
Royal College Polonnaruwa
February 7, 2025 at 04:36 AM
*අදට හැටයි!*
RMD නිළ මාධ්‍ය ආවර්ජනය
වර්ෂ 1965 දී , ගරු C.P ද සිල්වා මැතිතුමන්ගේ මූලිකත්වයෙන්, පැරකුම්බා සමුදුර නුදුරින් වූ අක්කර 54 පමණ විශාල භූමි භාගයක් තුළ , අති නවීන තාක්ෂණයක් යොදා ගනිමින් , පොළොන්නරුව පුරවරයේ සිටිනා සුවිශේශී හා දක්ෂතම දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා හා දැනුම නගා සිටුවීමට ත් හා සුදක්ෂයින් ලෝකයට විවර කරනා දොරටුවක් ලෙසින්ද ඇරඹූ *රාජකීය විද්‍යාලය* අද සිය අභිමාණවත් 60 වන සංවත්සරය සමරනුයේ ඉතාමත් ප්‍රීතියෙනි, ඒ අන් කිසිවක් නිසා නොව ගෙවී ගිය 60 වසර තුළ ම රාජකීයේ නිර්මාතෘ ගරු C.P ද සිල්වා මැතිදුන් විසින් මීට හැට වසරකට පෙර එනම් අද වන් දිනයකදී රාජකීය විදු මෑණියන් සිසු අයිතියට පවරමින් ඔහු දුටු සිහින ද සපත කරමින්ය. තවද එවන් වූ අභිමාණවත් රාජකීය මාතාව සිය හැකියාවන්,දැනුම මගින් මග පෑදූ දරුවන් එනම් අප රාජකීයන් ගෙවී ගිය හැට වසරක කාල පරිච්චේදය තුළදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ගේ සිට විවිධ ක්ෂේශ්ත්‍ර ඔස්සේ රටට වැඩදායි හා ලොවම දිනූ රාජකීයන් බිහි කර හා වර්ථමානය වන විටත් එම රාජකීය කාර්ෂ්‍යයේ නියැළෙමින් ඇත..
තවද රාජකීය මෑණියන් ගේ එම මගගු කාර්‍යට තම සේවයද අමිල ලෙස සපයන අප රාජකීයෙ වර්ථමාන නියමුවන් වන I.K.K රවිලාල් විජේවංශ අප විද්‍යාලාධිපතිතුමන් අප සිහිපත් කරන්නේ එවකට C.P ද සිල්වා මැතිදුන් රාජකීය තුළින් දුටු සිහින සැබෑ කිරීමට තම නොපසුබට උත්සහය ලබා දෙන්නාවූ ප්‍රධානම නියමුවා ලෙසය....
ගෙවී ගිය හැට වසරක කාලය තුළදී මෙන් තවත් චිරාත් කාලයකදීත් ලොවට වැඩදායි ගෘරවාන්විත හා අභිමාණවත් රාජකීයන් ලොවට දායාද කිරීමේ ප්‍රමුකතම තොවතැන්න අප රාජකීය වේවායි එක සිතින් පතමිණි......!
ඔබට අභිමාණවත් රාජකීය මැණියන්ගේ අශිර්වාදය!
රාජකීය මාධ්‍ය අංශය (RMD)
❤️
🙏
🥰
🥺
💜
😮
🧑🦼
179