Dr.Rasanjana Ilangkoon
Dr.Rasanjana Ilangkoon
February 13, 2025 at 04:28 AM
අර්ශස් රෝගය සදහා බෙහෙවින් වැදගත් වන බෙහෙත් අනෝදා ශාකය.🌼 🌿බොහෝ විට නිවසක වගාවට යොමු නොවුනත් වතු පිටි ආශ්‍රිත ව සහ මාර්ග දෙපස හැදෙන වටිනා ශාකයක් තමයි බෙහෙත් අනෝදා කියන්නෙ. 🌿ලොකු ඉඩක් නොගෙන පදුරක් ආකාරයෙන් වවා ගන්න පුළුවන් මේ ශාකය කහ පැහැති අලංකාර මල් වලින් පිරී යනවා.. 🌿මේ ශාකයේ කොළ සියුම් බූවක් සහිතයි . අතින් ස්පර්ශ කරද්දි දැනෙන්නෙ ඉතා සුමුදු බවක්. 🌿පොඩි කාලේ සෙල්ලම් කරන්න ගන්න මේ ගහේ ගෙඩි අපි හදුන්වන්නෙ කොකිස් අච්චු කියලා.දැනටත් බෙහෙත් අනෝදා කියද්දි දන්නෙ නැති උනත් කොකිස් අච්චු ගහ කීවම බොහොමයක් දෙනෙක් මෙය අදුරගන්නවා.. 🌿ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මහා බලා හෝ අතිබලා කියන නම් වලින් බෙහෙත් අනෝදා ශාකය හදුන්වනවා. 🌿 මේ ශාකයේ හැම කොටසක්ම වගේ ඖෂධ සදහා යොදාගන්නවා. ශාකය ගැන ආයුර්වේදීයව විස්තර කළොත් ශීත වීර්යයෙන් යුතුයි. ඒ වගේම මධුර රසයෙන් යුතුයි.. වාතය සහ පිත ශමනය කිරීමේ හැකියාව තියනවා.. ඒ වගේම රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවකුත් තියනවා.. 🌿විශේෂයෙන් මේ ශාකයේ මුල් වල මුත්‍ර කාරක හැකියාව තියනවා.. එමගින් මුත්‍ර මාර්ගය ආශ්‍රිතව පවතින විවිධ රෝග අවස්ථා වලදී ඖෂධයක් විදියට මේ ශාකය යොදාගන්නවා.. 🌿සමේ ඇතිවන විසර ගෙඩි , වණ ආදිය පැසවා සැරව ඉවත් කිරීමේ හැකියාවත් ඒ සමේ වණය හෝ තුවාලය සහිත තැන තිබෙන මැරුණු සෛල සහ ආසාදිත සෛල කොටස් ඉවත් වීම මේ ශාකයේ සාරය මගින් සිදුවෙනවා.. 🌿සැරව ගෙඩියක් හෝ සැරව සහිත තුවාලයක් පැසවා ඉවත් නොවෙන විටක මේ ශාකයේ කොළ ආලේපයක් විදියට යෙදුවොත් එය ඉවත් වී ඔබට පහසුවක් ගෙන දෙන බව අත්දැකීමෙන් ම ඔබ දන්නවා ඇති. 🌿ඒ වගේම වර්තමානයේ බහුල රෝගයක් වන අර්ශස් රෝගය සහ ඒ වගේම ඇතිවන ආහාර මාර්ගය ආශ්‍රිත රෝග වලදි අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාර අතරට අනිවාර්යයෙන් ම ඇතුලත් වෙන ශාකයක් බවට බෙහෙත් අනෝදා ශාකය පත්වෙලා තියනවා 🌿අර්ශස් රෝගය දි ඇතිවන පීඩාකාරී ගෙඩි බාහිරින් තැවීම සදහාත් සේදීම සදහාත් බෙහෙත් අනෝදා කොළ තැම්බූ ජලයත් එම කොළ වලින් සාදාගත් තැවිලි පොට්ටනිත් භාවිතා කරනවා.. මේ සදහා තවත් ඖෂධ වර්ග එකතු කරගන්නත් පුළුවන්.. 🌿බෙහෙත් අනෝදා කොළ කැඳ හීනටි සහල් සමග පිස ගත් විට ඉතාම රසවත් වගේම අර්ශස් රෝගය සදහාත් ගුණ දායක වෙනවා.. නමුත් මේ ශාකය ශීත ගුණයෙන් යුතු එකක් නිසා ඔබ සෙම් රෝග වලින් පීඩා විදිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා.. 🌿කළවම් මැල්ලුම් සදහාත් මේ කොළ යොදාගන්න පුළුවන්... අර්ශස් වැනි රෝගයක් සදහා ආයුර්වේද ප්‍රතිකාර ලබන අතරතුර ආහාරමය ඖෂධයක් විදියට මෙය යොදාගන්න පුළුවන්.. 🌼මෙහි කහ පැහැති මලත් සමේ රෝග වලදි ආලේපයක් විදියට යොදාගන්නවා.. විශේෂයෙන් ස්නායු පද්ධතිය, මුත්‍රා මාර්ගය ආශ්‍රිත ඇතිවන රෝග වලදී ප්‍රතිකාර ලෙස යොදාගන්න ශාකයක්.. 🌿නොදැනුවත්වම ඉවත් වී යන්න නොදී ගෙවත්තෙ ඔසු පැල එකතුවට බෙහෙත් අනෝදා ශාකයත් එකතුකරගන්න කියලා මතක් කිරීමක් කරනවා.. ඔබ සැම නීරෝගී වේවා... Dr. Malithi Ilangkoon BAMS(University of Kelaniya ) HarithaAyur Healthcare Ganemulla 0703482814 whatsapp අංකය හරහා ප්‍රතිකාර සහ උපදේශන සේවා සදහා යොමුවෙන්න.
❤️ 👍 😮 28

Comments