
Mindfulness ( සිහිය)
3.6K subscribers
About Mindfulness ( සිහිය)
සතිය හෙවත් සිහිය අපගේ දිවිය කරගමු. ජීවිතයේ අංක 1 කරගමු
Similar Channels
Swipe to see more
Posts

https://www.facebook.com/61554077907882/videos/1423715602100288/?mibextid=CTbP7E

සර්ට ගොඩක් පින් සිදු වෙනවා මේ කරන උතුම් ක්‍රියාවට. අවුරුදු 6කට ආසන්න කාලයක් මම හැම දේකින්ම මානසිකව කායිකව සමාජීය ලෙස දුක් විදමින් හිටියේ. පිලිතුරු සෙවුවත් මට ගොඩක් කල් ගියා ඒවාට පිලිතුරු ලැබෙන්න. ඉන්න තියෙන නිවස, විවාහය, අනෙකුත් හැමදේම නොසීතු විදියට නැතිවුනා.මම ප්‍රශ්න වලට පිලිතුරු හොයනකොට අහම්බෙන් නුවන් සර්ගෙ post එකක් දැක්කා.low of attraction page එහක.එදා ඉදන් මම සර්ගේ ලිපි බැලුවා.එතකොට සර් මේ මොහොත group එක හදලා තිබුණේ නෑ. කොහොම නමුත් මම මොන බාදක ආවත් සර් ව follow කලා. Subliminal ,paraminal, හදවතේ බාවනාව, දේශනා මේ හැමදේම කලා. සමහර අයට සර්ව හදුන්වා දුන්නා.එයාලත් සර්ව follow කලා. සමහර දේශනා කොයි තරම් ඇහුවත් මට තේරුනේ නෑ.sustsang දෙකකටත් මම සහබාගි වුනා. මොන බාධක ආවත් මම මේ ලිපි කියවන ඒවා ඔක්කොම බැලුවා. ඔය අතරතුර මට ඩිම්බකෝෂයෙ ගෙඩියක් ඇවිත් ශල්‍යකර්ම කරන්න තිබුනා. 2024.1.15 මට රෝහල් ගත වෙන්න තිබුනේ. 2024,1,14 වන දින නුවර satsung එක පැවැත්වුනා. මට ඒ අවස්තාවේ ඒකට සහබාගි වෙන්න මුදල් තිබුනනේ නෑ. එ වුනාට මම සර් ගැන කියලා මේ මාර්ගය follow කරමින් හිටියා මගේ යාලුවෙක්.ඒ අක්කා විදෙස් ගත වෙලා හිටියෙ. මම හිතුවෙ නැති විදියට එයා මට සල්ලි දුන්නා sutsang ekata යන්න.ඒ අක්කටත් ගොඩක් පින් මට මුදල් වලින් උපකාර කලාට.මම satsang එකට සහබාගි වුනා. සහබාගි වෙලා පහුවෙනිද රෝහල් ගත වුනා. ශල්‍යකර්ම කලා.මගේ දකුණු ඩිම්බකෝෂයම අයින් කරලා.පිලිකාවක් කියලා සැක හිතිලා. Biopsy report ආවම confirm කරලා කියන්නම් කිවුවා.මම ගොඩක් අවුල් ගියා හැබැයි sure එකක් නැති නිසා නිකන් හිටියා. රෝහලේ නිවසට ආවා. සතියක් විතර ගියාම Biopsy report ගන්න එන්න කිවුවා. මට ඩිම්බකෝෂ පිලිකාවක් කිවුවා.කොහෙටවත් පැතිරිලා නෑ. ඒ වුනාට chemotherapy ,radiation දෙන්න ඕනි කිවුවා.ගර්බාශය අයින් කරලා දාන්න ඕනි කිවුවා.මට හොදටම ඇඩුවා. පිලිකා සායනයටත් මාව දැම්මා. සම්පූර්ණයෙන්ම මම කඩන් වැටුනා. මම ගෙදර ඇවිත් මංජුල අයියට call කලා. මට බාවනවක් දුන්නා කරන්න.