියවැඩියා රෝගීන්ට සුදුසුවෙනවා. අපි වැඩිපුර කෑමට නොගන්න කෙසෙල් බඩ ව්‍යංජනය, අලුකෙසෙල්, කෙසෙල් මුව වට්ටක්කා දලු, බතල දලු මේවා දියවැඩියාව රෝගය ට ඉතාම ගුණදායකයි. දියවැඩියාව රෝග තත්වයෙදි අපේ රුධිරයෙ සීනි මට්ටම ඉහල යාම විතරක් නෙවෙයි වෙන්නෙ. ඒක එක්ක එන අතුරුආබාධ ගොඩක් තියනවා .ඒ නිසා අපේ ආහාර වලින් ඒ හැම එකටම පිලියම් යෙදෙන්නත් ඕන. බත් - නාඩු සහල් වර්ග සහ දේශීය සහල් වර්ග වලින් කුරුලුතුඩ , පච්චපෙරුමාල්, කලු හීනටි, මඩතවාලු මේ සහල් වර්ග ඉතාම ගුණදායකයි. මේව කෑමට ගන්න අපහසු නෑ.මිලෙන් තරමක් ඉහල උනත් ගුණදායක බවින් ඉහලයි. විශේෂයෙන් මේ සහල් වල glycemic index එක අඩු නිසා සහ තන්තු ස්වාභාවය වැඩි නිසා සරලව කීවොත් ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් අගය මගින් බලන්නෙ ආහාර ජීර්ණය කිරීමේදි ග්ලූකෝස් කොයිතරම් වේගයකින් ශරීරය තුලට අවශෝෂණය වෙනවද කියන එක. ඔබ බොහොම කැමැත්තෙන් ආහාරයට ගත්තා උනත් සුදු සහල් වල මේ GI අගය හෙවත් GLYSEMIC INDEX එක ඉහල අගයක් ගන්නවා. නමුත් තැම්බූ රතු සහල් සහ සියලුම පාරම්පරික සහල් වර්ග වල මේ අගය ඉතා පහල අගයක් ගන්නවා ඊගාවට පලාවර්ග ගැන 🍀ගැටතුඹ කොල, තෙබු , කෝවක්කා කොල, තිත්ත අගුණ , කිරි අගුණ - මේවගෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය වෙනවා. 🍀පැශන් දලු සම්බෝලය - මේකෙන් දියවැඩියාව රෝගය එක්ක ඇතිවෙන්න පුලුවන් අධික රුධිර පීඩනය අඩුකරගන්න පුලුවන් . 🍀ඇඹරැල්ලා දලු, අත්තික්කා දලු - දියවැඩියාව රෝගීන්ගෙ රුධිරය හැමවිටම වගෙ දූෂිතයි. ඒ නිසා රුධිරය පිරිසිදු වෙන එක අත්තික්කා ගෙඩි කොල වලින් වෙනවා 🍀උදුපියලිය දලු - දියවැඩියාව නිසා එන අක්ෂි සම්බන්ධ රෝග වලක්වගන්න පුලුවන් . 🍀කැබැල්ල දලු- පෝෂණය අතින් ඉහලම එකක් නිසා 🍀 ලුනුවිල සලාදය - රුධිරගත ග්ලූකෝස් වැඩි උනාම අපේ ස්නායු වලට ඒක බලපානවා. ඒ වගෙම මොලය හා අදාලවත් ..මතක ශක්තිය තියාගන්න, ස්නායු වල ක්‍රියාකාරිත්වයට ලුනුවිල වැදගත් 🍀මොනරකුඩුම්බිය - රුධිරය පිරිසිදු වෙනවා වගේම, දියවැඩියාව නිසා වෙන හානිවලක්වන්න මේ ශාකයට පුලුවන් . දියවැඩියාව කියන්නෙ කල් ගත උනාම සුව කරගන්න අපහසු රෝගයක්. ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලත් සදහන් වෙනවා. නමුත් මුල් අවුරුදු කීපය තුල ඔබේ කැපවීම තියනවා නම් මට්ටු කරන්න පුලුවන් රෝගයක් තමා දියවැඩියාව කියලා කියන්නෙ. දෙවෙනි ලිපියෙන් හමුවෙමු. සටහන Dr. Rasanjana Ilangkoon BAMS ( University of Kelaniya ) HarithaAyur Healthcare Ganemulla Contact via whatsapp 0703482814
❤️ 👍 🙏 😂 125

Comments