Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
February 5, 2025 at 05:14 AM
පීනස , ඇතුලු සෙම් රෝග නිසා මුහුණ අදුරු වීම සිදුවෙන්න පුළුවන්.. ⛔⛔⛔ සෙම කියන්නෙ අපේ ඇගේ තියෙන්න ඕන දෙයක්.. සෙම නැත්තම් අපිට කෑමක් වත් හිරවෙන්නෙ නැතිව ගිලින්න බැරි වෙනවා.😊 හැබැයි මේ සෙම කෝප වෙලා නම් ඒ කියන්නෙ ඇගේ තියෙන්න ඕනවටත් වඩා සෙම තියෙනවා නම් අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ නලල, හිස ඇස් වලට පහල ප්‍රදෙශවල සෙම තැන්පත් වීම හින්දා සයනසයිටිස් හෙවත් කෝටරක ප්‍රදාහය , පීනස , ඉරුවාරදය වගේ රෝග තත්ව ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි රූපලාවණ්‍ය පැත්තෙන් ගත්තොත් සෙම මුහුන ආශ්‍රිත ව තිබීම හින්දා - කුරුලෑ ඇතිවීම -මුහුන කැසීම , නිසා නිතර ආසාදනයට ලක්වීම - ආලේපන වර්ග ගැල්වීමට නොහැකි වීම - බාහිර පරිසරයට නිරාවරණය උනායින් පසුව මුහුන තද අදුරු පැහැයක් ගැනීම -මුහුනට නිතර දහඩිය දැමීම -මුහුන හේතුවක් නොමැතිව කලු පැහැ වීම සහ වියලීම වගේ දේවල් වෙන්න පුළුවන් . ඒ ව්ගේම සෙම නිසා හිස කෙස් හැලීයාම , සුදු පැහැ වීම අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. එතකොට මේ සෙම හොඳ ටම හොඳ කරගන්න එක කරන්න ඕන.. ඒ එක්ක එන රූපලාවණ්‍ය ගැටලු වලට විසදුම ඒක. කෙනාගෙන් කෙනාට මේ හැමදේම වෙනස් වෙනවා.. ඒ වගේම සෙම පීනස තියෙනවා නම් හවසට නාන එක කොහෙත්ම සිදුකරන්න එපා.. සමහරවිට හේතුවක් නැතුව මූන එකඑක පාට වෙන්නත් අදුරු වෙන්නත් හේතුව සෙම පීනස මිග්‍රේන් වගෙ ඒව වෙන්න පුලුවන් .සමහර අයට ඇග උෂ්න එකත් එක්ක මේ ඔක්කොමත් තියනවා. එතකොට මුහුණ නිතරම dull ගතියකින් යුතු වෙනවා. අද සටහන ලියන්න හේතුව සෙම නිසා මූන අදුරු උන කීප දෙනෙක් සහ කුරුලෑ වදයෙන් දුක්වෙන කීප දෙනෙක්ගෙ ඉල්ලීමක්.. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රතිකාර හරි පිලිවෙලට කරගත්තොත් ඔය තත්වයෙන් අනිවාර්යයෙන්ම මිදෙන්න පුළුවන් කම තියෙනවා. සටහන - Dr. Rasanjana Ilangkoon BAMS( University of Kelaniya ) HarithaAyur Healthcare Ganemulla Whatsapp for online consultation 0703482814
❤️ 👍 😢 🙏 80

Comments