මම මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මානසිකව කඩන් වැටිලා හිටියේ. නුවන් සර්ට කතා කලා. සර් ටත් කිවුවා. බාවනාව මම මේ අතරතුර කරන්න පටන් අරන් තිබුනේ. සර් කිවුවා ජල නන්දන පිරිත කරන්න කියලා.අර බාවනාවෙන් මට සුවතාවයක් ලැබුනා.ජල නන්දන පිරිත කලාට පස්සේ ඔයාට වෙන්න ඕනි හොදම දේ වෙයි කිවුවා. මේ අතරතුර මම කොලබ ගියා doctor කෙනෙක් බලන්න. එයා කිවුවෙත් මට අර ටිකම තමා. මම දරුවෙක් හදන්න ආසවෙන් හිටියේ.ඒකත් නැති වෙනවා. මේ treatment නිසා.ඒක නිසා මම අවුලෙන් හිටියෙ. කරන්න දෙයක් නෑ. මේක මගේ ලැබීම කියලා මම හිතුවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනි මංජුල අයියව.හැම අවස්තාවකම මට උදව් උනා. ගොඩක් පිං මංජුල අයියට.කාලය කැපකරමින් කරපු උපකාර වලට.මම ජලනනදන පිරිත කියන්න පටන් ගත්තා.මට ගොඩක් බාදා ආවා.ඒ බාදා මැද තමා මේ පිරිත කියන්න පටන් ගත්තේ. මම පිරිත කියන්න ගත්ත පලවෙනි දවසේම මට වෙනසක් තේරුනා.උදේ ගාතා කියද්දී පොඩ්ඩක් අමාරු වුනා.ඒ වුනාට කිවුවා.රෑ ජලනන්දන පිරිත කියන් යනකොට අපහසුතා දැනුනා.10 වෙනි පාර කියනකොට මට කියාගන්න බෑ.මං තුලා අමනුෂ්‍ය බලවේගයක් ඇවිත් ඒ විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මංජුල අයියට call කලා අම්මා. අම්මා මාව ලග තියන් පිරිත කියවන්න පටන් ගත්තා. මම කවදාවත් හිතුවේ නැති විස්වාස කරපු නැති දෙයක්. හැබැයි මට සර්වත් මංජුල අයියවත් මං තුළ අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා කියලා කලින් කිවුවෙව්ත්,මම එහෙම දෙයක් ගැන හිතලා වත් තිබුනේ නෑ.මේ මම කියන්නේ ගොඩක් කෙටියෙන් මේ විස්තර තව බොහෝ දේවල් සිදු වුනා මේ කාලය තුල. දවස් හත බොහොම බාදාවන් මැද පිරිත කියල අවසන් කලා.අවසානෙට තිබුන අමනුෂ්‍ය බලපෑම ගියා.මේ පිරිත් පටන් ගැන්මේ සිටම නුවන් සර් ,මංජුල අයියා මාත් එක්ක්ම හිටියා. අවසනෙට මම doctor ගාවට හිටියා. Blood report ගත්තා ඒවත් normal.මම chemotherapy ,radiation කරන්න කැමති නෑ.doctor කිවුවා එහෙනම් මාස තුනෙන් තුනෙට scan,blood check කරලා පෙන්වන්න කිවුවා.මම ඒ වගේම කලා. Report ඔක්කොම normal.මගේ වම් පැත්තේ ඩිම්බකෝෂය ගෙඩියක් පොඩිවට අර ශල්‍යකර්මය කරනකොටම තිබිලා පොඩියට.ඒ වුනාට ඒල ඉවත් කරල තිබුනේ නෑ. මේ scan කරමින් යනකොට ඒ පැත්තේ ගෙඩිය ලොකු වෙලා තිබුනා. Doctor කිවුවා ඒක normal වතුර බිබිලක් කියල තියෙන්නේ අපි බලමුකෝ කියලා.මම මාස තුනෙන් තුනෙට check කරනවා. මේ මාසේ යනකොට ඒ ගෙඩිය නෑ. මම කිසිම බෙහෙතක් ගත්තේ නෑ.මටම පුදුමයි. මට මංජුල අයියා නුවන් සර් දෙන්නම කිවුවා එහෙම දෙයක් නෑ බය වෙන්න එපා කියලා.