Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
February 10, 2025 at 11:45 AM
ප්‍රශ්නය: මමෙක් නැත්තන් මම නැතිබව අද්දකින්නේ කව්ද? *** මම කියන හැගීම් හැමෝටම genuinely හැගෙන එකක්. ඒකෙදී අපි හැමෝම සමානයි. ඒ හැගීම බොරුවක් කියන්න පුළුවන් කමක් අපිට නෑ.ඒත්, සාසනයක්‌ පැවතින කාලෙකදී කෙනෙකුට දැනගන්න හැකිවෙනවා අපේ දුකට හේතුව මේ මමත්වයයි, ඇත්තටම මෙතන මමෙක් නෑ,ඒක තමාතුලින්ම දැකලා තේරුම් ගත්තාම මේ දුක නැති කරන්න පුළුවන් කියලා. සුතමය ඥානෙන් ශ්‍රද්ධාවෙන් ඒක පිළි අරගෙන ගුරු උපදෙස් සමග ප්‍රතිපදාව වැඩුවොත් ඒක එයාටම අද්දැකිය හැකි වෙනවා. කොහොමද? උදාහරණයක් විදියට සතිමත්ව වාඩිවී සිටීම කියන පුහුණුව ගමු.මම දැන් මෙතන ඉන්නවා කියන දැනීම(හොදින් බලන්න, දැනීම කියන්නේ හිතන එක නෙමෙයි දැනෙන එක )සමග ඉන්න උත්සාහ කළොත්. ඉන්න අමාරුයි ඒ සොභාවය තුළ ඉන්ද්‍රියන් පිනවන්න තරමට joy එකක් නෑ. නිකං ඔහේ බලාගෙන හිදීමට හිත තුළ කැමැත්තක් නෑ. එක ඒක කල්පනා පස්සේ යන්න හිත දගලනවා මොකද කිසිවක් නොකර වෙන දෙයක් දිහා බලාගෙන ඉද්දි හිතට පවතින්න බෑ. ගුරු උපදෙස් සමග අදිෂ්ටානය ඇතිකරගෙන කල්පනා පසුපස යන්නැතිව තමන්ට පනතියෙන බවට, කලන්තේ හැදිලා නැතිබවට, නින්ද ගිහින් නැතිබවට තියෙන ශාක්ෂිය සමග ඔහේ ඉන්න පුළුවන් නම්, නැති තැනෙන් තියෙන තැන හැදෙන එක දැක ගත්ත හැකි. මේ මොහොත තුළ ඉදගෙන කරන ප්‍රතික්‍රියා හරහායි අපි ඊළඟ මොහොත මවන්නේ. සතිමත් වෙන මොහොතතුල ප්‍රතික්‍රියා නොවෙන හින්දා හිත දැන් ඉන්න තැන ඉදලා හිත ටිකෙන් ටික පසු පසට ගමන් කරනවා ඉන්පසුව ඉන්නවද නැද්ද කියලා දන්නැති "මම" බොදවී යන තැනුත් පහු කරමින් නැති තැනට ලංවෙනවා. මෙතනට එන්න පෙර හිත බයවෙනවා. වැඩේ අත්තහරිලා නැගිටිනවා. සැක මතුකර ගන්නවා. ඒ හැමතනදීම ගුරුවරයා යෝගාවචරයාගේ හිත හදනවා. නැවත ලෑස්ති වෙලා යද්දී ඒ ප්‍රශ්නවලට නොසැලී ප්‍රතිපදාව තුළින් ඉදිරියට යන්න හැකිවෙනවා. කොහොම හරි ඉන්න තැන තැන ඉදලා නැති තැනට ගමන් කලාට නැති තැන පත් වෙන්න යද්දී ගැස්සී නැවත ඉන්න තැනට එනවා. එතකොට ගුරුවරයා කියනවා ජීවිතාශාව අත්හරින්න ලෑස්ති වෙලා යන්න කියලා. ඒකත් පුළුවන් වෙච්ච දවසක ඒ උත්තරීතර අද්දැකීමක ලැබෙනවා. සංසාර පුරාවටම පවත්වාගෙන ආපු දන්වැල කැඩෙනවා. ඒක ඉතා ප්‍රබල අද්දැකීමක්. එතන කිසිදු සැකයක් පහල වෙන් නෑ. ඊට පෙර මොහොත මම හිටියේ නෑ කියලා ඉතා ඉර හද වගේ දන්නවා. ඒක දැනගන්නේ ආපහු අලුතෙන් ඇතිවෙච්ව සිතුවිලි දන්වැලේ පළවැනි පුරුකටයි. එහෙම නැතුව නැති බව තුළ ඒබව දැනගන්න පුළුවන් කමක් නෑ. හැබැයි නැවත ඇති තැන මතුවෙද්දී දන්නවා. කලින් හිටියේ නැති තැනක බව. මේක අද්දැකපු කෙනාගෙන් ඇහුවොත් මමෙක් ඉන්නවද නැද්ද කියලා. එයා උත්තරයක් දෙයිද? මොකද මම ඉන්න තැනත් තියෙනවා නැති තැනත් තියෙනවා. නැති තැනෙන් මැවෙන මේ මැවීම ඉස්සරහට යන්නෙ අපි කරන ප්‍රතික්‍රියා වලින්. කායික වාචසික ප්‍රතික්‍රියා වලට මුල්වෙන්නේ මානසික ප්‍රතික්‍රියාව ඒ නිසයි අපතුල නොනැවතී යන සිතුවිලි වේගයක් හැම වෙලාවෙන්ම තියෙන්නේ. මේවා අද්දැකල චින්තාමය ඥානෙන් තේරුම් අරගන්න අරගන්න තවත් උප්පත්තියකට යන්න තරම් හේතු සැකසීම නතර වෙනවා. තියෙන ආයුෂ ගෙටගහගන්න අත්‍යයවශ්‍ය හේතුන් විතරක්‌ ඒත් සකස්වෙනවා. මේක කරල බලන්නෙ නැතුව කොච්චර තර්ක කරත් කෙළවරක් නෑ. ඒ නිසයි මේක ශ්‍රද්දාවෙන් පටන් අරං ප්‍රඥා වෙන් ඉවර කරනවා කියලා කියන්න ඇත්තේ. ඒ හින්දා කළයුත්ත මේකයි.. දැනට මේ ප්‍රතිපදාවේ ගමන් කරලා කෙළවරක්‌ දැක්ක කෙනෙක් කියලා තමන්ට දැනෙන කෙනෙක් ලගට ගිහින් තමන්ගේ හණමිටිය පැත්තක තියෙලා. ඒ උතුමන් කියන ටික මෝඩයෙක් වගේ කරන්න පුළුවන් නම් මේක කළ හැක්කක්. නැත්තන්... So sad😔 Repeated post : 4yrs ago ❤️🥰 Isfan
🙏 ❤️ 11

Comments