Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
February 6, 2025 at 10:18 AM
//Non judgmental ගතිය ප්‍රයෝගික නෑ// කියන එක හොඳ තර්කයක්.👌 මොකද,මං කිව්වොත්... මම කිසිම දෙයක් #judge කරන්නෑ.මගේ හිත හරිම non judgmental කියල ඒක මහා විහිළුවක් වෙනවා. 😆 ඇයි? එහෙම දෙයක් ප්‍රයෝගික නෑ. හැම වෙලාවෙන්ම හිත judgmental සහිතයි.😊 හැබැයි මං කිව්වොත්.. //මේ judgmental ගතිය තුළ තියෙන අවුල මම දන්නවා.හිතේ ඒක වැඩකරන විදිය මට( #සතියට )පේනවා. ඒ හින්ද ප්‍රතික්‍රියාවට තියෙන හදිස්සිය, කලබලය කලින්ට වඩා දැන් හුගාක් අඩුයි. එතකොට,කලින් දේවල් සිද්දවෙන සහ දැන් සිද්දවෙන(දැනෙන) විදියේ අතර වෙනසක්‌ මට පේනවා. දැන් දැන්..හානිය හුඟාක් අඩුවෙන පැත්තට සිද්දීන් හැරිලා තියෙනබව පේනවා// අන්න එහෙම කිව්වොත් ඒ කතාවේ පොඩි practical ගතියක්... ක්‍රමානුකූල ලඟා වීමක් පේනවා.😍 😊❤️. ඉස්ෆන්
❤️ 👍 🙏 12

Comments