ඇත්තටම එහෙම දෙයක් නෑ. මට කියන්න තියෙන්නෙ අපි හිතනවා අපි මේ දකින දේවල් විතරයි ඊට වඩා දෙයක් නෑ. විදයාත්මක දේවල් විතරයි ඇත්ත. ඔහොම තමා මාත් හිතන් හිටියෙ. ඒ වුනාට නෑ. අපි හරිම පොඩ්ඩයි දන්නේ. අපිට නොපෙනෙන ලෝකවක් ඕනි තරම් තියෙනවා.ගොඩක් අය හිනා වෙයි. මේ මොන විකාරද කියලා.විස්වාස කරන්නේ නෑ මේවා.ඒකට කමක් නෑ එක්කෙනෙක් හරි මේක දැකලා තමන්ගේ ජීවිතය බේරගනී කියලා තමා මම මේක ලියන්නේ. කවුරු හරි කෙනෙක් කොයි තරම් උත්සාහ වන්තව දේවල් කලත් හරි යන්නේ නැත්නම් පවුල ආරවුල ,ලෙඩ හැදෙනවා නම්,නිතරම කේන්ති යනව න්ම් විවිධාකාර දරාගත නොහැකි ප්‍රශ්න නම් මම කියන්නේ ජලනන්දන පිරිත කියන්න නැත්නම් කොටගම හරි යන්න. මොකද අපිට හිතා ගන්නවත් බෑ අමනුෂ්‍ය බලපෑම් කරන විනාසයන්. දැන් තමා මට මේ මාර්ගයේ යන දේවල් පවා නියම විදියට තේරෙන්නේ. බලපෑම් තියෙනකම් තේරෙන්නේ නෑ. දැන් තමා මම මගේ ජීවිතය හදාගෙන යන්නේ. මොකද අමනුෂ්‍ය බලපෑම් නිසා නැතිවුන ගොඩක් දේවල් නැවත ගොඩනගාගන්න ගොඩක් අමාරුයි. හැකි තරම් නිර්මාංස වෙන්න.සසර ගොඩක් බයානකයි. නුවන් සර්ටත් මංජුල අයියටත් ගොඩක් පිං.

තමන්ගෙ ඇතුලෙ හොඳ මිනිහෙක් ජීවත් වෙන්නෙ නැත්නම් බලහත්කාරයෙන් හොඳ වෙන්න යන්න ඕනෙ නැ.... තමන්ගෙ ඇතුලෙ ජීවත් වෙන්නෙ නරක මිනිහෙක් නෙවෙයි නම් සමාජයෙ පොරක් වෙන්න බලෙන් නරක badass පොරක් වෙන්නත් යන්න ඕනෙ නෑ.... අවබෝධයෙන් තමන් හොඳ හෝ නරක වෙනකම් ඇඟ ඇතුලෙ ජීවිත් වෙන මනුස්සයාට ඇති තරම් කාලයක් ජීවත් වෙන්න අරින්න...... මොකද? තමන්ට අදාල නැති චරිතයක් රඟපාද්දි එන මහන්සිය එසෙ මෙසෙ නැ.... ඒකනෙ නළුවන්ට කෝටි ගණන් ගෙවන්නෙ...


අදෘශ්‍ය මාන බලවේග වලින් මිදීම 1 https://www.facebook.com/share/p/1264zoAmH5Y/ අදෘශ්‍යමාන බලවේග වලින් මිදීම 2 https://www.facebook.com/share/p/1BYaSEcNbH/

ඕනෑම අදෘශ්‍යමාන බලවේගවල බලපෑම් වලින් මිදෙන්නේ මෙහෙමයි............ ( අණ ..විණ..කොඩිවිණ..හදි හූනියම්...සහ භූත දෝශ සදහා...) Edited....... මුලින්ම කියන්න ඕන මෙම ක්‍රමය ගැන මීට කලින් අසා තිබුණත් එය මෙතරම් බලසම්පන්නයි කියා මම දැනගෙන හිටියෙ නැහැ..... ලඟදි අහම්බෙන් වගේ දැක්ක යූටියුබ් නාලිකාවක එක්තරා කපු මහතෙකු මේ ගැන කතා කරනවා දකින්නට ලැබුණා.....ඉන්පසු මම මේ ගැටලුව තිබුණු කීප දෙනෙකුට මේ ක්‍රමය දුන්නා අත්හදා බලන්නට කියා.....