Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
January 23, 2025 at 05:18 AM
කුඩා දරුවන්ගේ ශරීර බලය වඩන - ලුණු කැඳ සාමාන්‍යයෙන් පුංචි දරුවන් ඉන්න ගොඩක් අම්මලා දුක් වෙන කාරණාවක් තමයි දරුවන් පිටිකිරි ප්‍රතික්ෂේප කරන එක කියන්නෙ. නමුත් පිටිකිරි මගින් ගන්න බැරි විදියෙ පෝෂණයක් මේ ලුණු කැඳ කෝප්පෙකට දෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? ලුණු කැඳ කීවම හිතෙන්නෙ කිසිම වැඩකට නැතිදෙයක් කියලා උනත් උදේ ම බීමට ගන්න මේ කැඳ වීදුරුවෙ ශරීරයට අවශ්‍ය ලවණ වර්ග සියල්ලමත් පෝෂක සංඝටක ගොඩකුත් අන්තර්ගත වෙනවා. දරුවො කියන්නෙ කෑම කන්න අදිමදි කරන ජාතියක්නෙ. ඉතින් එහෙම දරුවන්ට පිටි කිරි එකක් දීල බඩ පුරවන එකෙන් වෙන්නෙ උදේ ආහාරය ගන්න කුසගිනි ඇතිනොවෙන එක. නමුත් ලුණු කැඳ එකක් බොන එකෙන් දරුවාගේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. ඒ වගේම ආහාර රුචිය , කුසගින්න වර්ධනය වෙනවා. මේ නිසා දරුවා කෑම ප්‍රතික්ෂේප නොකර ඉන්නත් පුරුදු වෙනවා. ලුණු කැඳ කියන්නෙ ආයුර්වේද වෛද්‍ය මතය අනුව නම් ආයුෂ, වර්ණය නීරෝගී බව කියන හැමදේම නොඅඩුව ලබාදෙන කැඳ වර්ගයක්. ලුණු කැඳ වලට අමතරව බත් කැඳ , සහ වෙනත් කොළ කැඳ වර්ගත් දරුවාගේ පෝෂණය සදහා ඔබට ලබාදීමේ හැකියාව තියෙනවා. පොඩි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් මේක ගුණයි. විශේෂයෙන් උණ හෙම්බිරිස්සාව හැදිලා ඉන්නකොට බර ආහාර වර්ග ගන්න එක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලෙ නිර්දේශ කරන්නෙ නෑ. ලඝු ආහාර ඒ කියන්නෙ පහසුවෙන් දිරවන ලුනු කැද වගෙ ආහාර ගන්න එකෙන් අපේ ශරීරයට උණ වගෙ වෛරස් තත්වයක් එක්ක සටන් කරන්න අවශ්‍ය හැකියාව ලැබෙනවා.ලංකාවෙ විතරක් නෙවෙයි ආසියාතික බොහෝ රටවල මේ විදියට කැද වර්ග මගින් තමා උණ හැදුන කාලෙ පහු කරගෙන යන්නෙ.ඉක්මනින් සුව වෙන්න ඕන නම් ලුනු කැද දිගටම බොන එක ගොඩක් සාර්ථක යි. සටහන ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන් BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය) HarithaAyur Healthcare ගණේමුල්ල Contact via whatsapp 0703482814 #health #healthy #healthyfood #ayurvedic #ayurveda #ayurvedalifestyle #healthyrecipes
❤️ 👍 😂 😮 92

Comments