
Mindfulness ( සිහිය)
February 6, 2025 at 12:28 PM
අපරිපූර්ණ ගතිය නැතිකිරීමට නානාප්‍රකාර ලෞකික උත්සාහයන් දරල ඒ හැම එකකින්ම ඒ අපරිපූර්ණ ගතිය, අඩුපාඩු සහිතබව, නොපිරුණු ගතිය වැඩිවෙනබව දැනගෙනයි මිනිස්සු ආද්‍යත්මය ඔස්සේ තමන්ව පූර්ණ කිරීමේ වැඩපිලිවලකට බහින්නේ.🙏එතකොට,
පූර්ණත්වය පිළිබද #මනෝමය #මිම්මක් අතේ තියාගෙන ගමන පටන්ගන්නවා.ඒ මිම්ම ලබාදී ඇත්තේ ගමනේ වැඩපිලිවල උනන්දු කිරීම පිණිස බව ඒ වෙද්දී හිත දන්නේ නෑ.😊
බොක්කෙන්ම බැහැල හිතේ වැඩපිලිවල නිරීක්ෂණය කරනවා. ඒ සදහා #සතිමත් වීමට ප්‍රමුකත්වය දෙනවා. එතකොට අර අපරිපූර්ණත්වය පිළිබද පුදුම අකමැත්තක් අතෘප්තියක් තියෙන්නේ. එතනයි පූර්ණත්වය පැත්තට තල්ලුව ලැබෙන්නේ.😍
සිතගෙන හොද අවදියක් තියෙද්දී තේරෙනවා....
// සමස්ත ගලනයක් වැනි සිද්දි මාලාවක් කොටස්වලට කඩමින් "උබ මම අරූ", "අරක මේක" කියාගෙන නම් දාගෙන මනාප අමනාප පහල කරමින් දිගට ගෙනියන අවිද්‍යාවේ වැඩපිලිවලයි මේක බව //
ඒ තේරුම් ගැනීම ගැබුරට යන්න යන්න තේරෙන තවදෙයක් තමා.. පූර්ණත්වය පිළිබද මිම්මත් මේ බොරුවේම කොටසක් කියන එක.සමස්ථ වැඩපිලිවල ගැන තේරෙන්න තේරෙන්න වැටහෙනවා...
//අපරිපූර්ණය හින්දයි පූර්ණත්වයට වටිනාකමක් ඇතිවුනේ,මෙච්චර දුර එන්න පුළුවන් උනේ සහ දැන් සමස්ථ ක්‍රියාවලියම බාරගන්න හැකිවුණේ කියල//
එතනදී #අපරිපූර්ණත්වයත් #පූර්ණත්වයේම #ලාබාල #අවස්ථාවක් හෝ
#පෙර #අවදියක් විදියට හිතට පේන්න ගන්නවා.
😍❤.
Isfan
❤️
🙏
9