ප්‍රතිඵල නම් විශ්මිතයි.... මා උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරන නිසා සමහර අයගේ ගැටලු වලට මූලික හේතුව මෙම අදෘශ්‍යමාන බලපෑම්වල ස්වභාවයන් ගැන මට බොහෝ අත්දැකීම් තියෙනවා. මම කිසිම විටෙක මේවා සත්‍ය හෝ අසත්‍ය ලෙස හුවා දක්වන්නට යන්නේ නැහැ. එය ඔබේ තීරණයක්. ඔබේ නිදහස් චින්තනයට බලපෑම් කිරීමට මට කොහෙත්ම අයිතියක් නැහැ. මේවා පිළිබද අත්දැකීම් ඇති අයට සහ ප්‍රශ්න ඇති අයට පමණයි මේ ඉදිරිපත් කරන්නේ.... කට්ටඩි මහතුන් අතර සැඟවුණු කතාවක් තියෙනවා....."මේ දේවල් විශ්වාස කරන එකත් මෝඩයා..... විශ්වාස නොකරන එකත් මෝඩයා."........ කියා. එයින් අදහස් වන්නේ මේවා පවතින බවත්, තමන්ට ඒවායින් බලපෑම් එනවද කියා දැනගත් විට ඊට පිළියම් යොදා ඒවායෙන් මිදිය යුතු බවත් ඉන්පසු ඒවායින් ඉවත් විය යුතු බවත් නොවේද........? අපේ සමාජයේ නම් ඒවා පිළිගන්න එක ඕනෑවටත් වඩා වැඩියෙන් අල්ලාගෙන දේවාල වල පැලපදියම් වෙනවා දකින්නට ලැබෙනවා....සමහර අය හෙම්බිරිස්සාවක් හැදුණු විට පවා භූත දෝෂයක් යැයි සිතා දේවාල වලට දුවන අය බොහෝය....ඒවා ඔවුන්ගේ මානසික බෙලහීනකම්ය..... එසේම මේ කිසිවක් විශ්වාස නොකරන පුද්ගලයන්ද අදෘශ්‍යමාන බලවේග වල බලපෑම් නිසා අන්ත දුක් විඳින අවස්ථා මා බොහෝ දැක ඇත..... ඉතින් මගේ පෞද්ගලික මතය හා අත්දැකීම නම් අපට පෙනෙන්නේ..... ඇහෙන්නේ.... දැනෙන්නේ......එක්තරා සීමාවකට යි.... නමුත් ඊට උඩින් සහ පහළින් තවත් ස්වභාවයන් පවතී.... ඒවා අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ නැහැ.... එහිදී අප සොයා බැලිය යුතුයි විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විස්තර කරන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් මේ ගැන කුමක් කියැවෙන්නේ ද කියා..... මොකද ඒ තුලින් අපට මේ ගැන අදහසක් ගන්න පුලුවන් නිසා.... සමහර අය පවසන්න පුළුවන් බටහිර විද්‍යාවෙන් මේවා තාම ඔප්පු කර නැතැයි කියා..... ඒකට නම් ප්‍රධාන හේතුව අලුත් දැනුමෙන් සහ පර්යේෂණ ගැන ඔවුන් update වී නොමැතිකමයි. ඔවුන් තවමත් අසූ ගණන් වල පර්යේෂණ කර තබාගෙන ඉන්නා අයයි.... නැවතත් මං සියළුදෙනාටම පවසන්නේ මේවා ඔබම සොයා බලා තීරණයකට එන ලෙස.... එහෙම තීරණයකට ආවා කියලා මේවා පස්සෙන් ඔල්මොරොන්දම් වෙලා දුවන්න කියන එකත් නෙවෙයි. මොකද ඔබ යමක් තදින් විශ්වාස කරන්නේ නම් ඊට අනුරූපව මනස ඒ දේවල් මවා පෙන්වන නිසයි.... මෙය හරිම සංකීර්ණයි..... සමහර ගෙවල්වල ....ඉඩම් වල.... පුද්ගලයන්ට .... විවිධ අමනුෂ්‍ය දෝශ ඇතිවෙන්න පුළුවන්. මේ නිසා විවිධාකාර වූ රෝගාබාධ ......