
Mindfulness ( සිහිය)
February 11, 2025 at 02:18 AM
තාප්පෙක පාප්ප ගාලා අලවල තියන පෝස්ටර්
ගාල තියන පාප්ප වල ඇලෙන ප්‍රමාණයට
සාපේක්ෂව ගලවන්න ලේසියි හෝ අමාරුයි.
ඒ වගේම තමා ඔබේ ඇලෙන(ගැටෙන)
ප්‍රමාණයට සාපේක්ෂව රිදෙන ප්‍රමාණය
අඩුයි හෝ වැඩියි.
උදාහරණයක් විදියට දෙන ලද මොහොතක
ඔබේ පුංචි මතයකට පාරක් වැදෙද්දී
ඇයි රිදෙන්නේ?
ඔබේ කැමති කෑමක්, යාලුවෙක් රහ නෑ
කියද්දී වගේ, හිත රිදෙන ස්වභාවය?
ඒ මොහොතේ ඔබ නියෝජනය වන්නේ ඒ
මතයෙන් නිසයි ඔබට රිදුනේ.
ඒ ඒ මොහොතට ඔබ යනු අදහසකි.
මේ අදහසට පාරක් වැදීම යනු
මරණ තර්ජනයකි.
ඒ රිදිල්ලේ තරම, කලින් කි ඇලෙන
ස්වභාවයට සාපේක්ෂයි.
මේ ඇලෙන්නා වූ මැලියම කීම?
එය නැති කරගන්නේ කොහොමද?
ගොඩක් අය මේකේ කෙලවර
කතා කරනවා. එකට අභියෝග කරන්න බැ.
මොකද කතාව හරි, නමුත් පොඩි
ප්‍රශ්නයක් තියනවා.
හැමෝටම ඒක තේරෙන්නේ නැ.
ඒකත් අර මලියමේ තරම නිසාමයි.
බන කියන අයත් දක්ෂ වෙන්න ඕන.
බුදුහාමුදුරුවෝ හැමෝටම
දාර පතන් බණ කිවේ නැනේ.
"අබ මිටක් ගෙනෙන්" වගේ ඒවත් කිවනේ.
ප්‍රයෝගික ජිවිතේ උදාහරණ
අරන් හදවතට දැනෙන විදියට
මේක කියන්න ඔබ දක්ෂ
නැත්නම් ඔබ කරන්නේ
ඔබ ලැබූ යම් අවබෝධයක් වේද
එය තවත් එක ෆැන්ටසි
දැනුමක් ලෙස සමාජ ගත කිරීම
විය හැකියි. අපරාදේ!
Roshan adhikari ( කේන්ද්‍රය)
❤️
🙏
12