Dr.Rasanjana Ilangkoon
                                
                            
                            
                    
                                
                                
                                February 15, 2025 at 05:38 AM
                               
                            
                        
                            අධික උනුසුම නිසා ඇස් දැවිල්ල සහ ඇස් උණුසුම් වීම මේ දවස්වල තියන දෙයක්.අපේ අක්ෂි සම්බන්ධ ව තියන අපේ පෙනීමට උදව් කරන ආලෝචක පිත අපේ ඇස් ආශ්‍රිතව තියනවා. අපේ ශරීරයේ උෂ්ණත්වය අවට පරිසර උෂ්ණත්වය ඉහල යාම නිසා ඇස් වියලීම, වේදනාව, කදුලු ග්‍රන්ථි වියලීම,  ඇසිපිය සලන විට දැනෙන වේදනාව හා අපහසුව ඇතිවෙනවා.
සරල අභ්‍යාසයක්.. 
☘️උදෑසන අවදි උනාම කට පිරෙන්න සිසිල් වතුර ටිකක් අරගෙන මිනිත්තුවක් දෙකක්  විතර ඉන්න.  ඒ අතරෙ සිසිල් ජලයෙන් ඇස් තෙමන්න. පලවෙනි වතුර ටික අයින් කරනකොට එ වතුර උනුසම්ව කටින් අයින්වෙනවා ඔයාලට දැනෙනවා.මේ විදියට කීප පාරක් කටේ වතුර පුරවන් ටිකක් වෙලා ඉන්න ගමන් ඇස් වතුරෙන් තෙමන එක කරන්න. වාර කීපයක් කරනකොට ඉවත් වෙන ජලයේ උනුසුම් බව නෑ කියලා ඔයාලට දැනෙනවා.ඇස් වලට සිසිලසකුත් දැනෙන්න ගන්නවා. මේ අභ්‍යාසයෙන් අයින්වෙලා යන්නෙ ඇස් වල උණුසුම. ඇස් වල උෂ්ණ ස්වභාවය.   
නිතරම ස්ක්‍රීන් වල ඉන්න නිසාත් ඇස් වලට විවේකය අඩුයි. විවේකයක් තියන වෙලේට ඇස් යටින් තියන්න අල පෙත්තක් වගෙ දෙයක් පාවිච්චි කරන්න. ඒකෙන් ඇස් සිසිල් කරගන්න පුලුවන් .
ඇගේ උෂ්ණාධික බව වැඩිවෙලා ඇස් දැවිල්ල එක්ක ඇග දැවිල්ල එනවා නම් ඒක දීර්ඝකාලීන ව තිබ්බොත් ඇස් වල පෙනීමට ඒක බාධාවක් වෙනවා. ඇස් වල විවිධ රෝග තත්ව එනවා. අධික පිත වගේම අධික සෙමත් ඇස් වල පෙනීමට බාධා ඇතිකරන දේවල්. ඒ වගෙ තමන්ට පාලනය කරගන්න බැරි අවස්ථාවලදි ප්‍රතිකාර වලට යොමුවෙලා ඒක සුව කරගන්න.  පහුකරන්න යන්න එපා.
නිසි ප්‍රතිකාර වලින් මේ හැම තත්වයක්ම සුව කරගන්න පුලුවන් කම තියනවා. 
සටහන
Dr. Rasanjana Ilangkoon
BAMS( University of Kelaniya)
Harithayur Healthcare 
Ganemulla
Contact via whatsapp 0703482814
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                    
                                        80