මානසික ගැටලු සහ පවුල් අතර ගැටුම් සහ නිතර හේතුවක් රහිත ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා..... ඔහොම කිව්වම හැම කෙනෙකුට ම අඩු වැඩි වශයෙන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා නේද ......එහෙම හැමෝටම අදෘෂ්‍යමාන බලපෑම් නැහැ.... කොහෙත්ම නැහැ..... එහෙම ගැටළු තියනවද කියා ඔබටම සොයා බලා ගත හැකි ක්‍රමවේද ඕනතරම් ඔබට youtube එකෙන් ඉගෙන ගෙන අත්හදා බලන්න පුලුවන්..... දේවාල සහ කට්ටඩියන් ගැන මුලින්ම ප්‍රවේශම් වන්න. තියෙන ප්‍රශ්ණ වලටත් වඩා..... මොකද විවිධ පටු අරමුණු ඔවුන් තුළ තියෙනවා..... ප්‍රධානතම දේ ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ බලය තව තවත් වැඩි කර ගැනීමට.... ඒ නිසා සමහර අය ළඟ ඉන්න බලවත් ඉෂ්ට දේවතාවන් ඔවුන් බැඳගන්නවා..... නමුත් අර පුද්ගලයා එය දන්නේ නැහැ.... ඊළඟට මුදල් සහ විවිධ අවශ්‍යතාවයන් ඔවුන් අරමුණු කළාම ඔබ එහි ගොදුරක් වීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි..ඒ නිසා මේ කිසිවක් නැතිව ඔබට ම එම දෝෂ ඉවත් කර ගැනීමේ ක්‍රමයක් දිගින් දිගටම මා සෙව්වා. මේ ක්‍රමවේදය පුද්ගලයන් කීප දෙනෙක් භාවිතා කළ අතර ප්‍රතිඵල විශ්මිත නිසා ඔබ සමග බෙදා ගත යුතුයි කියා සිතුනා..... මම දන්නවා බොහෝ විවේචන ඒවි.... තර්කයෙන් පමණක් ලෝකය දිහා බලන ඩේටා කඳු වගේ පුද්ගලයන්ගෙන්..... බැනුම් අහගෙන හරි මේවායෙන් පීඩා විදින එක්කෙනෙක් හෝ මුදවා ගැනීමේ අදහසිනුයි මේ ලිපිය පල කරන්නේ.... ඊට කලින් අපි බලමු මෙම ක්‍රමවේදය භාවිතා කළ කෙනෙකුගේ අත්දැකීම් කෙසේද කියා මේ ඇය මා වෙත ලියා එවූ කතාවයි................... මම සර්ගෙ ගෲප් group එකට join වෙලා දැන් මාස තුනක් වගේ වෙනවා. සර්ගේ ගෲප් group එකට join වෙන්න කලින් හරියටම අවුරුදු තුනකට කලින් විශාදය කියන රෝගයෙන් පීඩා වින්දා..... මට බබා ලැබෙන කොට trauma එකක් ආපු නිසා ගියපු හැම doctor කෙනෙක්ම කිව්වේ එකම දෙයයි. ඒක හොඳ කරන්න බෑ.දිගටම antidepressants ගන්න කියලා. අවුරුදු 3 ක කාලයට මම තුන් පාරක් sueside කරගන්න ගිහිල්ලා තියෙනවා වගේම බබාගේ බෙල්ල මිරිකන්න ගිහින් තියෙනවා. මගේ මහත්තයාට ගොඩක් වදවේදනා දීලා තියෙනවා. මගේ පෙර පිනකට මට මේ මොහොතේ අභිරහස ගෲප් එක හරහා නුවන් සර්ගෙ කෝච් යූ ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න ලැබුණා. මට sir කතා කරපු පලවෙනි දවසෙම ලොකු වෙනසක් දැනුනා.. කෝච් යූ ප්‍රෝග්‍රෑම් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා.ඒ දවසේ ඉඳන් මට non vegetarian කෑම අප්පිරියා වෙලාම ගියා. මං සර් කියපු විදිහට මේ මොහොතේ භාවනාව උදේ හවස විනාඩි 20 බැගින් පුරුදු කළා. සර්ගෙ හැම ලිපියක්ම දවසට දෙක බැගින් කියෙව්වා. මේ මොහොතේ ශරීරයට දැනෙන දැනීම් දිහා ගොඩක් උනන්දුවෙන් focus කරන්න try කරා.මුලින් මට ලොකු අපහසුතාවයක් දැනුනා. ඇත්තටම මේක මහ අමාරු වැඩක් කියලා හිතුනා. මං සර්ගෙ වචන විශ්වාස කළා. දිගටම ප්‍රැක්ටිස් කලා. හරියටම මාස දෙකහමාරක් වගේ යනකොට මාව ගොඩක් සුවපත් වුණා. ඇත්තටම මේ මමද කියලා මටම හිතගන්න බැරි තරමටම මාව මානසිකව දියුණු වුණා. හැබැයි දවසක් භාවනාවේදී මම කවුදෝ කෙනෙක්ව දැක්කා. ඊට පස්සේ මාව කලන්තෙ දැම්මා. මම සර්ට කතා කලහම කීවා මොකක් හරි දෝෂයක් ගෙදර ඇති. අපි ඕක අයින් කරගන්න ඕන කියලා. හැබැයි මට එදා ඒකට අවධානය දෙන්න බැරි උනා.දිගින් දිගටම විවිධ ප්‍රශ්න තිබුනා...පසුව සර් කිව්වා ජලනන්දන පිරිත 108 වාරයක් බැගින් දින හතක් එක දිගට පිරිත් කියන්න. පිරිත් කළය සහ දෙහි ගෙඩි හතරක් තියන්න. පස්සේ ගෙදර 4ක් කොනේ වළලන්න කියලා. මම සර් කියපු විදියටම කළා. 6 වෙනි දවසේ දෙහි ගෙඩියක් රතුපාට වෙලා තිබුණා. හත්වන දවසේ කළය හිල් වෙලා වතුර එළියට එන්න ගත්තා... දෙහි ගෙඩි වල දාලා කියපු විදිහටම කලා.. එදා ඉඳන් මට ලොකු නිදහසක් දැනෙන්න ගත්තා. මගේ ගෙදර ඉන්න අයගේ මානසිකත්වය ගොඩක් හොඳ වෙලා වගේ දැනෙනවා.ඉස්සර නිතරම කලබලකාරී කිසිම ඉස්පාසුපහසුවක් නැති ගෙදර එකවරම ශාන්ත වෙලා තියෙනවා දැනෙනවා...ඒක මට ලොකු සතුටක්...සර්ගේ වචන ඇත්ත කරමින් පසුදින් රෑ මං හීනයක් දකිනවා.සුදු ඇඳගත් කාන්තාවක් (ඇයව ගැටගසා තිබුනා ඇය මා ඒ සමඟ කතා කළා.) සර් කීවා ඇය වෙනුවෙන් දානයක් දී ඇයට පින් දීමට අවශ්‍ය බව. ජල නන්දන පිරිත ඇතුළු සියලුම පිරිත් මහානුභාවසම්පන්නබව,බුදුන්,බුදුගුණ,දෙවියන්වහන්සේගේ පිරිසිදු ධර්මය, තවමත් නුවන් sir වගේ ආශිර්වාදලද්දවුන් ගේ තුළින් මේ ලොව තුළ පවතින බවත් මම තේරුම් ගත්තා. ඉන්පසු නුවන් සර් කීව විදියට අපි නිවෙසේදීම දානයක් පිළියෙල කර ( සිහිනයෙන් දුටු කෙනාගෙ වයසට සමාන කෙනෙක්) පිළිගන්වා ඇයට ඇඳුම් පැළඳුම් ආදී දේවල් ලබා දුන්නෙමි. ඇය ගොඩක් සතුටු වී පින් අනුමෝදන් කළ අතර ඉන් දෙදිනකට පසුව රාත්‍රි නින්දේ දී කුඩා දරුවකු ඉතාම ලස්සන ඇඳුම් සහිතව ගේට්ටුවක් ඉදිරිපස ඉන්නවා පෙනුණි. අහපු විට සර් කීවේ ඇය පසුව හොඳ තැනක උප්පත්තිය ලබනු ඇති බවයි .(එම සිහිනෙන් කියවෙනවා ඇත්තේ) මගේ මහත්තයා කතෝලික වන අතර අප පවුලේ කිසිම කෙනෙක් මෙවැනි දේ විශ්වාස නොකරන නමුත් මෙම සිදුවීමෙන් පසු අප සියලු දෙනා ඉමහත් පුදුමයට පත් වුණෙමු. සියලු ගැටලු සඳහා පිළිතුරු බුදුන් වහන්සේ ඉතා පිරිසිදුව දේශනා කළ ඇති බව වැටහී බුදුන් කෙරෙහි ඉමහත් ගෞරවයක් ඇති වුණි. එමෙන්ම නුවන් සර් එම පිරිසිදු ධර්මය අප වෙත ඇසීමට සලසන බවත් එම මාර්ගය ඉතාම නිවැරදි බවත් මට සිතේ. සර්ට තව තවත් මෙවැනි කාර්යයන් කිරීමට ශක්තිය ලැබේවා යි එක සිතින් ප්‍රාර්ථනා කරමි. sir you are truly a blessing for everyone like me. love you so much.... උපුටා ගැනීම අවසානයි........................................................ ඇය ඉහත කථාව ලියා එවා ඇති කතාව සහ මට පැවසූ යම් යම් කොටස් විස්තර කිරීම මගහැරී තියෙනවා. ඇය මට පැවසුවා දින 7කට පසු දින තමන් හීනයක් දැක්ක බවත් කොන්ඩේ දිග නපුරු මුහුණක් තියෙන කාන්තාවක් හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දම්වැල්වලින් ගැටගසා තිබුණ බවත් ඇය ළඟට ගොස් ඒ සියල්ල තමන් ඉවත් කළ අතර එම කාන්තාවට මෙසේ පැවසුවා කිය..... ඔයාට ඔහොම උනේ ඔයාගේ හිත නිසා කියා...එවිට ඇය කේන්තියෙන් පුප්පමින් ඔරවමින් කෑ ගැසූ විට මැය බයවී නින්දෙන් ඇහැරිලා..... පසුදින මෙය මා හට පැවසූ විට මා කීවේ වැඩේ දැන් වැඩ කරලා තියෙන්නේ.... ඒත් එයා පව්.... එයාව හොඳ ආත්මයකට යවන්නට ඔබ උදව් කළ යුතුයි කියා... ඒ අතර ඇය පැවසුවා එයා හීනෙන් දැක්ක කාන්තාවගේ විස්තර කියද්දී සැමියාගේ ගෙදර අය හැඩහුරුකම් අසා පවසා ඇත්තේ සැමියාගේ නැන්දා කෙනෙක් මීට කලින් එම නිවසේ ජීවත් වී සිට ඇති බවත් පිළිකාවකින් ඈ මිය ගොස් ඇති බවත් ය. මා පැවසු ආකාරයට ඔවුන් ගමේ ඉන්නා සිල්වත් ...දුප්පත්... ..අසරණ ...කාන්තාවක් සොයාගෙන ඇය ගෙදරට කැඳවා ප්‍රණීත ආහාර පාන සහ ඇඳුම් ලබා දී ඇය සතුටු කොට මෙම කාන්තාවට පින් අනුමෝදන් කරන ලෙසයි.... ඔවුන් එලෙස කල අතර සිල්වත් කාන්තාව බොහෝ සෙයින් සතුටු වී තිබෙනවා. රසවත් ආහාර සහ විශේෂයෙන්ම ලැබුණු ඇඳුම් නිසා ඇය ඉතා සතුටට පත් වී තිබෙනවා. පසුව මහත් වූ ප්‍රීතියකින් අර මියගිය කාන්තාවට ඇය පින් අනුමෝදන් කර තිබෙනවා. මෙම සිදුවීමෙන් දින දෙකකට පසු අපගේ කතා නායිකාව රැයේ දී නැවතත් හීනයක් දැක තිබෙනවා. ඉතාම ලස්සන ගවුමක් ඇඳගත්තු පුංචි දැරියක් හිනාවෙමින් ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නව දැක තිබෙනවා.... ඇය පවසන පරිදි දැන් නිවස මෙතෙක් නොපැවති ආකාරයට ඉතාමත් සාමකාමී නිදහස් සහ ගෙදර ටිකෙන් ටික ආලෝකමත් ස්වභාවයක් කලින්ට වඩා තියෙන බව පවසා සිටියා.... ඒ වගේම ඇයගේ සැමියා සහ පවුලේ අනිත් අය මේ දේවල් විශ්වාස නොකළත් දැන් ඇති වී තිබෙන සාමකාමී තත්ත්වයෙන් ඔවුනද පුදුමයට පත්වී ඇති බවයි... ක්‍රමවේදය මෙයයි.............. .. දෙහි ගෙඩි හතරක් ගන්න.. .. මුහුදු වැලි කිලෝ එකක් හෝ දෙකක් ගන්න... .. නැවුම් මැටි කළයකට රෙදිකඩකින් හත් වතාවක් පෙරාගත් ජලය පුරවා ගන්න. ඒ සියල්ල බුදු පහනට යටින් මේසයක් මත තබා ගන්න.අතුරා ගන්න....සෑම දිනකම උදේ 6:00 ට පිරිසුදු වී බුදුන් වැඳ සියල්ල අවසානයේ සබ්බ පාපස්ස ගාථාව 108 වරක් සජ්ජායනා කරන්න...(පිරිත් කරන්න..) සෑම රාත්‍රියකම නමයට බුදුන් වැඳ සියල්ල අවසානයේ ජලනන්දන පිරිත 108 වරක් සජ්ජායනා කරන්න...(පිරිත් කරන්න) මෙසේ දින හතක් එක දිගට උදේ හවස කරගෙන යන්න...පටන් ගන්නා විට කෙම්මුර දවසකින් පටන් ගන්න......මෙම දින හත තුළ දී මස් මාළු ආදී පිලී ජාති නිවසෙන් සකස් නොකර සිටිනවා නම් ඉතා හොඳ යැයි සිතනවා... දින හතකට පසු පැන් කලයේ ජලය ගෙදර අයට පානය කරන්න දෙන්න ...ඉතිරි වන ජලය ගේ පුරා ඉසින්න.. මුහුදු වැලි ටික ගේ වටේ සහ ඉඩම පුරා ඉසින්න.... දෙහි ගෙඩි 4ක් ඉඩමේ මායිමේ හතර මුල්ලේ වළදාන්න ..... ඉන්පසු නැවතත් හත්වරක් පෙරා ගත් ජලය රැගෙන දින තුනක් පමන උදේ සහ රාත්‍රියේ දී තුන් සූත්‍රයෙන් පිරිත් කර ගේ ඇතුලේ සහ වටපිටාවේ ඉසින්න....... එපමණයි.......එය බලගතු ආරක්ෂාවක්....අවුරුදු කීපයක් යනකම් නැවත එවැනි බලපෑමක් එල්ල කරන්නට කාටවත්ම බැහැ..... මා අවසාන වශයෙන් පවසන්නේ මෙම ක්‍රමය ඉතාම බලගතු බවයි... මොකද බුද්ධ ශක්තිය ඇතුළත්ව ඇති ගාතාවල ශක්තිය තවමත් ගණනය කර නැහැ...දැන් ඔබටම එය අත් හදා බලන්නට පුළුවන්.මේ තුළින්...... ඔබේ මුදලුත් ඉතුරුවී..... රස්තියාදු නොවී.......කාලේ නාස්ති නොවී....අදෘශ්‍යමාන බලපෑමක් ඇත්නම් ඔබට එයින් නිදහස් විය හැක......අත්හදා බලා ප්‍රතිඵල අපටත් එවන්න.......

අපි හැම වෙලාවෙම නිවන තුල තමයි ජීවත් වුනේ, ඒත් ඒක දැනගන්න තරම් අපේ හිත් පිරිසුදු වෙලා තිබුනේ නෑ. අවිද්‍යාවෙන් හිත පිරිලා භාහිරව නිවන හොයන්න ගිහින් නිතරම අපි අතරමං වුනා, නිවන යනු බාහිර පරිසරයක්, ස්ථානයක් හෝ භෞතික අවස්ථාවක් නෙවෙයි. එය මනසේ පිරිසිදුව වැඩීම මගින්, දුක්ඛයේ මූලයන් තේරුම් ගැනීම සහ අවිද්‍යාව ඉක්මවා ගොස් මනසේ අභ්‍යන්තරයෙන්ම ලඟා විය හැකි මාර්ගයක්..🕊 ____________________________________________ "අත්තනො චොදයත්තානං, නං කො චොදයති අපරො? අත්තනා සුදන්තෙන, නිබ්බානං සච්ඡිකරීස්සති." "තමා විසින්ම තමාගේ සිත පිරිසිදු කර ගන්නේ නම්, අන් අය කවුරුන් විසින් පිරිසිදු කරන්නේද? ස්වයං දමනය කරන තැනැත්තා නිවන සාක්ෂාත් කර ගනී." _ධම්මපදය_
